The Leader News
BREAKING
Top Ad
Biz

කුඩා පරිමාණ ව්‍යාවසායකයින් මුහුණ දී සිටින ණය ආපසු ගෙවීමේ ගැටළුවට විසඳුමක් !

T

The Leader Desk

August 31, 2024 • 12:01 PM

කුඩා පරිමාණ ව්‍යාවසායකයින් මුහුණ දී සිටින ණය ආපසු ගෙවීමේ ගැටළුවට විසඳුමක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බැංකු ණය හා පොලිය නිසියාකාරව ගෙවා ගැනීමට නොහැකිව පීඩාවට පත්ව සිටින ලක්ෂ දොළහක් තරම් වන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ණය
  •   ඊට ප්‍රථම එම පනතේ දළ කෙටුම්පත සමාජයේ කතිකාවට බඳුන් කිරීමට කටයුතු කළ පළමු අවස්ථාව මෙය බව ද ජනාධිපතිවරයා සංගමයට පොරොන්දු ආකාරයටම එහි දළ පිටපතක් ලබාදීමට කටයුතු කළ බවද සභාපතිනිය කීවාය.
  • දේශගුණික විපර්යාස පිළිබඳ ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන විසින් මෙම දළ කෙටුම්පතේ පිටපතක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශසිකාද සිල්වා ඇතුලු පිරිසට පිළිගැන්විණි.
  • ඔවුන් පාස්කු ඉරිදා ප්‍රහාරය, කොවිඩ් වසංගතය සහ 2022 ඇතිවූ ආර්ථික අර්බුදය හමුවේ තම ව්‍යාපාර, නිෂ්පාදන කර්මාන්ත බිඳ වැටීමකට මුහුණ දුන් පිරිසක්.
අකුරු ප්‍රමාණය (Font Size):

ආපසු ගෙවීමට සහන ලබා දෙන්නේ කෙසේදැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් මත ජනපති කාර්යාලය සහ නීති අංශ ප්‍රධානීහු කෙටුම්පත් කළ දේශීය ණය ප්‍රශස්තකරණ පනතේ පිටපතක් තම ව්‍යවසායක සංගමයට ලබා දුන් බව Ceylon Federation Of MSME සභාපතිනී ශසිකා ද සිල්වා ප්‍රකාශ කළාය.

මේ ආකාරයට ඉතා කුඩා පරිමාණ ව්‍යාවසායකයින් මුහුණ දී සිටින ණය ආපසු ගෙවීමේ ගැටළුවට විසඳුම් ලෙස දේශීය ණය ප්‍රශස්තකරණ ජාතික විසඳුම් මාලාවක් පනතක් මගින් ඉදිරියේදී සම්මත කරගැනීමට නියමිතය.

 

ඊට ප්‍රථම එම පනතේ දළ කෙටුම්පත සමාජයේ කතිකාවට බඳුන් කිරීමට කටයුතු කළ පළමු අවස්ථාව මෙය බව ද ජනාධිපතිවරයා සංගමයට පොරොන්දු ආකාරයටම එහි දළ පිටපතක් ලබාදීමට කටයුතු කළ බවද සභාපතිනිය කීවාය.

තමන් ඇතුලු මෙරට ව්‍යවසායක සංගම් කිහිපයක් දිගු කලක් තිස්සේ කර ගෙන ආ ඉල්ලීමකට කන් දෙමින් ජනාධිපතිවරයා මේ ආකාරයට නීත්‍යානුකූල පනතක් මගින්  ඉදිරියේදී තම සාමාජිකයින්ගේ ගැටළු වලට විසඳුම් ලබා දීමට ක්‍රියා කිරීම පිළිබඳව ස්තුතිය සහ ප්‍රශංසාව රජයට පිරිනමන බවද ඇය සඳහන් කළාය.

දේශගුණික විපර්යාස පිළිබඳ ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන විසින් මෙම දළ කෙටුම්පතේ පිටපතක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශසිකාද සිල්වා ඇතුලු පිරිසට පිළිගැන්විණි.


WhatsApp Image 2024 08 31 at 3.23.00 PMදේශගුණික විපර්යාස පිළිබඳ ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා විසින් මෙම දළ කෙටුම්පතේ පිටපතක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශසිකාද සිල්වා ඇතුලු පිරිසට පිළිගැන්වු අවස්ථාව

ඉන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වූ සභාපතිනිය මෙසේද කීවාය.

''බැංකු හා මුල්‍ය ආයතන වලින් ලබා ගත් ණය පහසුකම් සඳහා නිසි පරිදි වාරික සහ පොලිය ගෙවා ගැනීමට අපහසුවූ බොහෝ පිරිසක් අප සමග සිටිනවා.
ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ජාතික ආර්ථිකයට 52%ක දායකත්වයක් දරන පිරිසක්. ඔවුන් පාස්කු ඉරිදා ප්‍රහාරය, කොවිඩ් වසංගතය සහ 2022 ඇතිවූ ආර්ථික අර්බුදය හමුවේ තම ව්‍යාපාර, නිෂ්පාදන කර්මාන්ත බිඳ වැටීමකට මුහුණ දුන් පිරිසක්. මේ පිරිස ලබා ගත් බැංකු ණය, ලීසිං පහසුකම්, සේවක පඩි නඩි, අර්ථසාධක අරමුදල්, සේවා නියුක්තියන්ගේ භාර කාර අරමුදල් නිසියාකාරව ගෙවීමට අපොහොසත්වී තිබෙනවා. ඇතැම් දෙනාගේ දේපළ, වත්කම් පරාටේ නීතිය අනුව වෙන්දේසි කොට ලබා ගැනීමට බැංකු හා මූල්‍ය ආයතන කටයුතු කරමින් සිටියා.

නමුත් ජනාධිපතිතුමා දෙසැම්බර් 15 දක්වා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමට තාවකාලිකව අත්හිටවූවා. එය අපට ලැබුණු සහනයක්. නමුත් සම්පූර්ණ සහනයක් නෙවෙයි.

මේ නිසා අප ජාතික සමුළුවක් කැඳවා ජනාධිපතිතුමාට කරුණු දැක්වූවා. අපගේ සාමාජිකයින්ගේ ණය ප්‍රතිව්‍යුහගත කරණය කරන ලෙස ඉල්ලීමක් කළා. එය තනි තනිව කළ යුතු කටයුත්තක් නෙවෙයි.

ඒ සඳහා අලුතෙන් නීතියක් පනතක් තිබිය යුතුයි. එය වහාම කෙටුම්පත් කරන බව ජනාධිපතිතුමා ජූලි 19 වෙනිදා අපට පොරොන්දු වුණා. එම පොරොන්දුව ඉටු කරමින් කෙටුම්පත් කළ පනතේ පිටපතක් අපට ලබා දුන්නා. එහි අඩු පාඩු තිබේනම් පෙන්වා දෙන ලෙස ඉල්ලීමක් කළා.

මෙම කෙටුම්පත පිටු 400 ඉක්මවනවා. අපි මෙහි අන්තර්ගතය පිළිබඳව වෘත්තීය වේදීන්ගෙන් අදහස් විමසා සතියක් ඇතුලත ජනාධිපති තුමාට අපේ යෝජනා දීමට සූදානම්. එම යෝජනා සියලු දෙනාගේ සහභාගීත්වයෙන් යුතු විශේෂ කමිටුවක් පත් කොට එහිදී අවසන් වරට සකස් කරන්නට ජනාධිපතිතුමා තීන්දු කර තිබෙනවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටද ඒ පිළිබඳව කරුණු දැක්වීමට ආණ්ඩුව සූදානම්.

මෙය අපට විශේෂයෙන් රටට ව්‍යාවසායකයන්ට ලැබුණු හොඳ අවස්ථාවක්. අපේ ප්‍රශ්නයට තිරසාර විසඳුමක් නීත්‍යානූකූල පනතක් මගින් ලැබීමට යන අවස්තාවක්. මෙය සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ සියලු දෙනා වාද භේද ඉවතලා එක්විය යුතුයි ශසිකා ද සිල්වා කීවාය.



 (ජේ .මුණසිංහ)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කුඩා පරිමාණ ව්‍යාවසායකයින් මුහුණ දී සිටින ණය ආපසු ගෙවීමේ ගැටළුවට විසඳුමක් ! | The Leader