The Leader News
BREAKING
Top Ad
Biz

'එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස්' කොටස් වෙළෙඳපොලෙන් ඉවත්වීම පිටුපස 'කුමන්ත්‍රණයක්' තිබේ ද ?

T

The Leader Desk

March 12, 2024 • 8:01 AM

'එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස්' කොටස් වෙළෙඳපොලෙන් ඉවත්වීම පිටුපස 'කුමන්ත්‍රණයක්' තිබේ ද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත විශාලතම සමාගම වනුයේ 'එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස්
  • මෙම පසුබිම තුළ එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටස් වෙළෙඳපොළ ගනුදෙනු මාර්තු (04) සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් පියවර ගෙන තිබේ.
  • හනීෆ් යූසුෆ් සතු කොටස් ප්‍රමාණය SG Holdings Global Pte Ltd වෙත විකිණීමට ද එකඟතාව පළකර ඇති බවත් දැනගන්නට ඇත එක්ස්පලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටස් ප්‍රාග්ධනයෙන් 82.43% ක හිමිකාරීත්වය SG HOLDINGS GLOBAL PTE.LTD සතුව පවතී.
  • එවැන්නක් සිදුවූ විට සමාගමේ සුළුපරිමාණ කොටස් හිමියන් සතු කොටස් ප්‍රමාණය සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 10% කට ආසන්න වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

පීඑල්සී' ය. 

එය මේ වන විට කොළඹ කොටස් වෙළෙඳපොළ නිල ලැයිස්තුවෙන් ඉවත් වීමට ( De- list) තීරණය කර තිබේ.

එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී හි විශාලතම කොටස් හිමියා වන ජපානයේ SG HOLDINGS GLOBAL PTE.LTD විසින් කළ ඉල්ලීමකට අනුව පසුගිය මාර්තු (01) දින රැස්වූ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම තීරණයට එළඹ ඇත.

මෙම පසුබිම තුළ එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටස් වෙළෙඳපොළ ගනුදෙනු මාර්තු (04) සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් පියවර ගෙන තිබේ.


ප්‍රධාන විධායක නිලධාරි හනීෆ් යූසුෆ් ඉවත්වීමේ තින්දුවක !



image e8b5914ccfහනීෆ් යූසුෆ් සතු කොටස් ප්‍රමාණය SG Holdings Global Pte Ltd වෙත විකිණීමට ද එකඟතාව පළකර ඇති බවත් දැනගන්නට ඇත



එක්ස්පලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටස් ප්‍රාග්ධනයෙන් 82.43% ක හිමිකාරීත්වය SG HOLDINGS GLOBAL PTE.LTD සතුව පවතී. එසේම එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී හි ප්‍රධාන විධායක නිලධාරියා වන හනීෆ් යූසුෆ් සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 7.52%කට හිමිකම් කියනු ලබන අතර ඔහු විසින් සමාගම කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වීමේ තීරණයට එකඟතාවය පළ කර තිබේ. 

එසේම  හනීෆ් යූසුෆ් සතු කොටස් ප්‍රමාණය SG Holdings Global Pte Ltd වෙත විකිණීමට ද එකඟතාව පළකර ඇති බවත් දැනගන්නට ඇත. එවැන්නක් සිදුවූ විට සමාගමේ සුළුපරිමාණ කොටස් හිමියන් සතු කොටස් ප්‍රමාණය සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 10% කට ආසන්න වෙයි.

සමාගමේ 10%ක සුළු පරිමාණ කොටස් හිමිකාරීත්වය දරන පිරිස තුළද  6% ක පමණ කොටස් අයිතිය, කෝටිපති වත්කම් ඉපයූවන් සහ ආයතන කිහිපයක් සතුය. නිදර්ශන ලෙස රේන ද සිල්වා, ෆාරුක් කාසිම්, එස්. වාසුදේවන්, අරවින්ද ද සිල්වා, ග්ලෝබල් මැක්‍රෝ කැපිටල් පෙන්වා දීමට පුළුවන.

සුළු කොටස් හිමියන් ලෙස ඉතිරි  4%  නියෝජනය කරන්නේ සාමාන්‍ය ලෙස කොටස් වෙළෙඳපොළ කටයුතු කරන්නන් ය. මූල්‍ය වෙළෙඳ පොළ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට එම ප්‍රමාණය 20000කට අධිකය.


මෙහිදී සුළුපරිමාණ කොටස් හිමියන්ට ඔවුන් සතු කොටස්, කොටසක් රු. 185 බැගින් SG Holdings Global Pte Ltd වෙත අලෙවි කිරීමේ අවස්ථාව හිමිව ඇත. ඒ එම තක්සේරුව  SG Holdings Global Pte Ltd විසින්ම ලබාදී ඇති නිසාය.

කෙසේ වුවත් එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී, කොළඹ කොටස් වෙළෙඳපොළ නිල ලැයිස්තුවෙන් ඉවත් කර ගැනීමට ( De- list) එහි විශාලතම කොටස් හිමියා වන ජපානයේ SG HOLDINGS GLOBAL PTE.LTD සමාගමේ අපේක්ෂාව ඉටුකර ගැනීමට නම් කොටස් හිමියන් 75% ක් එකඟතාව දැක්විය යුතුව ඇත.


සුළු කොටස් හිමියන් අතර කිසියම් බෙදීමක්....



 නමුත් මේ වන විට සුළු කොටස් හිමියන් අතර කිසියම් බෙදීමක් මතුව තිබේ. ඒ සිය කොටස් සඳහා ලැබෙන මිල සම්බන්ධයෙනි. සුළු කොටස් හිමියන්ගෙන් බහුතරයක් මෙම කොටස් මිලදී ගෙන තිබෙන්නේ කොටසක් රුපියල් 300-350 අතර මිලකට ය. ඒ පදනමින් ඇතමුන් පවසන්නේ සමාගම De-list කිරීමට තම ජන්දය ලබාදීමට නම් කොටසක මිල රුපියල් 320- 350 කට SG HOLDINGS GLOBAL PTE.LTD විසින් මිල කළ යුතු බවයි.

කෙසේ නමුත් කොටස් වෙළෙඳපොළ විශ්ලේෂකයන් මෙන්ම මූල්‍ය වෙළෙඳ පොළ විශ්ලේෂකයන් පවසන්නේ 2021 දී එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටස් මිල ඉහළ ගියත් මේ මොහොතේ එවැනි තත්ත්වයක් ඇතිවනු ඇතැයි කොහෙත්ම අපේක්ෂා කළ නොහැකි බවයි. ඇතැම් විට AIA සමාගම ආශ්‍රිත සිදුවීමේ වැන්නක් මෙහිදී සිදුවෙතැයි සුළු කොටස් හිමියන් සිතනවා විය හැකි නමුත් එය නිවැරදි නොවන බවයි. 

එසේම KPMG විසින් මේ වන විටත් එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී හි ස්වාධීන වෘත්තීය තක්සේරුවක් ප්‍රසිද්ධියට පත් කර ඇත. ඊට අනුව කොටසක මිල පවතින්නේ  රුපියල් 130 -150 සීමාව තුළ ය. ඒ අනුව කොටස් වෙළෙඳපොළ විශ්ලේෂකයන් මෙන්ම මූල්‍ය වෙළෙඳ පොළ විශ්ලේෂකයන් පවසන්නේ තවදුරටත් එක්ස්පෝ ලංකා සමාගමේ කොටස් මිල ඉහළ යාමක් විශ්වාස කිරීම මිත්‍යාවක් වන බවයි. 

මේ වන විට කොටසක් වෙනුවෙන් ස්වාධීන තක්සේරුවක් ලැබී ඇති අතර ඊටත් ඉහළ මිලක් කොටසක් වෙනුවෙන් SG Holdings නියම කර තිබීමේ වාසිය කොටස් හිමියන් ගතයුතු බවද ඔවුන් පෙන්වා දෙයි. 


විශ්ලේෂකයින්  වැඩිදුරටත්  පවසන්නේ මෙම කටයුත්ත සාර්ථක ලෙස නිම කිරීමෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200 කට වැඩි ප්‍රමාණයක් ගලා ඒමට හැකිවනු ඇති බවත්, එය කොටස් වෙළෙඳපොළට විශාල ප්‍රබෝධයක් ලබා දෙමින් බොහෝ අරමුදල් නැවත ආයෝජනය කිරීමට ඉඩ තිබෙනෙ බවත්ය. එබැවින් සුළුතර කොටස් හිමියන්ගෙන් බොහෝ දෙනෙක් දැනටමත් රු.බිලියන 63කට වැඩි එක්ස්පෝලංකා හෝල්ඩින්ග්ස් හි ඔවුන්ගේ කොටස් SG Holdings Global Pte Ltd හි පාලන හිමිකරුවන්ට විකිණීමට අවස්ථාව පිළිගෙන තිබෙන බව දැනගන්නට තිබෙන බවත් ඔවුන් පවසයි.



පසුගිය කාර්තු 5ක කාලය තුළ අඛණ්ඩව පාඩු ලබලා !


ජපන් හිමිකරුවන්ට සහ සිංගප්පූරුව පදනම් කරගත් SG Holdings Global Pte Ltd හි පාලන හිමිකාරීත්වය සහිත ලොව ප්‍රමුඛ පෙළේ ලොජිස්ටික් සමාගමක් වන එක්ස්පෝලංකා කොළඹ කොටස් වෙළඳපොලේ වටිනාම ලයිස්තුගත සමාගමද වන අතර එහි වෙළඳපල ප්‍රාග්ධනීකරණය රු. බිලියන 294 කි. කෙසේ වුවත් පසුගිය කාර්තු 5ක කාලය තුළ එය අඛණ්ඩව පාඩු ලබා ඇත. එසේම සමාගමට අදාළ තක්සේරු කිරීම් හමුවේ ලැබී තිබෙන්නේ ද ඉදිරි වසර දෙකක කාලය ද පාඩු ලැබීමට නියමිත බවය. ඒ අනුව තවත් අවුරුදු 3ක් ඉදිරියට තක්සේරු කළද සමාගමේ කොටසක මිල රුපියල් 160- 165 කට වඩා ඉහළ යන්න ඉඩක් නැත.

 

අනෙක් අතට 2021 දී මෙන් කොටස් වල ක්ෂණික මිල ඉහළ යාමකට, එනම් කොටසක් රුපියල් 400 කට පමණ මිල ඉහළ යනු ඇතැයි සිතන උදවිය ද ඇත. කෙනෙකුට එහෙම සිතීමේ නිදහසට බාධාවක් නැති  නමුත් ප්‍රශ්නය තිබෙන්නේ එය කොතරම් ප්‍රායෝගික ද යන තැනය.  මන්ද එතරම් මිලකින් කොටසක මිල ඉහළ යාමට නම් යළි ගෝලීය වසංගත තත්ත්වයක් ම පැමිණිය යුතුව ඇති නිසාය. අනෙක් අතට ගෝලීය වසංගත සාමාන්‍යයෙන් පැමිණ ඇත්තේ ද වසර 100 කට පමණ වතාවකි. එබැවින් එයත් මිරිඟුවක් පසුපස දිය සොයා යාමකට දෙවැනි නැත.


(සුජිත් අතපත්තු)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...