The Leader News
BREAKING
Top Ad
Biz

නව රජය සමග සාමූහිකව කටයුතු කිරීමට කොරියානු සමාගම් රැසක් සුදානම්

T

The Leader Desk

October 4, 2024 • 8:27 AM

නව රජය සමග සාමූහිකව කටයුතු කිරීමට කොරියානු සමාගම් රැසක් සුදානම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ නව රජය සමග සාමූහිකව කටයුතු කිරීමට කොරියාවේ සමාගම් රැසක් බලාපොරොත්තුවන බව ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිනී මියොන් ලී ( Miyon Lee) පැවසුවාය.
  • එම අවස්ථාවට ත්‍රිවිධ හමුදාපතිවරුන්, ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.
  • පසුගිය ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ උසස් පෙළ විෂය නිර්දේශයට කොරියානු භාෂාව ඇතුලු කිරීම සතුටු දායක කරුණක්.
  • නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අපි උණුසුම් සුබ පැතුම් එක්කර ගන්න මම මෙය අවස්ථාවක් කර ගන්නවා.
අකුරු ප්‍රමාණය (Font Size):

තානාපතිවරිය මෙම අදහස් පල කරේ කොරියානු ජාතික දිනය නිමිත්තෙන් ඊයේ (03) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ සංවිධානය කර තිබූ විශේෂ සැමරුම් උත්සවයේදීය.

කොරියානු ජනරජයේ ජාතික දිනය වෙනුවෙන් සංවිධානය කර විශේෂ සැමරුම් උත්සවයක් පැවැත්වුනේ බස්නාහිර ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් ගේ ප්‍රධානත්වයෙනි.

එම අවස්ථාවට ත්‍රිවිධ හමුදාපතිවරුන්, ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිනී මියොන් ලී,

කොරියාව සහ ශ්‍රී ලංකාව ඉතා දිගු කාලීන මිත්‍රයන්. මානව ශක්තිය, තාක්ෂණය, නවෝත්පාදනය සහ විශේෂයෙන්ම නිෂ්පාදන ක්ෂේත්‍රය ඔස්සේ එය පැතිර තිබෙනවා. පසුගිය ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ උසස් පෙළ විෂය නිර්දේශයට කොරියානු භාෂාව ඇතුලු කිරීම සතුටු දායක කරුණක්.

ඒ ඔස්සේ ශ්‍රී ලාංකික සිසුන්ට කොරියානු භාෂාව උසස් අධ්‍යාපනය සඳහා යොදා ගත හැකියි. නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අපි උණුසුම් සුබ පැතුම් එක්කර ගන්න මම මෙය අවස්ථාවක් කර ගන්නවා. දෙරටේ බැදීම් ශක්තිමත් කර ගනිමින් සාමූහික සාර්ථකත්වය කරා යාමට අපි සුබ පතනවා.

කොරියානු සමාගම් රාශියක් ශ්‍රී ලංකාවේ නව රජය සමග එක්ව වැඩ කිරීමට සූදානමින් සිටින්නේ. ඒවගේම අපේ දිගු කාලීන මිත්‍රත්වය තව දුරටත් ශක්තිමත් කිරීමට ඔවුන් බැදී ඉන්නවා. අපේ සහයෝගය දෙන ආකාරය පිළිබඳව අපිට සීමා නැහැ. අපි මේ අලුත් පරිච්ඡේදයේ එකට යමු.

බස්නාහිර ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් අදහස් දක්වමින්,

ශ්‍රී ලංකාව සහ කොරියාව සමග තිබෙන දිගු කාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාවය වෙනුවෙන් එය වර්ධනය කර ගැනීම සඳහා අඛණ්ඩ සෞභාග්‍ය සහ කොරියාවේ දියුණුව වෙනුවෙන් අප එය සතුටෙන් සමරනවා.

මෙම උත්සවය කොරියාවේ සංස්කෘතික අංග රැසකින් වර්ණවත් විය.

(ජේ. මුණසිංහ)
K day

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...