The Leader News
BREAKING
Top Ad
Biz

'පිටරට වෙළෙඳපොළට අවදානය යොමු කළ යුතුයි' - ආචාර්ය සුර්ෆික්

T

The Leader Desk

April 1, 2024 • 12:33 PM

'පිටරට වෙළෙඳපොළට අවදානය යොමු කළ යුතුයි' - ආචාර්ය සුර්ෆික්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආචාර්ය එම්.ජී.එම්. එස්. සුර්ෆික්
  • ආයෝජන, වෙළෙඳ, සංචාරක හා ක්‍රීඩා  අංශවල දියුණුවට උපදෙස් ලබා දෙන ආචාර්ය සුර්ෆික් මේ බව සඳහන් කළේ ඉකුත්දා කොළඹ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.
  • ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වයෙන් වත්මන් රජය ක්‍රියාවට නංවන ආර්ථික ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළ වඩාත් සාර්ථකව තවදුරටත් ඉදිරියට යාමට සියලු ශ්‍රී ලාංකිකයින් එකට එක්වී සහයෝගය දැක්විය යුතු බව ද ඔහු කීය.
  • ජාත්‍යන්තර වෙළෙඳපොළ දිනා ගැනීමට අපේ රටේ ව්‍යවසායකයින්, කර්මාන්තකරුවන් යොමු කිරීමේදී විදේශ රටවල තානාපති කාර්යාලවල, මහකොමසාරිස් කාර්යාලවල සේවය කරන විදේශ දූත මංගල නිලධාරීන්ට විශේෂ වගකීමක් පැවැරී ඇතැයි ද ආචාර්ය සුර්ෆික් පැවැසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

සුළු හා මධ්‍ය පරිමාණ ඇතුළු මෙරට නිෂ්පාදකයන්ගේ භාණ්ඩ හා සේවා පිටරට වෙළෙඳපොළ වෙත වැඩි වැඩියෙන් යොමු කිරීමට ජගත් වෙළෙඳ ප්‍රදර්ශන හා වැඩමුළු සංවිධානය කිරීමට පියවර ගත යුතුව ඇතැයි ආර්ථික හා අයෝජන උපදේශක ආචාර්ය එම්.ජී.එම්. එස්. සුර්ෆික් ප්‍රකාශ කරයි.

ආයෝජන, වෙළෙඳ, සංචාරක හා ක්‍රීඩා  අංශවල දියුණුවට උපදෙස් ලබා දෙන ආචාර්ය සුර්ෆික් මේ බව සඳහන් කළේ ඉකුත්දා කොළඹ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වයෙන් වත්මන් රජය ක්‍රියාවට නංවන ආර්ථික ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළ වඩාත් සාර්ථකව තවදුරටත් ඉදිරියට යාමට සියලු ශ්‍රී ලාංකිකයින් එකට එක්වී සහයෝගය දැක්විය යුතු බව ද ඔහු කීය.

ජාත්‍යන්තර වෙළෙඳපොළ දිනා ගැනීමට අපේ රටේ ව්‍යවසායකයින්, කර්මාන්තකරුවන් යොමු කිරීමේදී විදේශ රටවල තානාපති කාර්යාලවල, මහකොමසාරිස් කාර්යාලවල සේවය කරන විදේශ දූත මංගල නිලධාරීන්ට විශේෂ වගකීමක් පැවැරී ඇතැයි ද ආචාර්ය සුර්ෆික් පැවැසීය.

 


''' ශ්‍රී ලංකාවේ වාණිජ මණ්ඩල, කර්මාන්ත මණ්ඩල හා ව්‍යාපාරික ප්‍රජා එකමුතුවන්ගේ අදහස් හා යෝජනා මෙන්ම ඒ අයගේ නිෂ්පාදන  ලෝකයට ගෙන යෑමට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ, සමුළු, ප්‍රදර්ශන වෙත අප යා යුතුයි. ඒවාගේම විදේශ දූත මණ්ඩලයට ව්‍යවසායකත්වය, වෙළෙඳ ආයෝජනය පිළිබඳව දැනුම තිබෙන අය පත්කළ යුතුයි. ඔවුන්ගේ ප්‍රධාන කාර්යය රටට ආයෝජන, රටට විදේශ විනිමය ගෙන එන තැනට වැඩකිරීමයි.

''දැනටමත් රටවල් 12ක විවිධ වැඩසටහන් සංවිධානය කර තිබෙනවා''

 

අපනයන ආදායම ඉතිහාසයේ වැඩිම අගය වාර්තා කරයි
එකවරම මුළු ලෝකය පුරාම හැල්මේ දුවන්නේ නැතිව රටින් රට, කලාපයෙන් කලාපය අප දිනා ගත යුතුයි. මෙහිදී වාණිජ කටයුතු හා වෙළෙඳ කටයුතු භාර නිලධාරීන්ට වැඩි වගකීක් හිමිවෙනවා. අප දැනටමත් රටවල් 12ක විවිධ වැඩසටහන් සංවිධානය කර තිබෙනවා. චීනය, කැනඩාව, මාලදිවයින, මියන්මාරය, නෙදර්ලන්තය, පෝලන්තය, රුසියාව, සෞදි අරාබිය ස්වීඩනය, තායිලන්තය, වියට්නාමය, ඉන්දියාව ඇතුළු රටවල් වෙත අප යා යුතුයි. ජාතික වාණිජ මණ්ඩලය මේ ගැන සාකච්ඡා කර තිබෙනවා.

අපේ රටේ භාණ්ඩ වර්ග 2000කට වඩා පිටරට යැවීමට පුළුවන්. ඉතා කුඩා ව්‍යවසායකයෙකුගේ නිපැයුමක් වෙත පවා විදේශ වෙළෙඳපොළ දිනාදීමට කටයුතු කළ යුතුයි.

රටට විදේශ විනිමය ලැබෙන සංචාරක කර්මාන්තය තව පුළුල් විය යුතුයි. වෙළෙඳාම වැඩිදියුණු විය යුතුයි. අපේ රටේ මහපොළොවෙන් හමුවන වටිනා මුතු මැණික් අපි පිටරටවලට ගොස් ප්‍රදර්ශන පවත්වා පෙන්විය යුතුයි. එවිටයි  විදේශකයින් අපේ රටට එන්න බලන්නෙ. අපි රට ඇතුළේ මොන ප්‍රශ්න ගැටලු තිබ්බත් ඒවා පිටට නොපෙන්විය යුතුයි. රටේ ජනතාවට වාසිදායක ප්‍රතිඵලදායක අනාගතයක් උදාකර ගන්නට හැකි වන්නේ එවිටයි.  

 

පෝර්ට් සිටියට ඇ.ඩො. බිලියන 1.2ක් ආයෝජනය කරන 'චයිනා හාබර් සමාගම' ?

 
කොළඹ වරාය නගරයේ නව ආයෝජන සිදු කිරීමට විදේශිකයින්ට තිබෙන අවස්ථා ගැන ඔවුන් දැනුම්වත් කළ යුතුයි. මේ සඳහා යම් මට්ටමක ප්‍රදර්ශන, වැඩමුළු පැවැත්විය යුතුයි. ඒවා මනාව සම්බන්ධීකරණ කරගෙන පැවැත්විය යුතුයි. රාජ්‍ය ආයතනවලින් ආර්ථික දියුණුවට එකසේ වගකියන රාජ්‍ය ආයතන සියල්ලන්ගේම එකමුතුවක් අවශ්‍යයි. ආයෝජකයින්ට ලබාදෙන සහන අවස්ථා ගැන දැනුම්වත් කළ යුතුයි. 
 
ජනාධිපති කාර්යාලයේ, අගමැති කාර්යාලයේ පටන් සෑම අමාත්‍යාංශයකම මනා සම්බන්ධීකරණයක් ඇතිව කාටත් පිළිගත හැකි ආයෝජන වෙළෙඳ, සංචාරක ක්‍රියා ප්‍රවර්ධන වැඩපිළිවෙළක් ඇති කළ යුතුයි. සියලු ශ්‍රී ලාංකිකයින් ඊට එක්කරගත යුතුයි'' ආචාර්ය සුර්ෆික් කීය.
(dinamina.lk - ජයසිරි මුණසිංහ)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'පිටරට වෙළෙඳපොළට අවදානය යොමු කළ යුතුයි' - ආචාර්ය සුර්ෆික් | The Leader