ශ්‍රී ලංකා මහ බැංකුවේ නිසි අවසරයකින් තොරව ව්‍යාජ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් රුපියල් මිලියන 9,900 ක් වංචා කළ බව කියන එම

මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂකවරයා සැකපිට අත්අඩංගුවට ගත් බව මූල්‍ය හා වාණිජ අපරාධ කොට්ඨාසය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, 'ඉයෝන් ලංකා ඉන්වෙස්මන්ට්' ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ කොටස් හිමිකරු ලෙස කටයුතු කර ඇති ධම්මික අතපත්තු නැමැති අයෙකි.

මහනුවර 'කැන්ඩි විව්ගාර්ඩ්න්' ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි සැකකරුට එරෙහිව මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය, විශ්වාසය කඩකිරීම හා උපයා ගන්නා ලද මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති අතර මූල්‍ය හා වාණිජ අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මුල්‍ය ආයතනයක් පවත්වාගෙන ගිය 'ඉයෝන් ලංකා ඉන්වෙස්මන්ට්' ආයතනයේ වංචා සහගත ක්‍රියා කලාපය සම්බන්ධයෙන් 2020 වසරේදී 'නෙත් එෆ් එම් බැලුම්ගල' පළමුවරට අනාවරණය කර තිබිණ.

පසුව මහ බැංකුව ද සිදුකළ විමර්ශණයක ප්‍රතිඵලයක් ලෙස එහි කළමනාකරුවෙකුට මීට පෙර අත්අඩංගුවට ගැනිණ.  ඉන් අනතුරුව මෙම ආයතනයේ හිමිකරු සැඟව සිටි අතර අඛණ්ඩව සිදුකළ විමර්ශණයකින් අනතුරුව ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

(nethnews.lk) 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්