The Leader News
BREAKING
Top Ad
Biz

ශ්‍රී ලංකන් ගන්න ආ සමාගම් තුනක් දෙවන අදියරට

T

The Leader Desk

May 23, 2024 • 9:32 AM

ශ්‍රී ලංකන් ගන්න ආ සමාගම් තුනක් දෙවන අදියරට  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ වන විට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන පුද්ගලික ව්‍යවසාය ක්ෂේත්‍රයන් ගෙන් අභිලාෂ කැඳවීමේ ක්‍රියාවලියේ දෙවන අදියරට රජය පැමිණ තිබේ.
  • අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියේ තවදුරටත් නිරත වීමට කෙටි ලැයිස්තුගත කර ඇති සමාගම් තුනට ඇතුළත් වන්නේ පහත සංගම් තුනයි.
  • එයාර් ඒෂියා කන්සල්ටිං : ගුවන් සේවා උපදේශන ක්ෂේත්‍රයේ හොඳින් ස්ථාපිත නමක් හිමි කරගෙන ඇති ගුවන් සේවා මෙහෙයුම්, උපාය මාර්ගික සැලසුම් සහ උපාය මාර්ග පිළිබඳ විශේෂඥතාව සඳහා ප්‍රසිද්ධ සමාගමකි.
  • මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ නව වෙළෙඳපොළ වෙත ව්‍යාප්ත කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම ඔවුන් විසින් සිය මැදිහත් වීම මත යෝජනා කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


දිගින් දිගටම පාඩු ලබමින් රජයේ මූල්‍ය අනුග්‍රාහයෙන් ඉතා අසීරු තත්ත්වයෙන් පවත්වාගෙන ආ මෙරට ජාතික ගුවන් සේවය තවදුරටත් රජය මගින් නඩත්තු කිරීමට නොහැකි වාතාවරණයකට මුහුණ දී ඇති අවස්ථාවක එහි ප්‍රගමනය හා රැකියා සුරක්ෂිතභාවය සහතික කිරීම පිණිස රජය විසින් පුද්ගලික අභිලාෂකරුවන්ගෙන් මෙම ගුවන් සේවය ඉදිරියට පවත්වාගෙන යාමට අභිලාෂ කැඳවූ අතර ඒ සඳහා ලංසුකරුවන් 6 දෙනෙක් සිය කැමැත්ත ප්‍රකාශ කරන ලදි. 

මේ වන විට එම ඉදිරිපත් වූ සමාගම් 6 හි ප්‍රගති සමාලෝචනයන් හී නිරත අමාත්‍ය මණ්ඩලය විසින් මුල් ලංසුකරුවන් හය දෙනාගෙන් ප්‍රමුඛ තරඟකරුවන් තිදෙනෙකු ප්‍රකාශයට පත් කර ඇති අතර අදාල නිර්දේශ හා ශඛ්‍යතා අධ්‍යයනයන් ගෙන් පසුව මෙම කෙටි ලැයිස්තු ගත කිරීම කැබිනට් මණ්ඩලය විසින් සිදු කොට ඇති බව වාර්තා වේ.  

මෙම තීරණය වර්තමානයේ ඉතා දුෂ්කර තත්ත්වයකින් මෙන්ම කිසිදු අනාගත සැලසුමකින් තොරව එදිනෙදා වියදම් පිරිමසාගනිමින් පවත්වාගෙන යන මේ රටේ ජාතික ගුවන් සේවයේ පුනර්ජීවනය සඳහා වැදගත් පියවරක් සනිටුහන් කරයි.

අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියේ තවදුරටත් නිරත වීමට කෙටි ලැයිස්තුගත කර ඇති සමාගම් තුනට ඇතුළත් වන්නේ පහත සංගම් තුනයි.

ෂෙරීෂා/ සුප්‍රීම් ග්ලෝබල් සංධානය: 


Sheikh Nayef Bin Eid Al Thani ගේ පුද්ගලික කාර්යාලයේ ජාත්‍යන්තර ආයෝජන අංශය වන MBS Investments වෙතින් සැලකිය යුතු මූල්‍ය අනුග්‍රහයක් ඇතිව මෙම සමුහය Supreme Global Holdings සහ SHERISHA TECHNOLOGIES PRIVATE LIMITED මෙම බලවත් සන්ධානය ගොඩ නගා ඇති අතර දේශීය සමාගමක් වන සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් විසින් ජාත්‍යන්තර ප්‍රමුඛතම සමාගම් ඒකාබද්ධ කරගනිමින් ඉතා විශාල මූල්‍ය ආයෝජනයක් සමගින් රටේ ජාතික ගුවන් සේවයේ හිමිකාරීත්වය දේශීය සමාගමක් සතුව තබා ගනිමින් අන්තර් ජාතික ප්‍රමිතියට අනුකූලව වැඩි දියුණු කරමින් ඉතා කෙටි කලක් තුළ ලාභදායි ව්‍යාපාරයක් බවට පත් කරන අතරම දැනට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සියළු රැකියා ක්ෂේත්‍රයන් හී වෘත්තීමය සුරක්ෂිතතාව සහතික කරමින් වඩා උසස් ගුවන් සේවයක හිමිකාරීත්වය ශ්‍රී ලංකාවට උරුම කර දීමට මෙම සහයෝගිතාව මත කටයුතු කරයි. 

සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් හී නිර්මාතෘ හා මෙරට ප්‍රමුඛ ව්‍යවසායකයකු වන ආර්.එම්. මනිවන්නන්, මෑත ඉතිහාසයේ සමස්ත ශ්‍රී ලංකාවාසීන් මුහුණ දුන් දැවැන්තම බලශක්ති අර්බුදය තුළ ණය දිගු කිරීම ඇතුළුව ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබාදුන් අතර මෙරට ඉන්ධන අර්බුදය අවසන් කොට සිය ජාත්‍යන්තර සබඳතා ඔස්සේ රට යළිත් යතාවත් කිරීමට ප්‍රමුඛ කාර්යයක් සිදු කළ දේශීය ව්‍යවසායකයෙක් ලෙස ප්‍රසිද්ධය. 

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ජාත්‍යන්තර තරඟකාරිත්වය ඉහළ නංවමින් සිය ජාත්‍යන්තර සබන්න්ධතා, ව්‍යාපාරික වපසරිය තුළ වඩාත් පරිපූර්ණ ජාත්‍යන්තර ප්‍රමිතියේ ගුවන්සේවයක් ලෙසින් මෙරට ජාතික ගුවන් සේවය ප්‍රමිතිගත කිරීමට අවශ්‍ය සියළුම මූල්‍ය ශඛ්‍යතාව හා ජාත්‍යන්තර ව්‍යවසය ශක්තියත්, ක්‍රමෝපායික සැලසුම් සහිත දිගු කාලීන ව්‍යවසාය පරිණතභාවයත් මෙම සමාගම සතු වේ.

එයාර් ඒෂියා කන්සල්ටිං :

ගුවන් සේවා උපදේශන ක්ෂේත්‍රයේ හොඳින් ස්ථාපිත නමක් හිමි කරගෙන ඇති ගුවන් සේවා මෙහෙයුම්, උපාය මාර්ගික සැලසුම් සහ උපාය මාර්ග පිළිබඳ විශේෂඥතාව සඳහා ප්‍රසිද්ධ සමාගමකි. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කළමනාකාරිත්වය සහ වර්ධනය පිළිබඳ නැවුම් ඉදිරි දර්ශනයක් සහිතව ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව නව යෝජනා සහිතව ඔවුන් විසින් මෙම අභිලාෂයන් ඉදිරිපත් කිරීමට ඉදිරිපත් වි සිටියි. මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ නව වෙළෙඳපොළ වෙත ව්‍යාප්ත කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම ඔවුන් විසින් සිය මැදිහත් වීම මත යෝජනා කරයි.

Hayleys PLC : 

කෘෂිකර්මාන්තයේ සිට සැපයුම් සේවා සහ ප්‍රවාහනය දක්වා විහිදෙන ශ්‍රී ලංකාවේ විශාලතම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයකි. කෙටි ලැයිස්තුවට ඔවුන් ඇතුළත් කිරීම ගුවන් සේවයේ මෙහෙයුම් සැපයුම් සහ දේශීය සම්බන්ධතා වැඩිදියුණු කළ හැකි දේශීය ව්‍යාපාරික භූ දර්ශනය පිළිබඳ ගැඹුරු අවබෝධයක් සහිතව මෙම අභිලාෂකරුවන්ගේ ලැයිස්තුවේ ඉදිරියට පැමිණ තිබේ.

 

මෙම කෙටි ලැයිස්තුගත කිරීමේ ක්‍රියාවලිය තුළ මෙරට ජාතික ගුවන් සේවය වඩාත් විශිෂ්ට දේශීය ව්‍යාපාරයක් බවට පත් කිරීමට රජය දක්වන උනන්දුව කැපී පෙනෙයි. මගී ගුවන් සේවාකට වඩා එහා ගිය ගෝලීය ගුවන් සේවා ජාලය සමගින් කරට කර තර කළ හැකි ගුවන් භාණ්ඩ හා සේවා ප්‍රවාහනය, මෙන්ම සෙසු ගුවන් සේවා ආශ්‍රීත ව්‍යාපාර ක්ෂෙත්‍රයන් හා ඒකාබශ්ධ වූ නව්‍ය ව්‍යවසාය ක්ෂෙත්‍රයන් හා ඒකාබද්ධ වෙමින් ශී ලංකන් ගුවන් සේවය මෙරට සන්නාමය ලෝකයට වඩාත් අභිමානයෙන් රැගෙන යන ලාභදායි ව්‍යාපාර්යක් කිරීම එහි ප්‍රමුඛතම ඉලක්කයයි.

 

මේ වන විටත් කෙටි ලැයිස්තුගත කිරීමට පත් ආයතන හට කලාපීය ප්‍රභලයන් ගේ සහයෝගීතාව ඉදිරිපත් වෙමින් තිබේ. එය ශ්‍රි ලංකන් ගුවන් සමාගමට සහ එහි පාර්ශ්වකරුවන්ට මෙම පුද්ගලීකරණ ක්‍රියාවලිය තුළ ලබා ගත හැකි උපරිම ප්‍රතිඵල සහතික කරමින් මෙම ආයතනික ප්‍රතිව්‍යුහගත කිරීම තුළ  විනිවිද පෙනෙන සහ උපාය මාර්ගික ප්‍රවේශයක් සඳහා කැපවීමෙන් කටයුතු කරනු ලබන රජය හා කැබිනට් මණ්ඩලය විසින් ශ්‍රී ලංකන් ගුවන්සේවය හා එහි සේවකයින්ගේ සුරෂිතබව සහතික කිරීමට දරණ අවංක උත්සාහය වෙනුවෙන් ලැබී ඇති ඇගයීමක් ලෙසින් සැලකිය හැක.

මෙම කෙටි ලැයිස්තුගත කිරීමේ ක්‍රියාවලියට කැබිනට් මණ්ඩලයේ තිරණයන් තුළ තෝරා ගෙන ඇති සමාගම් දෙස බලන විට මෙම ක්‍රියාවලිය ඉදිරියට යන විට, කලාපීය සහයෝගීතාවය තහවුරු කළ හැකි, විශේෂයෙන් කටාර් වැනි ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ මැදිහත්වීම හා ජාත්‍යන්තර ශක්තිමත් හවුල්කරුවන් ගේ  ඝෘජු සහයෝගය හිමි අභිලාෂකරුවන්ටශ්‍රී ලංකන් ජාතික ගුවන් සේවය වඩා උසස්  සහ දකුණු ආසියානු ගුවන් සේවාවන් අතර වඩාත් ශක්තිමත් හා විශ්වසනීය ලාබදායි ගුවන් සේවයක් බවට පත් කිරීමේ හැකියාව ඇති බව අවිවාදයෙන් සටහන් කළ හැකි බව ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රවිනයින්ගේ අදහස වී ඇත. 


(ජේ. මුණසිංහ )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...