The Leader News
BREAKING
Top Ad
Biz

ටෙන්ඩර් බාර ගැනීම අවසන් ! - ලිට්‍රෝ සුරැකීමේ එකමුතුවෙන් චෝදනාවක්

T

The Leader Desk

March 18, 2024 • 3:56 PM

ටෙන්ඩර් බාර ගැනීම අවසන් ! - ලිට්‍රෝ සුරැකීමේ එකමුතුවෙන් චෝදනාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ලබන වසර (2025) දක්වා කල්දමන්නේ යැයි රාජ්‍ය ව්‍යාපාර
  • මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේදී ගත් තීරණයක් බල රහිත කිරීමට රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවට බලයක් ඇද්දැයි පිළිගත නොහැකි බව ද ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුව වැඩි දුරටත් සඳහන් කරයි.
  • එහිදී පහත සඳහන් සමාගම් මිල ගණන් ඉදිරිපත් කර තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):

දෙපාර්තමේන්තුව ලිඛිතව දැනුම්දී තිබියදී රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව එය නොසළකා හරිමින් ආයෝජකයන් කැඳවීම අඛණ්ඩව කරන බවට ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුව චෝදනා කරයි.

මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් සමඟ පසුගිය මස පැවැති සාකච්ඡාවේදී ලිට්‍රෝ ප්‍රතිව්‍යුහගතකරණ ලබන වසර දක්වා කල්දැමීමට ඒකමතිකව තීරණය කළ බවත් ඒ අනුව රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙම මස 11 වැනිදා එම තීරණය ලිඛිතව රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවට දැනුම් දුන් බවත් එම එකමුතුව කීය.

මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේදී ගත් තීරණයක් බල රහිත කිරීමට රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවට බලයක් ඇද්දැයි පිළිගත නොහැකි බව ද ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුව වැඩි දුරටත් සඳහන් කරයි.

ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් හි 99.936% ක කොටස් හිමිකාරීත්වය සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා (පුද්) සමාගමේ 100% ක කොටස් හිමිකාරීත්වය ශ්‍රී ලංකා රජය සතුව පවතින අතර එම සමාගම්වල සම්පූර්ණ කොටස් අයිතිය හෝ බහුතර කොටස් අයිතිය විකිණීම සඳහා ටෙන්ඩර් බාර ගැනීම පසුගියදා අවසන්විය.

එහිදී පහත සඳහන් සමාගම් මිල ගණන් ඉදිරිපත් කර තිබිණ.

1) EpDeSa PTE Ltd (Singapore)
2) Bharat Petroleum (India)
3) AyGaz (Turkey)
4) Siam Gas (Thailand)
5) BGN DMCC (UAE)
6) Confidence Petroleum (India)
7) OQ Trading (UAE/ Oman)
8) Tristar Group (UAE)
9) LAUGFS Gas PLC (Sri Lanka)
10) United Petroleum Holdings (Malaysia)
11) Vitol Asia PTE Ltd (Singapore) - Netherlands/Switzerland
12) Infinity NGC/Holdings (Mauritius)
13) China National Aero-Technology international engineering Corporation (China)
14) Consulting Engineers and Contracting Pvt Ltd -CEC (Sri Lanka)

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...