The Leader News
BREAKING
Top Ad
Biz

ජෝන් කීල්ස් සමූහයෙන් ‘1990 සුව සැරිය’ට රු. මිලියන 100 ක්

T

The Leader Desk

April 5, 2023 • 2:47 PM

ජෝන් කීල්ස් සමූහයෙන් ‘1990 සුව සැරිය’ට රු. මිලියන 100 ක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය ‘සුව සැරිය’ ගිලන් රථ සේවය වෙනුවෙන් රු. මිලියන 100ක මුදලක්
  • සුව සැරිය යනු ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා මහඟු සේවයක් ඉටු කරන සේවාවක් වන අතර, මෙම කාලෝචිත පරිත්‍යාගය එම සේවාව අඛණ්ඩව පවත්වා ගෙන යාමට උපකාරී වනු ඇත.
  • 2016 වර්ෂයේදී ඉන්දියානු රජයේ සහයෝගය ඇතිව සුව සැරිය ගිලන් රථ සේවය ආරම්භ කරන ලදි.
  • මිලියන 100 ක පරිත්‍යාගයක් සිදු කිරීමට කීල්ස් සමූහ ව්‍යාපාරය කටයුතු කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

පරිත්‍යාග කිරීම සඳහා පසුගිය දා ගිවිසුම් අත්සන් කළේ ය.

මූල්‍යමය ගැටලු හේතුවෙන් පසුගිය කාලය තුළ සුව සැරිය ගිලන් රථ සේවය පවත්වා ගෙන යාමට අපහසු තත්ත්වයක් උදා වී තිබිණි.

සුව සැරිය යනු ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා මහඟු සේවයක් ඉටු කරන සේවාවක් වන අතර, මෙම කාලෝචිත පරිත්‍යාගය එම සේවාව අඛණ්ඩව පවත්වා ගෙන යාමට උපකාරී වනු ඇත.

2016 වර්ෂයේදී ඉන්දියානු රජයේ සහයෝගය ඇතිව සුව සැරිය ගිලන් රථ සේවය ආරම්භ කරන ලදි. විශේෂයෙන්ම දිවයිනේ දුෂ්කර පළාත්වල ජීවත් වන, සෞඛ්‍ය පහසුකම් අවම මට්ටමින් හිමි වන ජනතාවට හදිසි සෞඛ්‍ය සේවාවන් සැපයීම මෙහි මූලික අරමුණ විය. මේ දක්වා දස දහස් ගණනකට වෛද්‍යාධාර සපයමින්, විශාල පිරිසකගේ ජීවිත බේරා ගැනීමට මෙම සේවාව සමත් වී තිබේ.

මෙතෙක් කල් රජයේ අයවැය ප්‍රතිපාදන මගින් පවත්වා ගෙන ගිය සුව සැරිය ගිලන් රථ සේවය තවදුරටත් පවත්වා ගෙන යාමට අපහසු තත්ත්වයක් මෑත කාලීනව උදා විය. මෙම තත්ත්වය හමුවේ මෙම මහඟු මෙහෙවර අඩාල වීමට ඉඩ නොදී, සුව සැරිය පදනමට රු. මිලියන 100 ක පරිත්‍යාගයක් සිදු කිරීමට කීල්ස් සමූහ ව්‍යාපාරය කටයුතු කළේය.

මෙම පරිත්‍යාගය නිසා සුව සැරිය සේවාවට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ මිල දී ගැනීමට සහ ගිලන් රථ නඩත්තුව නිසි පරිදි සිදු කිරීමට මෙන්ම කාර්ය මණ්ඩලය බඳවා ගෙන ඔවුන්ට පුහුණුව ලබා දීමට ද හැකි වනු ඇති අතර, ඉදිරියේදී සුව සැරිය සේවාවන් තව දුරටත් ව්‍යාප්ත කරමින් තවත් ශ්‍රී ලාංකිකයන් දහස් ගණනකගේ ජීවිත බේරා ගැනීමට ද හැකි වනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමූහාධිපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා පැවසුවේ, ප්‍රජාවන්ට අත්වැලක් වීම සහ ඔවුන් සවිබල ගැන්වීම තම යුතුකමක් හා වගකීමක් බව ජෝන් කීල්ස් සමූහය විශ්වාස කරන බවයි. “සෞඛ්‍යය යනු ජෝන් කීල්ස් පදනම යටතේ අපගේ ප්‍රජා සත්කාර මෙහෙවර තුළ ප්‍රධාන වශයෙන් අවධානය යොමු වන එක් අංශයක්. එම නිසා සුව සැරිය ගිලන් රථ සේවාවටත්, එම සේවාව හරහා ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත බේරා ගැනීමට කැප වන සුව සැරිය කාර්ය මණ්ඩලයටත් මෙලෙස අත්වැලක් වීමට හැකි වීම පිළිබඳව අප ආඩම්බර වනවා. එමෙන්ම මෙම මෙහෙවර අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා තම දායකත්වය ලබාදෙන මෙන්, දිවයිනේ සෙසු සමාගම් හා ආයතනවලින් අප කාරුණිකව ඉල්ලා සිටිනවා.” ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා වැඩිදුරටත් පැවසීය.

අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපකරණ සහිත ගිලන් රථ 297 ක් සුව සැරිය සේවාව සතුව පවතින අතර, මනාව පුහුණුව ලත් කාර්ය මණ්ඩලයක් එම ගිලන් රථවල සේවයෙහි යෙදී සිටිති. ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය සිදු කළ මෙම පරිත්‍යාගය මගින්, සුව සැරිය ගිලන් රථ සේවාවට මෙන්ම එහි සේවාවන් ලබන සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවට ද සුවිශාල යහපතක් සිදුවනු නොඅනුමාන ය.

කොළඹ කොටස් වෙළඳ පොළේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩිඞ්ස් පීඑල්සී (JKH) විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7 ක පවතින සමාගම් 70කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබයි. JKH ආයතනය සේවක සේවිකාවන් 14,000 කට අධික පිරිසකට රැකියාවන් ලබා දෙන අතර වසර 17 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත. ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා’ විසින් සිද කරන ලද ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය ඇගයීමේ සමීක්ෂණයේ දී ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී අඛණ්ඩව තුන්වන වසරටත් ප්‍රථම ස්ථානයට පත් විය. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහභාගිකයෙකු වන ජෝන් කීල්ස් සමාගම, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා “බලගන්වමු දේශය හෙට දිනට” පිළිබඳ දැක්ම මෙහෙයවන අතර, Plasticcycle සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ උත්ප්‍රේරකයක් ලෙසින් ද ක්‍රියා කරයි.

(biz.adaderana.lk)


සබැඳි පුවත් :

1990 සුවසැරිය පණ අදී ! - 'Adopt an ambulance' නව ව්‍යාපෘතියක් එයි !

 

 

 
JW
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...