ව්‍යාපාරයන්ට යළි පණ ගැන්වීමට අවශ්‍ය මුදල් ප්‍රදානයන් ලබාදීම, ණය පොලිය අඩුකර ගැනීම, ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කර ගැනීම ඇතුළු සේවා රාශියක් මෙම ඒකක හරහා සිදු කරනු ලැබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සෑම බැංකුවකටම නව ඒකක පිහිටවන්නේ උපදෙස් ලබාදීමට පෙර ඇතැම් බැංකුවල එම ඒකක ක්‍රියාත්මකව තිබිණි.
කලින් පිහිටුවා තිබූ ඒකක වඩාත් කාර්යයක්ෂම සහ සහ මහජන මිත්‍රශීලී සේවාවක් සපයන ඒක ලෙස වැඩිදියුණු කිරීම නව ක්‍රමවේද යටතේ සිදු කෙරේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවස්ථා ගණනාවකදී සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කොට ඇත. එලෙස මහ බැංකුව ප්‍රතිපත්ති පොලි අනුපාතික අඩු කිරීමේ වාසිය ගනුදෙනුකරුවන්ට ලබා දීම බැංකුවල වගකීමය.
අවස්ථා කිහිපයකදී ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කිරීමේ වාසිය ණය පොලිය අඩුකර ගැනීමට ඉවහල් වන ආකාරයට යොදා ගන්නයි ශ්‍රී ලංකා මහ බැංකවේ අධිපති ආචාර්ය පී.නන්දලාල් වීරසිංහ බැංකු පද්ධතියෙන් මීට පෙරද ඉල්ලීමක් කොට තිබේ.
ඒ අනුව දැනටමත් ව්‍යාපාර පහසු කිරීමට බැංකු අඩු පොලී අනුපාත යටතේ ණය ලබාදීම ආරම්භ කොට ඇත.
මේ සම්බන්ධයෙන් අප ලංකා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සහ මහා කළමනාකරු රසල් පොන්සේකා ගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ, දැනටමත් ලංකා බැංකුවේ පළාත් මට්ටමින් මෙවැනි මධ්‍යස්ථාන 11ක් ක්‍රියාත්මක වන බවයි. කොළඹ මූලස්ථානයේ ද එවැනි එකකයක් තිබේ.
ඒ තුළින් වඩාත් කාර්යක්ෂම සුහදශීලි සේවාවක් ගනුදෙනුකරුවන්ට ලබාදෙන බව ද ඔහු කීය.
(ජේ. මුණසිංහ)
බිඳ වැටුණු ව්‍යාපාර යළි බලගැන්වීම සඳහා රජයෙන් විශේෂ වැඩපිළිවෙලක්
T
The Leader Desk
October 18, 2024 • 12:28 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- බිඳ වැටුණු ව්‍යාපාර යළි බලගැන්වීම සඳහා ගනුදෙනුකරුවන්ට සහාය වීමට සෑම බැංකුවකම යළිත් ව්‍යාපාර පණ ගැන්වීමේ ඒකක පිහිටුවන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව උපදෙස් ලබා දී තිබේ.
- කලින් පිහිටුවා තිබූ ඒකක වඩාත් කාර්යයක්ෂම සහ සහ මහජන මිත්‍රශීලී සේවාවක් සපයන ඒක ලෙස වැඩිදියුණු කිරීම නව ක්‍රමවේද යටතේ සිදු කෙරේ.
- එලෙස මහ බැංකුව ප්‍රතිපත්ති පොලි අනුපාතික අඩු කිරීමේ වාසිය ගනුදෙනුකරුවන්ට ලබා දීම බැංකුවල වගකීමය.
- අවස්ථා කිහිපයකදී ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කිරීමේ වාසිය ණය පොලිය අඩුකර ගැනීමට ඉවහල් වන ආකාරයට යොදා ගන්නයි ශ්‍රී ලංකා මහ බැංකවේ අධිපති ආචාර්ය පී.නන්දලාල් වීරසිංහ බැංකු පද්ධතියෙන් මීට පෙරද ඉල්ලීමක් කොට තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


