පසුගියදා තායිලන්තයේ පැවති 2023 ආසියානු ඇසුරුම්කරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී Wide Web Flexo කාණ්ඩයේ රන් සම්මානය ශ්‍රී ලංකාවේ
ඇසුරුම්කරණයේ ප්‍රමුඛයා වන ALFT Packaging ආයතනය විසින් හිමිකරගෙන තිබේ. 
 
මෙම සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වූ එකම ශ්‍රී ලාංකේය සමාගම ලෙස ALFT Packaging ඇසුරුම්කරණ ආයතනය කැපී පෙනෙන පිළිගැනීමකට පාත්‍ර විය. 
 
Image twoආසියානු ඇසුරුම්කරණ විශිෂ්ටතා සම්මාන උළෙල මගින් මේ අයුරින් වසර 20ක් පුරාවට ආසියානු කලාපයේ ඇසුරුම් කර්මාන්තයේ විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ තිරසාර බව අගයනු ලබයි. ALFT Packaging චීනය, ඉන්දියාව සහ තායිලන්තය සමග ප්‍රබල තරගයකින් අනතුරුව මෙම සුවිශේෂී ජයග්‍රහණය දිනාගනු ලැබීය. කර්මාන්ත ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීම සඳහා පුරෝගාමී භූමිකාවක් ඉටු කරන ආයතනයක් ලෙස ALFT Packaging  ප්‍රසිද්ධියක් උසුලයි. එසේම ගෝලීය ප්‍රමිතීන් අනුගමනය කරමින් දිනෙන් දින ඉහළ යන පාරිභෝගික අවශ්‍යතා සපුරාලන විසඳුම් ලබා දීම තුළින් ALFT Packaging අඛණ්ඩව සිය ප්‍රමිතිය පවත්වා ගනියි.
 
සමාගමේ අති නවීන කම්හල BRC AA සහතික කළ ඇසුරුම් පහසුකම් සහිත ශ්‍රී ලංකාවේ එකම කම්හල ලෙස හැඳින්විය හැකිය. වසර පහකට පෙර ආරම්භ කරන ලද ALFT Packaging ගෙවුණ කාල සීමාව තුළ අති නවීන තාක්‍ෂණය භාවිතා කරමින් අවම පිරිවැයකින් වඩාත් ඵලදායී නව්‍ය ඇසුරුම් විසඳුම් සපයන ආයතනයක් බවට පත්ව තිබේ.
 
ALFT Packagingහි සභාපති ලක්ෂ්මන් ද ෆොන්සේකා මෙම රන් සම්මානය දිනාගැනීම පිළිබඳව සිය සතුට පළකළ අතරම එය තම දක්ෂ කණ්ඩායමේ නොපසුබට උත්සාහය සහ දැඩි කැපවීම පිළිබඳ සාක්ෂියක් බවද වැඩි දුරටත් අවධාරණය කළේය. ALFT ඇසුරුම්කරණ සමාගමේ ව්‍යාපාරික දර්ශනය තුළ ගැඹුරින් මුල් බැසගත් මූලධර්ම මෙන්ම නවෝත්පාදනය සහ ගුණාත්මකභාවය සඳහා වූ කැපවීමද මෙම සම්මානය මගින් තවදුරටත් ඉස්මතු කරයි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්