The Leader News
BREAKING
Top Ad
Biz

සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඉතිහාසයේ වැඩිම ලාභය වාර්තා කරයි

T

The Leader Desk

March 28, 2024 • 11:38 AM

සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඉතිහාසයේ වැඩිම ලාභය වාර්තා කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
  • මේ සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුවිශේෂී මඟපෙන්වීමක් ලබා දුන් බවද සභාපතිවරයා පැවසීය.
  •   රජය විසින් මිට මාස කිහිපයකට පෙර ලොතරැයි පතක මිළ දෙගුණයකින් වැඩිකළ අතර ඒ අනුව රුපියල් 20කට විකුණු ටිකට් පතක් මේවනවිට අලෙවිකරනු ලබන්නේ රුපියල් 40කටයි.     
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව 2022 – 2023 වසර සඳහා 32%ක ලාභ සීමාවක් වාර්තා කරමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලය නව වාර්තාවක් පිහිටුවා තිබෙන අතර එය 2022 වසරේ ලාභ ප්‍රමාණය මෙන් දෙගුණයකි.

මේ අනුව සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ජනාධිපති අරමුදලට ලබාදුන් දායකත්වය පෙර වසරට සාපේක්ෂව 13%ක ප්‍රතිශතයකින් ඉහළ දමමින් රුපියල් 3,622,506,725 ක අගයක් සහිතව බිලියන තුනක ඉලක්කය ඉක්මවා තිබේ. 

ඒ සමඟම රජයට පිරිනැමෙන දායකත්වය 6%කින් ඉහළ දමමින් රුපියල්  5,193,833,721 ක් ජනාධිපති අරමුදලට පිරිනමා ඇත.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණරත්න නාරංගල සඳහන් කළේ, අභියෝගාත්මක කාලවකවානුවේදී  රටේ ආර්ථිකයේ ඇති වූ අයහපත් බලපෑම් අවම කිරීමට  සංවර්ධන ලොතරැයි මණ්ඩලය උපයෝගී කරගත් ක්‍රමෝපායන් නිසා ඉතා කෙටි කාලයකදී ආදායම් තත්ත්වය ඉහළ නංවා ගැනීමට හැකිවූ බවයි. මේ සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුවිශේෂී මඟපෙන්වීමක් ලබා දුන් බවද සභාපතිවරයා පැවසීය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය ලොතරැයි ටිකට්පත් මෙන්ම අලුතින් හඳුන්වා දෙන ලද විශේෂ ටිකට්පත් සඳහා පිරිනැමෙන තෑගි මුදල් ප්‍රමාණය ඉහළ දැමීමට පියවර ගෙන ඇති බවත්, මෙරට පාරිභෝගික ජනතාවට නව අත්දැකීමක් ලබා දෙමින් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ලොතරැයි ටිකට්පත් හඳුන්වාදීම ද ආරම්භ කර ඇති බවත් පැවසූ සභාපතිවරයා, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ආදායමෙන් 50%ක්ම වෙන් කරනු ලබන්නේ මෙරට අධ්‍යාපනය සහ සෞඛ්‍යය වෙනුවෙන් වීම ද විශේෂත්වයක් බව පැවසීය.

 
රජය විසින් මිට මාස කිහිපයකට පෙර ලොතරැයි පතක මිළ දෙගුණයකින් වැඩිකළ අතර ඒ අනුව රුපියල් 20කට විකුණු ටිකට් පතක් මේවනවිට අලෙවිකරනු ලබන්නේ රුපියල් 40කටයි. 
 
WhatsApp Image 2024 03 28 at 4.50.26 PM

 WhatsApp Image 2024 03 28 at 4.50.25 PM 2


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...