The Leader News
BREAKING
Top Ad
Biz

දුම්කොළ සමාගමට වාසි විදියට බදු ප්‍රතිපත්ති තීරණය කරලා ! - රු. බිලියන 100ක් අහිමි වෙලා !!

T

The Leader Desk

January 24, 2025 • 5:17 AM

දුම්කොළ සමාගමට වාසි විදියට බදු ප්‍රතිපත්ති තීරණය කරලා ! - රු. බිලියන 100ක් අහිමි වෙලා !!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අලෙවිය සියයට 50කින් අඩුවෙද්දී දුම්කොළ සමාගමේ ලාභය සියයට 400කින් ඉහළට
  • එහි විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම් පවසන්නේ, මෙම බදු ප්‍රමාණය තීරණය කිරීම හරහා දුම් වැටි අලවිය සියයට 50කින් පමණ අඩු වුවද දුම්කොළ සමාගමේ ලාභය සියයට 400කින් පමණ ඉහළ ගොස් ඇති බවය.
  • "2023 වසරේ සුරා බද්ද 20%කින් වැඩි වුණා.
  • ඒ කියන්නේ තිබුණු ආදායම 7%කින් වැඩි වුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

නිසිපරිදි බදු තීරණය නොකිරීම හේතුවෙන් පසුගිය වසර 5ක පමණ කාලය තුළ සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 100ක පමණ මුදලක් රටට අහිමිවූ බව මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

එහි විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම් පවසන්නේ, මෙම බදු ප්‍රමාණය තීරණය කිරීම හරහා දුම් වැටි අලවිය සියයට 50කින් පමණ අඩු වුවද දුම්කොළ සමාගමේ ලාභය සියයට 400කින් පමණ ඉහළ ගොස් ඇති බවය.

"2023 වසරේ සුරා බද්ද 20%කින් වැඩි වුණා. එහිදී දුම්වැටි බදු ආදායම රු.බි. 7.7ක්. ඒ කියන්නේ තිබුණු ආදායම 7%කින් වැඩි වුණා. මධ්‍යසාර බදු ආදායම 7%කින්... ඒ කියන්නේ රු. බි. 11.6කින් වැඩි වුණා. බදු ආදායම වැඩි වුණා... භාවිතය අඩු වුණා. ශුද්ධ මධ්‍යසාර ලීටර මිලියන 8.3කින් භාවිතය අඩු වුණා. දුම්වැටි ඒකක මිලියන 521.5කින් අඩු වුණා. 

මේ සමස්ත බදු වැඩිකිරීම තුළ දුම්කොළ සමාගමට රු මිලියන 7,000ක විතර අමතර ලාභයක් ලැබිලා තිබෙනවා. මේ වෙන්නේ බදු වැඩි කිරීම තුළින් මිලක් තබාගන්න ඉඩක් ලැබෙන එක."

"මීට අවුරුදු 10කට කලින් දුම්වැටි මිලියන 4,800ක් විතර අලෙවි වුණා. අද වනවිට වසරකට දුම්වැටි අලෙවි වන්නේ මිලියන 2,200ක් වගේ. ඒ කියන්නේ 50%ක අඩුවීමක්. ඒත් දුම්කොළ සමාගමේ ලාභය 400%කින් 500%කින් වැඩි වෙනවා. 

2009 සිට දුම්කොළ සමාගමට වාසි විදියට බදු ප්‍රතිපත්ති තීරණය කරනවා. ඉතින් ඔවුන් ලාභ ලබනවා. ආයෙත් ඒ මුදල් දුම්වැටිවලට අපේ දරුවන් හුරු කරවන්න කැම්පේන්වලට යොදවනවා.

 

සමස්ත බදු ආදායමෙන් 6%යි දුම්වැටි බද්ද. මධ්‍යසාර බද්ද 9%ක් විතර තියෙනවා. හැබැයි අපිට උගන්වලා තියෙන්නේ මේ බදු නැත්තම් රාජ්‍ය සේවකයන්ගේ පඩි ගෙවලා ඉවරයි වගේ කතා. ඔක්කොම බොරු. පසුගිය වසර 5, 6 ඇතුළත නිවැරදිව බදු තීරණය කරපු නැති නිසා අපිට රු. බිලියන 100ක් විතර අහිමි වුණා."


| adaderana


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...