රජයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සහ කර්මාන්ත අමාත්‍යංශයේ එම අංශයේ උපදේශක නෙවිල් පෙරේරා ප්‍රකාශ කළේය.
කොළඹ කොම්පඤ්ඤවීදිය නිපෝන් හෝටලයේ අද (22) සවස පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් සභාපතිවරයා එසේ කීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා,
ශ්‍රී ලංකාව මේ වන විට දේශීය පාවහන් නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත වී තිබෙනවා. අපි කර්මාන්තයක් ලෙස වසර 2007සිට ශක්තිමත්. නමුත් මේ වන විට විදේශීය රටවලින් අනීතිකවසහ නිසි බදු ගෙවීමකින් තොරව පාවහන් හොර රහසේ ගෙන්වනවා. එලෙස ගෙන්වන පාවහන් අඩු මිලට අලෙවි වෙනවා.
අපි නිසි පරිදි අමුද්‍රව්‍ය වලට බදු ගෙවමින්, සියයට 18ක වැට් බදු ගෙවමින්, තවත් සියයට 2.5ක සෙස් බදු ගෙවමින් පාවහන් නිෂ්පාදනය කොට වෙළෙඳ පොළට ඉදිරිපත් කළ විට තරගකාරීත්වයකට මුහුණ දීමට සිදු වෙනවා. මෙහිදී අපේ භාණ්ඩ වල මිල වැඩියි.
හොර රහසේ ගෙන්වන භාණ්ඩවල මිල අඩුයි. ඒ නිසා පාරිභෝගිකයින් මිලදි ගන්නේ ගුණාත්මක භාවයෙන් අඩු සෞඛ්‍යයට අහිතකර පාවහන්. මෙය වැලැක්වීමට කළ හැක්කේ පිටරටින් හොර රහසේ ගෙන්වන පාවහන් නතර කිරීම පමණයි. ඒ සඳහා කටයුතු කරන්නැයි අපි රජයෙන් ඉල්ලා සිටිනවා.
ශ්‍රී ලංකා පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයින්ගේ සංගමයේ සාමාජික ධමේන්ද්‍ර හංගමුව,
''අපේ කර්මාන්තය වසරකට රුපියල් බිලියන 150ක පිරිවැටුමක් ලබන පුද්ගලයින් ලක්ෂ තුනකට සෘජුව රැකියා අවස්ථා උදාකරන කර්මාන්තයක්. මෙවන් කර්මාන්තයක් බාල පාවහන් වෙළෙඳ පොළ ජයගැනීම තුළ බිඳ වැටීමේ දැඩි අවධානමකට මුහුණදී තිබෙනවා. බාල නිෂ්පාදන සමග තරග කිරීමට අපට බැහැ. ඒ නිසා ඉදිරියේදී අපේ කර්මාන්තශාලා වසා දැමීමට පවා සිදුවීමට ඉඩ තිබෙනවා.''
ශ්‍රී ලංකා පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයින්ගේ සංගමයේ සාමාජික එස්.වැල්ලහේවා,
''අප කර්මාන්තශාලා වසා දැමුවහොත් විශාල පිරිසකට රැකියා අහිමි වෙනවා. රජයට ආදායම් අහිමි වෙනවා. දරු පවුල් ගණනාවක් දුකට පත් වෙනවා.''
ශ්‍රී ලංකා පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයින්ගේ සංගමයේ සාමාජික සමන්ත උදයසිරි,
''එක පාවහන් යුගලක් සඳහා රුපියල් 1800ත් 2000ත් අතර තීරු බද්දක් අය කරනවා. හොර පාරේ ගෙන්වන අයගෙන් කිසිම බද්දක් අය වෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට අඩු මිලට මේවා අලෙවි කළ හැකියි. මේක මැඩලිය යුතු ජාවාරමක්. ''
ශ්‍රී ලංකා පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් උදේනි නාකන්දල මහත්මිය,
''අප රජයෙන් විශේෂ සහන ඉල්ලා සිටින්නේ නැහැ. අඩු පොලී බැංකු ණය ඉල්ලන්නෙත් නැහැ. අප ඉල්ලා සිටින්නේ අනීතිකව මෙරටට ගෙන්වන පාවහන්වලට වැට බදින ලෙස පමණයි.''
ශ්‍රී ලංකා පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයින්ගේ සංගමයේ සාමාජික එස්.එච්.ඩබ්ලිව්. රවීන්ද්‍ර ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියේය.

(ජේ. මුණසිංහ)



