The Leader News
BREAKING
Top Ad
Biz

චීන එක්සිම් බැංකුවෙන් සහනයක් ! - ජපානයෙනුත් කොළ එළියක්

T

The Leader Desk

January 26, 2023 • 6:25 PM

චීන එක්සිම් බැංකුවෙන් සහනයක් ! - ජපානයෙනුත් කොළ එළියක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග වලදී චීනය සහ ඉන්දියාව සහභාගී වීම තහවුරු කිරීම සඳහා
  • ණය වාරික ගෙවීම ගැන චීනය තහවුරු කරයි චීන එක්සිම් (අපනයන සහ ආනයන) බැංකුව ශ්‍රී ලංකාවට ණය දීර්ඝ කිරීමක් ලබා දුන් බව චීන විදේශ කටයුතු අමාත්‍යංශය  තහවුරු කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.
  • ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීම වසර දෙකක කාලයක් සඳහා අත් හිටුවන බවත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය මුදල ලබා ගැනීමට අවශ්‍ය සහාය ලබා දෙන බවත් පවසමින් ලිපියක් පසුගියදා චීනයේ එක්සිම් බැංකුව නිකුත් කර තිබිණි.
  • ශ්‍රී ලංකාව මුහුණදෙන අභියෝග සහ අසීරුතා චීනයට දැනෙන බවත් චීනයට හැකි උපරිම ධාරිතාවයෙන් ශ්‍රී ලංකාවේ සමාජ සහ ආර්ථික සංවර්ධනයන් වෙනුවෙන් සහාය වන බවත් රොයිටර් වාර්තාව පිළිබඳ අදහස් දක්වමින් චීන විදේශ කටයුතු අමාත්‍යංශය පවසා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

පැරිස් සමාජයේ ණය හිමියන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සම්බන්ධීකරණය සිදු කරමින් වසර 70 කින් මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා ජපානය දැඩිව වෙහෙස වී කටයුතු කරන බව ජපානයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ මුදල් නියෝජ්‍ය අමාත්‍ය මසාතෝ කන්ඩා රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර ඇත.


ණය අර්බුදයට මුහුණදෙන රටවලට සහායවීමේදී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වයක් ලබාදෙන බවද නියෝජ්‍ය අමාත්‍ය මසාතෝ කන්ඩා එහිදී පවසා තිබේ.


ණය වාරික ගෙවීම ගැන චීනය තහවුරු කරයි

චීන එක්සිම් (අපනයන සහ ආනයන) බැංකුව ශ්‍රී ලංකාවට ණය දීර්ඝ කිරීමක් ලබා දුන් බව චීන විදේශ කටයුතු අමාත්‍යංශය  තහවුරු කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.

ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීම වසර දෙකක කාලයක් සඳහා අත් හිටුවන බවත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය මුදල ලබා ගැනීමට අවශ්‍ය සහාය ලබා දෙන බවත් පවසමින් ලිපියක් පසුගියදා චීනයේ එක්සිම් බැංකුව නිකුත් කර තිබිණි.

ශ්‍රී ලංකාව මුහුණදෙන අභියෝග සහ අසීරුතා චීනයට දැනෙන බවත් චීනයට හැකි උපරිම ධාරිතාවයෙන් ශ්‍රී ලංකාවේ සමාජ සහ ආර්ථික සංවර්ධනයන් වෙනුවෙන් සහාය වන බවත් රොයිටර් වාර්තාව පිළිබඳ අදහස් දක්වමින් චීන විදේශ කටයුතු අමාත්‍යංශය පවසා ඇත.



ලංකාවට මූල්‍ය සහතිකයක් දෙන්න සූදානම් - එක්සත් රාජධානිය



Anne Marie Travelianඅමාත්‍ය ඈන් මරී ට්‍රවෙලියන්

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සඳහා විධායක කමිටුවේ අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය මූල්‍ය සහතික අවශ්‍ය කාලයේදී ලබා දීම සඳහා සලකා බැලීමට පැරිස් සමාජයේ සාමාජිකයකු ලෙස එක්සත් රාජධානිය සුදානමින් සිටින බව එක්සත් රාජධානියේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා අමාත්‍ය ඈන් මරී ට්‍රවෙලියන් පසුගිය 24 වැනිදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.

ණය ප්‍රතිව්‍යුහ ගත කරන සාකච්ඡාවේදී පැරිස් සමාජයේ සාමාජිකයන් සහ අනෙක් ණය හිමියන් සම්බන්ධීකරණය කිරීම සඳහා යෝජිත වේදිකාවට එක්සත් රාජධානිය සම්පූර්ණ සහාය දක්වන බවත් ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය නැවත ඇති කිරීම සඳහා එය වඩාත් කාර්යක්ෂම ක්‍රමය බව එක්සත් රාජධානිය විශ්වාස කරන බවත් එහිදී ඈන් මරී ට්‍රවෙලියන් පවසා තිබේ.

ශ්‍රී ලංකාවට තිරසර ආර්ථික වර්ධන මාවතකට පැමිණීමටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක් ලබා ගැනීමටත් ණය හිමියන් සියලු දෙනා අතර ඵලදායි සාකච්ඡාවක් ඇති විය යුතු බව ඈන් මරී ට්‍රවෙලියන් ප්‍රකාශ කර ඇත.

ආර්ථික විද්‍යාඥයන් සහ විද්වතුන් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ බර ණය හිමියන් දරා ගත යුතු යැයි කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කොන්සර්වටිව් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බොබ් බ්ලැක්මන් නගා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  ඈන් මරී ට්‍රවෙලියන් මේ බව පවසා තිබේ.

(lankadeepa.lk)



සබැඳි පුවත් :
මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයත් එකඟයි ! - විදෙස් මාධ්‍ය කියයි

 

 

 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...