The Leader News
BREAKING
Top Ad
Biz

'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' ආයතනය ස්ථාපිත කිරීම කාලෝචිතයි

T

The Leader Desk

June 6, 2024 • 5:06 PM

'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' ආයතනය ස්ථාපිත කිරීම කාලෝචිතයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා නමින් නව ආයතනයක් ස්ථාපිත කිරීමට රජය ගෙන ඇති තීරණය ඉතාමත්ම කාලෝචිත වටිනා එකකයැයි
  • දැනට රජයේ ස්ථාපිත ආයතන රාමුව තුළ එකම සේවාවක් සිදු කිරීමට විවිධ නම් වලින් ආයතන රැසක් ඇත.
  • මේ ආයතනය මඟින් දැනට රටේ මතුව ඇති ආර්ථික ප්‍රශ්නයෙන් පීඩාවට පත්ව සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට නව අදහස් හා යෝජනා අනුව විසඳුම ලබාදිය යුතුයි.
  • එහිදී ඔවුන් ලබා ගෙන ඇති ණය සහ අනෙකුත් මූල්‍ය සමාගම්වල ගැටලු විසඳා ලීමට ප්‍රතිව්‍යුහගතකරණය කිරිමට පුළුල් දැනුමක් හා අවබෝධයක් තිබෙන පිරිසක් පත් කළ යුතුයි.
අකුරු ප්‍රමාණය (Font Size):

CF Ceylon Federation Of MSME සභාපතිනී සසිකා ද සිල්වා ප්‍රකාශ කළාය.

ESL V2025

මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය බඳු ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය හා කර්මාන්තකරුවන් වඩාත් දිරි ගන්වා ඔවුන්ගේ නිපැයුම්වලට ජාතික හා ජාත්‍යන්තර වෙළෙඳ පොළ දිනා ගැනීමට ඉඩ සැලසීමේ අරමුණින් ස්ථාපිත කෙරෙන 'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා 'ආයතනය ඒ සඳහා මහඟු පිටුවහලක් වනු ඇතැයිද ඇය කීවාය.

දැනට රජයේ ස්ථාපිත ආයතන රාමුව තුළ එකම සේවාවක් සිදු කිරීමට විවිධ නම් වලින් ආයතන රැසක් ඇත. නමුත් ඒවායේ දෙන සේවාව පිළිබඳව එතරම් ප්‍රසාදයක් නොමැති තරම්ය. එබැවින් වඩාත් ජනාතවට සේවා සපයන ව්‍යවසායකත්වය ගොඩනැංවීමට උදව් කරන එක් තනි ආයතනයක් පිහිටුවීමේ යෝජනාව ඉතා කාලෝචිතය.

මේ ආයතනය මඟින් දැනට රටේ මතුව ඇති ආර්ථික ප්‍රශ්නයෙන් පීඩාවට පත්ව සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට නව අදහස් හා යෝජනා අනුව විසඳුම ලබාදිය යුතුයි. එහිදී ඔවුන් ලබා ගෙන ඇති ණය සහ අනෙකුත් මූල්‍ය සමාගම්වල ගැටලු විසඳා ලීමට ප්‍රතිව්‍යුහගතකරණය කිරිමට පුළුල් දැනුමක් හා අවබෝධයක් තිබෙන පිරිසක් පත් කළ යුතුයි. එය තනිව රජයේ නිලධාරින්ගෙන් පමණක් කළ නොහැකි නිසා රාජ්‍ය  හා පෞද්ගලාක හවුකාරිත්වක් යටතේ මේ අයතනයට නියෝජතයන් පත් කර ගැනිමට පියවර ගන්නා ලෙස තම සම්මේලනය යෝජනා කරන බවද සභාපතිනිය කීවාය.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වයෙන් යුත් රජය ඉතා අසීරු ආර්ථික සහ ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදු කිරීමට මේ වන විට මුල පුරා තිබේ. ඒවායේ සැබෑ ප්‍රතිඵල අද නොව මතු පරපුරටද සාර්ථකත්වය සඳහා උදව්කරනු ඒවා වනු ඇත. එවැනි අරමුණකින් ආයතන ගණනාවක් අහෝසි කොට නව 'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' ආයතනය බිහි කිරීම කාලෝචිත සහ වටිනා එකකැයිද සභාපතිනිය කීවාය.


අපනයන සංවර්ධන මණ්ඩලය, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය, කාර්මික සංවර්ධන මණ්ඩලය, ශ්‍රි ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ ඇති කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය අහෝසි කොට නව ආයතනයක් පිහිටුවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත. මේ සමගම පිහිටුවන නව ආයතනය හරහා වඩාත් කාර්යක්ෂම සහ ඵලදායි සේවාවක් ක්ෂුද්‍ර හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසාය කර්මාන්තකරුවන්ට ලැබෙනු ඇතැයි ඇය විශ්වාසය ඵල කළාය.

(ජේ. මුණසිංහ)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...