The Leader News
BREAKING
Top Ad
Biz

ශ්‍රී ලංකන් ලාභ ලබන්න දියුණු කරන්න පුලුවන් - සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස්

T

The Leader Desk

May 27, 2024 • 12:21 PM

ශ්‍රී ලංකන් ලාභ ලබන්න දියුණු කරන්න පුලුවන් - සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකන් ගුවන් සමාගමට සිය සේවාවන් තවත් වර්ධනය කරමින් වඩාත් නවීන පහසුකම් හා අන්තර්ජාතික සහයෝගීතාවයන් යටතේ ගුවන් සේවය
  •   ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වයට දායක වීමේ ක්‍රියාවලියට දිගු කාලීන ඉතිහාසයක් ඇති බව පවසන එම සමාගම, ශ්‍රී ලංකන් ගුවන් සේවය ගොඩනැංවිමට හැකි බවට විශ්වාසය පළ කරයි.
  • නමුත් සියළු වටිනාකම්වලට වඩා ශ්‍රී ලාංකිකත්වය හා ශ්‍රී ලංකාවේ අභිමානයේ වටිනාකම සියල්ලට වඩා ඉදිරියේ තැබූ මේ ආදි රාජකීයයා පැය 72ක් තුළ මෙරට දෙකෝටි විසි ලක්ෂයක ජනතාවගේ ආත්ම ගෞරවය, අභිමානය සුරක්ෂිත කරන ලදි.
  • මෙය ක්ෂණික අර්බුදය නිරාකරණය කළා පමණක් නොව, සුප්‍රීම් ග්ලෝබල් හි නව්‍ය ප්‍රවේශය සහ මූල්‍ය ඥානය පෙන්නුම් කරමින් අදටත් භාවිත කරන ආකෘතියක් ද ආර්ථික ක්ෂේත්‍රය තුළ ස්ථාපිත කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ලාභදායි සහ සාඩම්බර ජාතික ගුවන් සේවයක් ලෙස දියුණු කිරිමට හැකියාව පවතින බව 'සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස්' පවසයි.

මේ වන විට සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස්, ශ්‍රී ලංකන් ගුවන් සේවය අත්පත් කර ගැනීම සඳහා ඉදිරිපත්ව සිටියි.  

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වයට දායක වීමේ ක්‍රියාවලියට දිගු කාලීන ඉතිහාසයක් ඇති බව පවසන එම සමාගම, ශ්‍රී ලංකන් ගුවන් සේවය ගොඩනැංවිමට හැකි බවට විශ්වාසය පළ කරයි.

ඒ සම්බන්ධව සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් නිකුත් කළ නිවේදනයක මෙසේ සඳහන්ව තිබිණ. 

සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස්: ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව බලාපොරොත්තුවක්…

 

''  ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්, මෙරට එකම ජාතික ගුවන් සේවය විවිධාකාර වූ දුෂ්කරතා මත සිය අනාගතය ගැන කැලඹිලි සහිත අවිනිෂ්චිත කාලයක පසු වන විට, 6000ක් වූ එහි සේවක මණ්ඩලය හා එම පවුල් වල සුරක්ෂිතභාවය තහවුරු කරමින් රටේ ජාතික ආර්ථිකයට බලපෑමක් එල්ල කරන ණය කන්දක හිමිකරුවෙක් වී මෙරට කිසි දිනෙක ගුවනින් ගමන් කරන්නට නොසිතූ පුරවැසියකු පවා රුපියල් එක්ලක්ෂ පණස්දහසක ණයක උරුමකරුවෙක් කළ ශ්‍රී ලංකන් ගුවන් සේවය යළි ලාභදායි ව්‍යාපාරයක් ලෙසින් සුරක්ෂිත කරන්නට සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් විසින් ඉදිරිපත් කරන ලද ලංසුව මහජනතාව සහ ගුවන් සේවා කාර්ය මණ්ඩලය අතර සැලකිය යුතු අවධානයක් සහ නව සුබදායි අපේක්ෂා දල්වන්නට සමත්වී තිබේ.

සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් යන මෙරට විවිධාංගීකරණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ නිරත පුද්ගලික ව්‍යවසායක නාමය ඔවුන් පැමිණි සාර්ථක ගමන් මග දෙස බැලීමේදී ගම්‍ය වන ප්‍රධානතම කරුණ වන්නේ සෑම විටකම සිය ආයෝජනයන් හා ජාත්‍යන්තර ව්‍යවසාය අවස්ථාවන් මෙරට පොදු ජනතාවගේ ජීවන තත්ත්වයන් උසස් කිරීමටත් ඉවහල් වන ලෙස ඔවුන් විසින් කළමණාකරණය කිරීමට දක්වන සුවිශිෂ්ටභාවයයි. මෙම ව්‍යාපාර ජාලය දෙස දෙස සමීපව බලන කල් හී විශේෂයෙන් වසර දෙකකට පෙර සමස්ත ලක්වැසියන් අතිශය පීඩාවට පත් කරන්නට හේතු වුනු ඉන්ධන හා බලශක්ති අර්බුදය විසඳන්නට නිහඬ සේවයක් සැපයූ ප්‍රධානතම පුද්ගලික ව්‍යවසායකයා වන්නේ ද සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් ය..

බලශක්ති අර්බුදය තුළ ඔප්පු කළ හැකියාව:

 

සමස්ත ලක්වැසියන් අතිශය පීඩාවට පත් කරන්නට හේතු වුනු ඉන්ධන හා බලශක්ති අර්බුදය විසඳන්නට නිහඬ සේවයක් සැපයූ ප්‍රධානතම පුද්ගලික ව්‍යවසායකයා වන්නේ ද සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් ය
මීට වසර දෙකකට පෙර ශ්‍රී ලංකාව මූල්‍යමය බාධාවන් හේතුවෙන් ගුවන් යානා ඉන්ධනවල උග්‍ර හිඟයකට මුහුණ දුන්නේය. ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන ලබා ගැනීමට විශාල අර්බුදයකට මුහුණ දෙමින් කිසිදු පිළිසරණක් නොමැතිව දිනෙන් දින අසරණ වෙමින් පවතින වකවානුවක, ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු සියලුම ගුවන් සමාගම්වලට විදේශීය ගුවන් තොටුපළවලින් ඉන්ධන ලබා ගැනීමට සිදු විය. ගුවන් සේවා කාර්ය මණ්ඩලය ත්‍රිවන්ද්‍රම් වෙත නිමක් නැති නැවත ගමන් කිරීම සිදුවූයේ මෙරටින් පිටත් වන හා මෙරටට පැමිණෙන ගුවන් මගීන් ට දැඩි දුෂ්කරතා රැසකට මුහුණ පෑමට ඉඩ කඩ නිර් මාණය කරමිනි. මෙරට ගුවන් සේවය හා එහි ප්‍රමිතිය පිළිබඳව ලෝකයේ මහා ඉහළින් සටහන් වූ අතීතයක් හරහා ශ්‍රී ලන්කන් ගුවන් සේවා කාර්ය මණ්ඩලයට ගුවන් යානා තුළ ගුවන් තොටුපළ තුළ විවිධ අපහාස, උපහාස නින්දා ලබමින් විශාල මානසික පීඩනයකින් තමන් ගේ රැකියාව කරන්නට සිදුවූ  එම ඛේදනීය කාල පරාසය තුළ මෙම සේවා පහසුකම් හිඟකම නිසා ඇති වූ තත්ත්වයන් සැලකිය යුතු ප්‍රමාදයන්, මගීන්ට අපහසුතා සහ මිලියන ගණනක මූල්‍ය පාඩු වලට හේතු විය.

 

ජනතාවට බරක් වූ 'ශ්‍රී ලංකන්' විකුනන්න යයිමෙරට ජාතික ගුවන් සේවයට ලෝකයෙන් එල්ල වන කළු පැල්ලම ඉවත් කරන්නට ඔහු නොබියව පෙරට ආවේ සිය ආයතනික වත්කම් ද තීරණාත්මක අවදානමකට ලක් කරමිනි.

කිසිදු පැහැදිළි පිළිතුරක් කිසිවෙකුත් අත නොවූ එම අවස්ථාවේ මෙරට එක් ව්‍යවසායකයෙක් දශක දෙකක කාලයක් පුරා තමන් විසින් ගොඩ නගාගත් ජාතික හා ජාත්‍යන්තර ව්‍යවසාය සබඳතා හා අන්තර්ජාතික විශ්වාසය හරහා මෙම අර්බුදය විසඳා මෙරටට මෙන්ම මෙරට ජාතික ගුවන් සේවයට ලෝකයෙන් එල්ල වන කළු පැල්ලම ඉවත් කරන්නට නොබියව පෙරට ආවේ සිය ආයතනික වත්කම් ද තීරණාත්මක අවදානමකට ලක් කරමිනි. නමුත් සියළු වටිනාකම්වලට වඩා ශ්‍රී ලාංකිකත්වය හා ශ්‍රී ලංකාවේ අභිමානයේ වටිනාකම සියල්ලට වඩා ඉදිරියේ තැබූ මේ ආදි රාජකීයයා පැය 72ක් තුළ මෙරට දෙකෝටි විසි ලක්ෂයක ජනතාවගේ ආත්ම ගෞරවය, අභිමානය සුරක්ෂිත කරන ලදි. ඔහු නම් ආර්.එම්. මනිවන්නන් මහතාය. 

සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් ශ්‍රී ලංකන් ගොඩගන්න අත ගහයිආර්.එම්. මනිවන්නන්

ඒ මහතා ගේ නායකත්වය යටතේ සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ග්ස් පෙර නොවූ විරූ විසඳුමක් සමඟින් සමගින් යළිත් මෙරට බලශක්ති අර්බුදය සමනය වන්නට පටන් ගත්තේය. ණයවර ලිපි හෝ බැංකු ඇපකර අවශ්‍යතාවයකින් තොරව නව්‍ය මාදිලි ණය මත ගුවන් යානා ඉන්ධන ආනයනය කිරීමට ඉඩ සලසන " නව්‍ය මාදිලි ගිවිසුමක්" හඳුන්වා දෙන ලදී. ගුවන් සේවා ගනුදෙනුකරුවන්ගේ අරමුදල් සතිපතා ප්‍රේෂණය කරන ලද එස්ක්‍රෝ ගිණුමක් හරහා ගෙවීම් කළමනාකරණය කරන ලදී. මෙය ක්ෂණික අර්බුදය නිරාකරණය කළා පමණක් නොව, සුප්‍රීම් ග්ලෝබල් හි නව්‍ය ප්‍රවේශය සහ මූල්‍ය ඥානය පෙන්නුම් කරමින් අදටත් භාවිත කරන ආකෘතියක් ද ආර්ථික ක්ෂේත්‍රය තුළ ස්ථාපිත කළේය.

"මෝඩලිටි ගිවිසුම" නව විසඳුමක් වූ අතර එය කඩිනම් සහන සැලසීම පමණක් නොව ශ්‍රී ලංකාව තුළ ගුවන් යානා ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා තිරසාර ආකෘතියක් ද නිර්මාණය කළේය. මෙම ගිවිසුමේ සාර්ථකත්වය, ගුවන් සේවා සඳහා බාධාවකින් තොරව මෙහෙයුම් සහ රටට සැලකිය යුතු ඉතිරියක් සහතික කරමින්, සංකීර්ණ මූල්‍ය සහ සැපයුම් අභියෝගවලට සැරිසැරීමට සුප්‍රීම් ග්ලෝබල් සතු හැකියාව පිළිබඳ සාක්ෂියක් මෙරට සමස්ත පාලනාධිකාරිය වෙත ලබා දුන්නේය.


ජාතික අභිමානය සහ ආර්ථික ස්ථාවරත්වය සඳහා කැපවීම:

සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස්, ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වයට දායක වීමේ ක්‍රියාවලියට දිගු කාලීන ඉතිහාසයක් ඇත. ගුවන් ඉන්ධන අර්බුදය මඟහරවා ගැනීම සඳහා සමාගම විසින් සිදු කළ මෙම කාර්යභාරය සමාගමට ජාතික තලයේ අර්බුද කළමණාකරණය කිරීමට ඇති ක්‍රමෝපායික හැකියාව සහ ඉහළ කළමණාකාරීත්වය නිසි ලෙස හැසිරවීමට සමාගම් ප්‍රධානියාට ඇති විචක්ෂණශීලී හැකියාව මෙන්ම කැපවීම පිළිබඳ සාක්ෂියකි. සරල කෙටි කාලීන විසඳුම් වෙනුවට වඩාත් යහපත් උපායශීලී සංවර්ධන තීන්දු තීරණ ගැනීම පිළිබඳව මනා ඉතිහාසයක් ඇති සමාගම සෑම අවස්ථාවකම මූල්‍ය හා ආර්ථික විසඳුම් වඩාත් මානුෂීය රාමුවක සිට ඉදිරිපත් කරන්නෙක් ලෙස ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද ඇගයීමට ලක්වී ඇත.

එහි තවත් එක් දිගුවක් ලෙසින් මේ වන විටත් මෙරට ජාතික ගුවන් සේවයට යළි අභිමානය ගෙන ඒමේ මෙහෙයුමට එක්ව සිටින සුප්‍රීම් ග්ලෝබල් සමාගම, ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා වන සමාගමේ උපායමාර්ගික දැක්මට මූල්‍යමය පෙරළියක් පමණක් නොව ජාතික අභිමානයේ සංකේතයක් ලෙස ගුවන් සේවය යළි ස්ථාපිත කිරීම ද ඇතුළත් කොට තිබීම මත සුප්‍රීම් ග්ලෝබල් සමාගම ජාතිකත්වයට, මෙන්ම මේ රටේ පොදු ජනතාවගේ ආකල්පයන්ට දෙන වටිනාකම යළිත් පසක් කරන්නට සමත් වී ඇත.

 

srilankan airlines product02ශ්‍රී ලංකන් ගුවන් සමාගමට සිය සේවාවන් තවත් වර්ධනය කරමින් වඩාත් නවීන පහසුකම් හා අන්තර්ජාතික සහයෝගීතාවයන් යටතේ ගුවන් සේවය ලාභදායි සහ සාඩම්බර ජාතික ගුවන් සේවයක් ලෙස දියුණු වන බව සහතික කරයි.
සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස්, ශ්‍රී ලංකන් ගුවන් සේවය අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියට මැදිහත්වීම, මෙරට ජාතික ගුවන් සේවයට නැවුම් බලාපොරොත්තු රැසක සාර්ථකත්වයන් පෙන්නුම් කරන්නට සමත් වෙයි. අතීත ජයග්‍රහණ ශක්තියෙන් ඉදිරියට ආ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට සිය සේවාවන් තවත් වර්ධනය කරමින් වඩාත් නවීන පහසුකම් හා අන්තර්ජාතික සහයෝගීතාවයන් යටතේ ගුවන් සේවය ලාභදායි සහ සාඩම්බර ජාතික ගුවන් සේවයක් ලෙස දියුණු වන බව සහතික කරයි.

අද වන විට මෙම ප්‍රතිව්‍යුහගත කිරීම සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සමාගමට තවත් එක් ව්‍යාපාරික කාරණාවක් නොවේ. මේ රටේ ජාතික අභිමානය අහසේ සටහන් කරන මේ රටේ සමස්තයක් ජනතාවගේ ආත්මගරුත්වය සුරක්ෂිත කිරීමේ අවස්ථාවට දේශීය ව්‍යවසායකයකුට උර දීමට ලැබෙන අමිල අවස්ථාව වෙනුවෙන් කෙරෙනා ඉදිරිපත්වීමකි. ලක්ෂ දෙකකට වඩා වැඩි ඝෘජු හා වක්‍ර රැකියා අවස්ථා අහිමි වන්නට යන දේශීය ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරන්නට ගන්නා මහඟු වෑයමක තවත් එක් දිගුවකි.

අපි අපේ අභිමානය වෙනුවෙන් එක්වෙමු, රටේ අභිමානය යළිත් ගුවනේ පියාසර කරවමු.... ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සඳහා දීප්තිමත් අනාගතයක් ගොඩනගමු.''

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ශ්‍රී ලංකන් ලාභ ලබන්න දියුණු කරන්න පුලුවන් - සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් | The Leader