ඒ අනුව, මුං ඇට, උඳු, කව්පි, කුරක්කන්, සෝයා පිටි සහ රටකජු ආනයන පාලන බලපත්‍ර අවශ්‍යතාව මෙලෙස ඉවත් කර තිබේ.
මැයි 1 වන දා වන විට සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 126ක් යටතේ වර්ගීකරණ කරන ලද, ආහාරයට ගනු ලබන තෝරාගත් ධාන්‍ය වර්ග සහ භාණ්ඩ වර්ග ආනයන පාලන බලපත්‍ර අවශ්‍යතාවට යටතේ කරනු ලැබ ඇති අතර සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 53කට අදාළව ආනයන පාලන බලපත්‍ර නිකුත් කිරීම දැනට අත්හිටුවා ඇති බව රජය පවසයි.
මෙලෙස ආනයන පාලන බලපත්‍ර අවශ්‍යතාව ඉවත් කිරීම මගින් රජයේ අපේක්ෂාව වන්නේ,
* මේ පසුබිම තුළ අනීතිකව සිදු කරන ලාභ ඉපැයීම් (කළුකඩ ක්‍රියාදාමයන්) මුලිනුපුටා දැමීම.
* අයුතු සහ අසාධාරණ ආකාරයෙන් සිල්ලර මිල ඉහළ නැංවීම වැළැක්වීම.
* නීති විරෝධී ආකාරයෙන් සිදු කරන ධාන්‍ය ආනයනය වැළැක්වීම.
* පාරිභෝගිකයාට දරාගත හැකි මිලක් සහතික කිරීම සහ යෝග්‍ය බදු අනුප්‍රමාණ හා නිරෝධායන ක්‍රමවේද පැනවීම මගින් දේශීය නිෂ්පාදකයින් ආරක්ෂා කර ගැනීම.
ඒ අනුව, ජනාධිපති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, මහා භාණ්ඩාගාරයේ ලේකම් හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ඇතුළු කමිටුවක් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ සැලකිල්ලට ගෙන ශාක නිරෝධායන බලපත්‍රය ඉදිරිපත් කිරීමට යටත්ව සහ කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ නිර්දේශ මත පදනම්ව දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා වන පරිදි තෝරාගත් ධාන්‍ය වර්ග ආනයනය කිරීම සඳහා වන ආනයන පාලන බලපත්‍ර අවශ්‍යතාව ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
මුං ඇට, උඳු, කව්පි, කුරක්කන්, සෝයා පිටි සහ රටකජු සඳහා වූ ආනයන බලපත්‍ර අවශ්‍යතාව ඉවතට
T
The Leader Desk
June 5, 2024 • 5:29 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- තෝරාගත් ධාන්‍ය වර්ග කිහිපයක් ආනයනය කිරීම සඳහා වන ආනයන පාලන බලපත්‍ර අවශ්‍යතාව ඉවත් කිරීමට කැබිනට් අනුමැතියට හිමි වී තිබේ.
- මෙලෙස ආනයන පාලන බලපත්‍ර අවශ්‍යතාව ඉවත් කිරීම මගින් රජයේ අපේක්ෂාව වන්නේ, * මේ පසුබිම තුළ අනීතිකව සිදු කරන ලාභ ඉපැයීම් (කළුකඩ ක්‍රියාදාමයන්) මුලිනුපුටා දැමීම.
- * අයුතු සහ අසාධාරණ ආකාරයෙන් සිල්ලර මිල ඉහළ නැංවීම වැළැක්වීම.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


