The Leader News
BREAKING
Top Ad
පුවත්

ගැසට් පිට ගැසට් : පොල් තෙල් ආනයන බහුජාතික ගජමිතුරු සමාගමකට මිලියන 175 ක අයතා ලාභයක් !

T

The Leader Desk

December 20, 2020 • 7:43 AM

ගැසට් පිට ගැසට් : පොල් තෙල් ආනයන බහුජාතික ගජමිතුරු සමාගමකට මිලියන 175 ක අයතා ලාභයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මුදල් ඇමතිගේ දෙසැම්බර් 14 දින තීරුබදු අඩුකිරීමේ ගැසට් නිවේදනයෙන් එක්තරා සමාගමක්
  •   # රුපියල් 125/- වෙනුවට 100ක් ගෙවලා !
  •   වර්ථමාන රජය බලයට පත්වූ දා සිට නිරන්තරයෙන්ම කරනු ලබන තීරුබදු අඩුවැඩි කීරීම් නිසා රජයට විශාල වශයෙන් බදු ආදායම අහිමි වී ඇති අතර ගජමිතුරු බහුජාතික සමාගමකට පමණක් රුපියල් මිලියන ගණනින් අයතා ලෙස ලාභ අත්පත්කර ගැනීමේ අවස්ථාව ලබාදී ඇත.
  •   2020 ඔක්තෝබර් 13 දින සිට සීනි තීරුබද්ද ශත 25 කට අඩුකිරීමෙන් පසුව මෙම සමාගම මහා පරිමාණයෙන් සීනි නැව් පිටින් ආනයනය කරමින් සිටී.
අකුරු ප්‍රමාණය (Font Size):
රුපියල් මිලියන 175 ක අයතා මූල්‍ය ලාභයක් අත්පත්කරගෙන තිබේ.
 
# රුපියල් 125/- වෙනුවට 100ක් ගෙවලා !
# වාප්පු නිලධාරීන් රේගුවේ කනිනුත් රිංගලා..!
# පුංචි හිල් වහන්න යන රජය දෝරේ ගලන වංචා ගැන නිහඩයි. !
 
වර්ථමාන රජය බලයට පත්වූ දා සිට නිරන්තරයෙන්ම කරනු ලබන තීරුබදු අඩුවැඩි කීරීම් නිසා රජයට විශාල වශයෙන් බදු ආදායම අහිමි වී ඇති අතර ගජමිතුරු බහුජාතික සමාගමකට පමණක් රුපියල් මිලියන ගණනින් අයතා ලෙස ලාභ අත්පත්කර ගැනීමේ අවස්ථාව ලබාදී ඇත.
 
2020 ඔක්තෝබර් 13 දින සිට සීනි තීරුබද්ද ශත 25 කට අඩුකිරීමෙන් පසුව මෙම සමාගම මහා පරිමාණයෙන් සීනි නැව් පිටින් ආනයනය කරමින් සිටී.
 
ඒ අතරම අදාල සමාගම විසින් පසුගිය සතියේ පොල්තෙල් ටොන් 7000 ක් පටවන ලද නැවක් කොළඹ වරායට ආනයනය කල අතර අහම්බයකින් මෙන් දෙසැම්බර් 14 දින මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් පොල් තෙල් සදහා නව තීරු බදු ගැලපුම් කර තවත් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
 
ඒ අතරම අදාල සමාගම විසින් පසුගිය සතියේ පොල්තෙල් ටොන් 7000 ක් පටවන ලද නැවක් කොළඹ වරායට ආනයනය කල  අතර අහම්බයකින් මෙන් දෙසැම්බර් 14 දින මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් පොල් තෙල් සදහා නව තීරු බදු ගැලපුම් කර තවත් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
 
මීට පෙර එනම් 2020  ජූනි මස 26 දින අත්සන් කරන ලද ගැසට් පත්‍රය අනුව H.S. Code 1513.21 යටතේ අදූෂිත පොල්තෙල් (Refined coconut  Oil)  සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද වශයෙන් කිලෝවකට රුපියල් 150/= බදු මුදලක් පනවා තිබුණි. 
 
ඒ අනුව පිරිපහදු කරන ලද පොල් තෙල් ටොන් එකක් සඳහා ආනයනකරු විසින් ගෙවිය යුතු තීරු බද්ද රුපියල් 150,000 කි.
 

260620

260620 1

260620 2

 
 
ඉන් අනතුරුව නැවතත් 2020 ජූලි 10 වන දින ඉහතින් පැනවූ කිලෝවක් සඳහා වූ රුපියල් 150/= ක තීරු බද්දෙන් කොටසක් අඩු කිරීමේ පරමාර්ථයෙන් තීරු බදු අයකිරීමේදී රුපියල් 25/-ක මුදලක් අත්හරින ලෙස අංක 2183/14 දරණ ගැසට් නිවේදනය මගින්  ප්‍රකාශයට පත් කරන ලදී.
 
 ඒ අනුව එදිනට අදාල තීරු බද්ද කිලෝවක් සදහා රුපියල් 125.00 කි.
 

Vilma 00 5

 
 
අදාළ ගැසට් නිවේදන දෙකම 2020 දෙසැම්බර් මස 26 දින අවංලගුවීමට නියමිතව තිබියදී මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ පසුගිය දෙසැම්බර් මස 14 දින ආනයනික පිරිපහදු කරන ලද පොල් තෙල් කිලෝවක් සඳහා රුපියල් 125/= ක සෘජු බද්දක් ප්‍රකාශයට පත් කරමින් (අත් හැරීමේ ප්‍රමාණයත් ඇතුලත් කර) නව ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.
 

Vilma 00 1

Vilma 00 2

Vilma 00 3

Vilma 00 4

 
 
වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා අංක TIP/TP/01/146 දරණ 2020- 12 -14 දිනැති ලිපියෙන්ද රජයේ මුද්‍රණාලාධිපති වෙත උපදෙස් ලබා දෙන්නේ පිරිපහදු කරන ලද පොල්තෙල් ඇතුලු අනෙකුත් භාණ්ඩ සඳහා මුදල් අමාත්‍යවරයා විසින් අනුමත කරන ලද නව මිල ගණන් ඇතුලත් ගැසට් පත්‍රය මුද්‍රණය කරන ලෙසයි.
 
එසේ පැහැදිලිව වර්තමානයට අදාල ආනයන තීරු බද්ද දක්වා තිබියදී, පිරමීඩ් විල්මාර් සමාගම ඇතුලු තවත් සමාගම් කිහිපයක් දෙසැම්බර් මස 14 දිනෙන් පසු නිශ්කාෂනය කරන ලද පොල්තෙල් සඳහා රේගුව වෙත ඉදිරිපත් කරන තීරු බදු ගෙවීමේ ඉල්ලුම් පත්‍රයේ (Coustom Entry) අදාල තීරුබදු ගණනය කරන්නේ,
 
 2020 දෙසැම්බර් මස 15 දින මුදල් අමාත්‍යවරයා විසින් නියම කරන ලද කිලෝවක් සඳහා වූ රුපියල් 125/= න්
 
2020 ජූලි මස 20 දින අංක 2183/23 දරණ ගැසට් නිවේදනයෙන් අත්හරින ලද 25/= ක මුදලද අඩු කර කිලෝවක් සඳහා රුපියල් 100/= ක් වශයෙනි.
 
 මේ අනුව නව ගැසට් නිවේදනය අනුව කිලෝවක් සඳහා රුපියල් 125/= ගෙවිය යුතු වුවත් මුදල් අමාත්‍යංශය මගින් නිකුත් කර තිබූ පරණ ගැසට් නිවේදනයක් තම වාසියට යොදා ගනිමින් රජයට ගෙවිය යුතු තීරුබද්ද සිතාමතාම පැහැර හැර ඇති බව රේගුව දෙපාර්තමේන්තුව විසින් පසුව සොයා ගෙන ඇත.
 
''මේ අනුව නව ගැසට් නිවේදනය අනුව කිලෝවක් සඳහා රුපියල් 125/= ගෙවිය යුතු වුවත් මුදල් අමාත්‍යංශය මගින් නිකුත් කර තිබූ පරණ ගැසට් නිවේදනයක් තම වාසියට යොදා ගනිමින් රජයට ගෙවිය යුතු තීරුබද්ද සිතාමතාම පැහැර හැර ඇති බව රේගුව දෙපාර්තමේන්තුව විසින් පසුව සොයා ගෙන ඇත.''
 
මෙහිදී මෙම සටහන් අනුමත කල රේගු නිලධාරීයා අවලංගු වියයුතු 2020  ජූලි 10 දින නිකුත් වූ රුපියල් 25/=ක් අතහැරිමේ ගැසට් පත්‍රයටත් අවධානය යොමු කර අදාළ සමාගම ඇතුලු තවත් සමාගම් කිහිපයකට පමණක් රුපියල් 25/= මුදලක් අතහැර කිලෝවක් සදහා රුපියල් 100.00  බැගින් තීරු බදු අය කලේ කුමන පදනමකින්ද යන්න ගැටලුවකි.
 
 විශේෂ ආනයන භාණ්ඩයක්  සම්බන්ධව නව ගැසට් නිවේදනයක් නිකුත් කළ වහාම එම භාණ්ඩයට අදාළව පෙර පැවති  සියලුම ගැසට් පත්‍ර අවලංගු වනවාය යන තීරණයේ  සිටියේ නම් රේගුව විසින් අය කළ යුතු නිවැරැදි බද්ද වනුයේ කිලෝවක් සදහා රුපියල් 125/කි.
 
 ගැසට් නිවේදන පිළිබඳ යම් ගැටලුවක් තිබුණේ නම් ඒ පිළිබඳව මුදල් අමාත්‍යංශයෙන් විමසා සිටිය යුතුය.
 
 එසේ නොකර අදාල සමාගමට රුපියල් මිලියන 175 ක අයුතු ලාභයක් ලැබීමට උපකාර කළේ ඇයිද යන ගැටලුව ද මෙහිදී මතුවේ.
 
හරියටම තීරුබදු ගැළපුම කරන දිනයේදීම අදාල සමාගම පොල්තෙල් ටොන් 7000 ක් කොළඹ වරායට ගෙන ආවේ කෙසේද යන්න සොයා බැලීම ඉදිරියේදී රජයේ ආදායම් සුරක්ෂිත කර ගැනීමට මහගු දායකත්වයක් ලැබෙනවා ඇත.
 
''හරියටම තීරුබදු ගැළපුම කරන දිනයේදීම අදාල සමාගම පොල්තෙල් ටොන් 7000ක් කොළඹ වරායට ගෙන ආවේ කෙසේද යන්න සොයා බැලීම ඉදිරියේදී රජයේ ආදායම් සුරක්ෂිත කර ගැනීමට මහගු දායකත්වයක් ලැබෙනවා ඇත.''
 
තවද  මෙම බදු  වාසිය ලබාගත් සමාගම ආනයන කරන ලද පොල්තෙල් අඩුමිලකට වෙළඳපළට නිකුත් කිරීම නිසා නිවැරදිව වැඩි තීරුබද්දක් ගෙවූ සහ ගෙවමින් කටයුතු කරන සමාගම් තරගකාරී මිලට පොල්තෙල් අලෙවි කිරීමට නොහැකි බවට මැසිවිලි නඟති.
 
නව රජයේ බලධාරීන් පොල්තෙල් වෙළදපළත් ගජමිතුරු සමාගමක ඒකාධිකාරය යටතට පත්කරමින් සිටින බව මෙම සිද්ධියෙන් ද තහවුරු වෙමින් පවතී.
 
 
සබැඳි පුවත් :
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...