The Leader News
BREAKING
Top Ad
Biz

බ්ලූ ඕෂන් සමූහය ඇ. ඩොලර් මිලියන 16ක නිවාස යෝජනා ක්‍රම තුනකට BOI සමග එක්වෙයි

T

The Leader Desk

January 9, 2026 • 5:26 AM

බ්ලූ ඕෂන් සමූහය ඇ. ඩොලර් මිලියන 16ක නිවාස යෝජනා ක්‍රම තුනකට BOI සමග එක්වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 'බ්ලූ ඕෂන් සමූහය' ඇමරිකානු ඩොලර් මිලියන 16කට වඩා වටිනා සුඛෝපභෝගී නේවාසික ව්‍යාපෘති තුනක් සඳහා ආයෝජන මණ්ඩල අනුමැතිය ලබා ගෙන ඇත.
  • කොළඹ නගරයේ වඩාත් කීර්තිමත් ස්ථානයන්හි පිහිටි සුඛෝපභෝගී නේවාසික සංවර්ධන ව්‍යාපෘති තුනක් සඳහා ආයෝජන මණ්ඩලයේ (BOI) අනුමැතිය මෙසේ ලබා ගැනීමෙන් පසු Blue Ocean සමාගම් සමූහය ආයෝජක විශ්වාසය සහ නියාමන විශ්වසනීයත්වය වඩාත් ශක්තිමත් වූ බව එස්.තුමිලන් කීය.
  • මෙම ව්‍යාපෘති සඳහා ඒකාබද්ධ ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 16 ඉක්මවන අතර, සමූහයේ ශක්තිමත් මූල්‍ය තත්ත්වය, පාලන ප්‍රමිතීන් සහ ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් අංශය සඳහා දිගුකාලීන කැපවීම අවධාරණය කරයි.
  • BOI අනුමත සංවර්ධන ව්‍යාපෘති අංක 34/2, ද සේරම් පාර, ගල්කිස්ස; අංක 15A, ලේයර්ඩ්ස් පාර, කොළඹ 04; සහ අංක 01, හැව්ලොක් පෙදෙස, කොළඹ 05 යන ස්ථානවල පිහිටා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව ඊට අදාළ ගිවිසුම අත්සන් කිරීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් සහ බ්ලූ ඕෂන් සමූහයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීන් එස්.තුමිලන් අතර සිදුවිය.

කොළඹ නගරයේ වඩාත් කීර්තිමත් ස්ථානයන්හි පිහිටි සුඛෝපභෝගී නේවාසික සංවර්ධන ව්‍යාපෘති තුනක් සඳහා ආයෝජන මණ්ඩලයේ (BOI) අනුමැතිය මෙසේ ලබා ගැනීමෙන් පසු Blue Ocean සමාගම් සමූහය ආයෝජක විශ්වාසය සහ නියාමන විශ්වසනීයත්වය වඩාත් ශක්තිමත් වූ බව එස්.තුමිලන් කීය.

මෙම ව්‍යාපෘති සඳහා ඒකාබද්ධ ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 16 ඉක්මවන අතර, සමූහයේ ශක්තිමත් මූල්‍ය තත්ත්වය, පාලන ප්‍රමිතීන් සහ ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් අංශය සඳහා දිගුකාලීන කැපවීම අවධාරණය කරයි.

BOI අනුමත සංවර්ධන ව්‍යාපෘති අංක 34/2, ද සේරම් පාර, ගල්කිස්ස; අංක 15A, ලේයර්ඩ්ස් පාර, කොළඹ 04; සහ අංක 01, හැව්ලොක් පෙදෙස, කොළඹ 05 යන ස්ථානවල පිහිටා ඇත.

මෙම අනුමත කිරීම් Blue Ocean සමූහය ජාත්‍යන්තර සංවර්ධන ප්‍රමිතීන්, මූල්‍ය විනිවිදභාවය සහ තිරසාර වටිනාකම් නිර්මාණය සමඟ අනුකූල වීම පිළිබඳ ආයතනික විශ්වාසය පිළිබිඹු කරයි.

(සටහන | ජේ.මුණසිංහ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බ්ලූ ඕෂන් සමූහය ඇ. ඩොලර් මිලියන 16ක නිවාස යෝජනා ක්‍රම තුනකට BOI සමග එක්වෙයි | The Leader