හේකාර්බ් පීඑල්සී (HAYC), හේලීස් ෆැබ්රික් පීඑල්සී (MGT), තලවාකැලේ ටී එස්ටේට්ස් පීඑල්සී (TPL), හොරණ ප්ලාන්ටේෂන්ස් පීඑල්සී (HOPL) සහ සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී (SINS) එම සමාගම් වෙයි.
මෙම සමාගම් මගින් තනි තනිව නිකුත් කෙරුණු නිවේදනවලට අනුව ගෙවන සමස්ත ලාභාංශවල වටිනාකම රුපියල් 1,277,361,498ක් එනම් රුපියල් බිලියන 1.277ක් ලෙස සටහන්ව තිබේ.
මේ අතරින් හේකාර්බ් පීඑල්සී සමාගම (2025 මූල්‍ය වර්ෂය සඳහා තෙවැනි අතරමැදි ලාභාංශය) නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම ලබා දෙන ලාභාංශයේ වටිනාකම ශත 50කි. සමාගම මෙතෙක් නිකුත් කර ඇති කොටස් සංඛ්‍යාව 297,123,750ක් වන අතර, සමස්ත ලාභාංශ වටිනාකම රුපියල් 148,561,875 කි.
එසේම හේලීස් ෆැබ්රික් පීඑල්සී සමාගම (2025 මූල්‍ය වර්ෂය සඳහා තෙවැනි අතරමැදි ලාභාංශය) කොටසකට ශත 25ක් බැගින් ලාභාංශ ගෙවීමට තීරණය කර ඇති අතර, එය නිකුත් කර ඇති සමස්ත කොටස් ප්‍රමාණය වන 336,343,082 අනුව, සමස්ත ලාභාංශ වටිනාකම රුපියල් 84,085,770 කි.
තලවාකැලේ ටී එස්ටේට්ස් පීඑල්සී සමාගම (2025 මූල්‍ය වර්ෂය සඳහා දෙවැනි අතරමැදි ලාභාංශය) කොටසකට රුපියල් 2.50ක් බැගින් ලාභාංශ ගෙවීමට තීරණය කර ඇති අතර, එම සමාගම නිකුත් කර ඇති සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 47,500,000 අනුව සමස්ත ලාභාංශයේ වටිනාකම රුපියල් 742,809,375 කි.
හොරණ ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම (2025 මූල්‍ය වර්ෂය සඳහා දෙවැනි අතරමැදි ලාභාංශය) කොටසකට ශත 40ක් බැගින් ලාභාංශ ගෙවිමට තීරණය කර ඇති අතර, එම සමාගම මගින් නිකුත් කර ඇති සාමාන්‍යඡන්ද හිමි කොටස් 25,000,001 අනුව සමස්ත ලාභාංශයේ වටිනාකම රුපියල් 10,000,000 කි.
මීට අමතරව සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී සමාගම (2025 මූල්‍ය වර්ෂය සඳහා තෙවැනි අතරමැදි ලාභාංශය) සිය සෑම ඡන්ද හිමි කොටස්කරුවෙකු සඳහාම ශත 25ක් බැගින් ලාභාංශ ගෙවීමට තීරණය කර ඇති අතර, සමාගම මගින් නිකුත් කර ඇති කොටස් 1,167,617,912 අනුව සමස්ත ලාභාංශයේ වටිනාකම රුපියල් 291,904,478 කි.
මෙම හේකාර්බ් පීඑල්සී, හේලීස් ෆැබ්රික් පීඑල්සී, තලවාකැලේ ටී එස්ටේට්ස් පීඑල්සී, හොරණ ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සහ සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී එම සමාගම් හිමි හේලීස් සමූහය මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ 51%ක කොටස් හිමිකාරීත්වයක් සහිතය.
මේ අතරින් හේකාර්බ් පීඑල්සී, තලවාකැලේ ටී එස්ටේට්ස් පීඑල්සී සහ හොරණ ප්ලාන්ටේෂන්ස් පීඑල්සී ලාභාංශ ගෙවීම ජනවාරි 22 වැනිදාත්, හේලීස් ෆැබ්රික් පීඑල්සී සහ සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී ලාභාංශ ගෙවීම ජනවාරි 23 වැනිදාත් සිදු කිරිමට නියමිතය.
| enbsl



