ඒ , මේ වන විට බිත්තරයක මිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වීම හේතුවෙන් ය.
මේ වන විට වෙළඳපොළෙහි බිත්තරයක් රුපියල් 28ත් 32ත් අතර මිලකට අළෙවි වේ.
එමෙන්ම බිත්තර ආශ්‍රිත නිෂ්පාදන අළෙවි කරන මිල පැහැදිළිව ප්‍රදර්ශනය කළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුම් දෙනු ලබයි.
මිල ප්‍රදර්ශනය නොකරන වෙළඳුන් සොයා වැටලීම් ක්‍රියාත්මක බව එම අධිකාරිය සඳහන් කළේ ය.
ඔවුන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.
මෙතෙක් පැවති වෙළඳ මාෆියාව පිළිබඳ හෙළිදරව්වක්
මේ අතර පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසන්නේ, දූෂිත දේශපාලකයන්ගේ අනුග්‍රහයෙන් මෙතෙක් කල් පවත්වාගෙන ගිය වෙළඳ මාෆියාව තවමත් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ ගේ අත්සනින් යුත් නිවේදනයකින් මේ බව දන්වා ඇත.
එම නිවේදනයේ සඳහන් වන පරිදි දැනට කාලයක සිට බිත්තර, සහල් යනාදි භාණ්ඩ සඳහා විශාල මාෆියාවක් පවත්වා ගෙන ගොස් ඇත. එමගින් පාරිභෝගිකයන් විශාල ලෙස පීඩාවට පත්වෙමින් සිටින අතර එම මාෆියාව සඳහා දූෂිත දේශපාලකයින්ගේ සාදර අනුග්‍රහය හිමිවීම ද එහි විශේෂිත කරුණකි.
මෙම කරුණ වඩාත් පැහැදිලි වන්නේ පසුගිය දා පැවැති ජනාධිපතිවරණය නිමවීමත් සමග ම විධායකයේ ඇති වූ වෙනස මගින් බිත්තර මිල ගණන් සීඝ්‍ර ලෙස පහත වැටීම බව එම නිවේදනයේ සඳහන් වේ. එම තත්ත්වය මෙතෙක් පැවති බිත්තර මාෆියාවේ දිග පළල කෙතෙක් ද යන්න පැහැදිලි වන බව අදාළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
මතු දැක්වෙන්නේ පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.
(සටහන - ජයසිරි අලවත්ත)
වෙළඳ මාෆියාවක් ! - බිත්තර ආශ්‍රිත නිෂ්පාදනවල මිල අඩු කරන්නැයි ඉල්ලීමක්
T
The Leader Desk
September 26, 2024 • 5:09 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- බිත්තර ආශ්‍රිත නිෂ්පාදනවල මිල අඩු කරන්නැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හෝටල් සහ බේකරි හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
- මේ වන විට වෙළඳපොළෙහි බිත්තරයක් රුපියල් 28ත් 32ත් අතර මිලකට අළෙවි වේ.
- එමෙන්ම බිත්තර ආශ්‍රිත නිෂ්පාදන අළෙවි කරන මිල පැහැදිළිව ප්‍රදර්ශනය කළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුම් දෙනු ලබයි.
- මිල ප්‍රදර්ශනය නොකරන වෙළඳුන් සොයා වැටලීම් ක්‍රියාත්මක බව එම අධිකාරිය සඳහන් කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


