The Leader News
BREAKING
Top Ad
Biz

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්

T

The Leader Desk

November 27, 2024 • 2:21 PM

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ස්ථායීතාවය සහ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ දෙවැනි උප වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ප්‍රතිපත්ති මත පදනම් වූ ඩොලර් මිලියන 200ක ණයක් ලබාදී තිබේ.
  • මෙම වැඩසටහන යටතේ පළමු ණය මුදල ලෙස 2023 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුව විසින් ඩොලර් මිලියන 200ක් නිකුත් කර තිබුණි.
  • දෙවැනි උප වැඩසටහනට අදාළ ඩොලර් මිලියන 200 භාණ්ඩාගාරයට නිදහස් කිරීමට නියමිතය.
  • වසර 5ක සහන කයක් සහිතව වසර 25ක කාලයක් එම ණය නැවත ගෙවීමට ලැබෙන අතර වාර්ෂික පොලිය 2%කි.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙරට ආර්ථිකයේ විවිධ අංශ වල ක්‍රියාත්මක ව්‍යාපාර සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපයීම මෙම වැඩසටහනේ අරමුණකි.

මෙම වැඩසටහන යටතේ පළමු ණය මුදල ලෙස 2023 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුව විසින් ඩොලර් මිලියන 200ක් නිකුත් කර තිබුණි.

දෙවැනි උප වැඩසටහනට අදාළ ඩොලර් මිලියන 200 භාණ්ඩාගාරයට නිදහස් කිරීමට නියමිතය.

වසර 5ක සහන කයක් සහිතව වසර 25ක කාලයක් එම ණය නැවත ගෙවීමට ලැබෙන අතර වාර්ෂික පොලිය 2%කි.

ඊට අදාළ ගිවිසුම මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික අධ්‍යක්ෂ ටකෆූමි කඩෝනෝ විසින් කොළඹදී අත්සන් තබා තිබේ.

(adaderana)




The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...