The Leader News
BREAKING
Top Ad
Biz

කොමර්ෂල් බැංකුවට නව සභාපතිවරයෙක් සහ නියෝජ්‍ය සභාපතිවරයෙක්

T

The Leader Desk

April 18, 2024 • 5:52 PM

කොමර්ෂල් බැංකුවට නව සභාපතිවරයෙක් සහ නියෝජ්‍ය සභාපතිවරයෙක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොමර්ෂල් බැංකුව 2024 අප්‍රේල් 22 වන සඳුදා සිට බලපැවැත්වෙන ලෙස සිය සභාපතිවරයා ලෙස ප්‍රමුඛතම ජාත්‍යන්තර ආයෝජන
  • ඔහු ආසියාවේ මූල්‍ය ආයතන කිහිපයකම උපාය මාර්ගික ආයතනික න්‍යාය පත්‍රයන් සහ මාර්ගගත සිතියම් ක්‍රියාත්මක කිරීමට සහයෝගය දක්වමින් සමාගම් අධ්‍යක්ෂ මණ්ඩලවල සහ ජ්‍යෙෂ්ඨ නායකත්ව කණඩායම්වල ජ්‍යෙෂ්ඨ සමාජිකයෙකු ලෙස කටයුතු කර තිබේ.
  • ඔහු මිට පෙර Credit Suisse, Bank of America Merrill Lynch සහ JP Morgan යන ගෝලීය ආයෝජන බැංකුවල ප්‍රමුඛතම වෘත්තිකයෙකු ලෙස සේවය කර ඇත.
  • මීට අමතර ව, ඔහු Deloitte හි, සහකාර අධ්‍යක්ෂකවරයා ලෙස ද සේවය කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

බැංකුකරුවෙකු වන ෂාර්හන් මුෂීන් සහ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස මූල්‍ය සේවා වෘත්තිකයෙකු වන රාජා සේනානායක පත් කර තිබේ.

ෂාර්හන් මුෂීන් මීට පෙර කොමර්ෂල් බැංකුවේ උපසභාපතිවරයා ලෙස කටයුතු කළ අතර සභාපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය ආනන්ද ජයවර්ධන එම තනතුරෙන් විශ්‍රාම යාම හේතුවෙන් ෂාර්හන් මුෂීන් සභාපතිවරයා වීමෙන් පසුව උප සභාපති ධූරයේ ඇති වූ පුරප්පාඩුව සඳහා විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු වන රාජා සේනානායක තෝරා පත්කර ගත් බව බැංකුව සඳහන් කරයි.


ජ්‍යෙෂ්ඨ ආයෝජන බැංකුකරුවෙකු වන ෂාර්හන් මුෂීන් ඒකාබද්ධ කිරීම් සහ අත්පත් කර ගැනීම්, ආයතනික මූල්‍යනය සහ ප්‍රාග්ධන වෙළෙඳපොළවල් යන අංශ සම්බන්ධයෙන් පුළුල් අත්දැකීමක් සහිත බැංකුකරුවෙකු වේ. ඔහු ආසියාවේ මූල්‍ය ආයතන කිහිපයකම උපාය මාර්ගික ආයතනික න්‍යාය පත්‍රයන් සහ මාර්ගගත සිතියම් ක්‍රියාත්මක කිරීමට සහයෝගය දක්වමින් සමාගම් අධ්‍යක්ෂ මණ්ඩලවල සහ ජ්‍යෙෂ්ඨ නායකත්ව කණඩායම්වල ජ්‍යෙෂ්ඨ සමාජිකයෙකු ලෙස කටයුතු කර තිබේ. ඔහු මිට පෙර Credit Suisse, Bank of America Merrill Lynch සහ JP Morgan යන ගෝලීය ආයෝජන බැංකුවල ප්‍රමුඛතම වෘත්තිකයෙකු ලෙස සේවය කර ඇත. මීට අමතර ව, ඔහු Deloitte හි, සහකාර අධ්‍යක්ෂකවරයා ලෙස ද සේවය කර තිබේ.


ෂාර්හන් මුෂීන් කොළඹ විශ්ව විද්‍යලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ලබාගෙන තිබෙන අතර වෙස්ටර්න් මිචිගන් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාරික පරිපාලනය (ගෞරව) පිළිබඳ මූලික උපාධිය ලබාගෙන තිබේ. එසේම, නිව්යෝක් හි, JP Morgan සමඟ ආයතනික මූල්‍යනය පිළිබඳ පුහුණු වැඩසටහනක්ද ඔහු විසින් සම්පූර්ණ කර ඇත.

2020 සැප්තැම්බර් මාසයෙහි සිට කොමර්ෂල් බැංකුවේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙක් වූ රාජා සේනානායක , CA Sri Lanka හි සාමාජිකයෙක් වන අතර ගණකාධිකරණ වෘත්තියෙහි වසර 30කට වැඩි කලක් සේවය කරමින් ලැබූ පළපුරුද්ද සහ පශ්චාත් සුදුසුකම් ඇති පුද්ගලයෙකි. එමෙන් ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ PIM වෙතින් පශ්චාත් උපාධි ඩිලෝමාවක් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් B.Com (විශේෂ) උපාධියක් සහිත උපාධිධාරියෙක් ද වෙයි. මීට අමතර ව, Euromoney සමඟ බැංකු සහ මූල්‍ය කටයුතු පිළිබඳ පුහුණුවක් සහ සිංගප්පූරුවෙහි ජාතික විශ්වවිද්‍යාලයෙහි කළමනාකරණය පිළිබඳ පුහුණුවක් ද ලබා ගෙන ඇත.


Ernst & Young හි ලිපි සම්පූර්ණ කිරීමෙන් වරලත් ගණකාධීකාරීවරයෙකු ලෙස සුදුසුකම් ලබන රාජා සේනානායක, 1991 දි Singer Industries (Ceylon) PLC හි මූල්‍ය ගණකාධිකාරීවරයෙක් ලෙස සම්බන්ධ වන අතර 1994 වර්ෂයේ දී ජ්‍යෙෂ්ඨ මූල්‍ය කළමණාකාරුවෙක් ලෙස කොමර්ෂල් බැංකුව හා සම්බන්ධ විය. 2004 ජනවාරී මාසයේදී සේනානායක මහතා බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (මූල්‍ය සහ සැලසුම්) තනතුරට පත් වූ අතර 2007 වර්ෂයෙහි පෙබරවාරි දක්වා මෙම තනතුර හෙබවීය. ඉන්පසු 2007 වර්ෂයේ මාර්තු මාසයේ දී Nations Trust Bank PLC හි ප්‍රධාන මූල්‍ය නිළධාරියා ලෙස සම්බන්ධ විය. මීට අමතරව සේනානායක මහතා කොමර්ෂල් බැංකුවේ පූර්ණ අනුබද්ධිත සමාගමක් වන CBC Finance Ltd හි විධායක නොවන අධ්‍යක්ෂවරක් ද විය.


කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව සහ ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා ජාලයක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 964 ක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.

(adaderana.lk)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...