දේශීය වෙළඳපොලේ පොල් සහ පොල්තෙල් හිඟයක් පවතින මේ අවස්ථාවේ ජනතාවට අවශ්‍යය ගෙඩි පොල් සැපයීම කෙටි කාලීනව කල හැකි කාර්යක් නොවන බව කවුරුත් පිලිගන්නවා ඇත. එහෙත් ආහාරයට ගන්නා තෙල් වෙළදාම ( Edible oil) ජාත්‍යන්තරව සිදුවන අතර මේ වන විට ලෝක වෙළඳපොලෙහි සියලුම තෙල් වර්ගවල මිල වේගයෙන් ඉහල යන බව සදහන් කල යුතුය.
අන්තර්ජාතික වෙළඳපොලේ පිරිපහදු කරන පොල්තෙල් ටොන් එකක මිලද ඇමරිකානු ඩොලර් 1320 සිට 1880 දක්වා ඉහළ ගොස් ඇත. පොල්තෙල් සදහා ආදේශකයක් වශයෙන් ගන්නා පාම්තෙල් ටොන් එකක මිල ඩොලර් 1250 සීමාවට ලංවෙමින් පවතී. මෙම මිල ගනන් ඉහල යන්නේ බෝහෝ දුරට දේශගුනික සාධකයන් සහ ජාත්‍යන්තරව පවතින ඉල්ලුම අනුවය. ආනයනය කරන ලද පොල්තෙල් කිලෝ එකක තොග මිල සටහන් වන්නේ රුපියල් 700 ක් වශයෙනි. හොදින් පිරිපහදු කරන පොල් තෙල් ලීටරයක සිල්ලර මිල රුපියල් 1350 ක් දක්වා ඉහල ගොස් ඇත. මිට මාස දෙකකට පෙර දේශිය වෙළදපලේ පොල්තෙල් තොගමිළ සටහන් වුයේ රුපියල් 630 ක් වශයෙනි.
ලෝකයේ බෝහෝ රටවල් දේශීය වෙළදපලේ මිල ස්ථාවරව පවත්වා ගැනීම සදහාත් විදේශ විනිමය ඉතිරි කර ගැනීම සදහාත් කරනු ලබන්නේ ඡාත්‍යන්තර වෙළදපලේ මිල අඩු තෙල් වර්ග රටතුලට ආනයනය කිරිමත් මිල අධික රටතුල නිෂ්පාදනය කරන තෙල් වර්ග සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනයන් අපනයනය කිරිමත්ය.
රුසියාව සහ යුක්රේනය අතර පවතින යුධමය තත්වය නිසා එම රටවල් දෙකෙහිම මහා පරිමානයෙන් නිෂ්පාදනය කරනු ලබන සන්ප්ලවර් තෙල් මිල සීග්‍රයෙන් පහත වැටුන අතර එම අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් ඉන්දියාව තම රටේ අවශ්‍යතාවය සදහා මහා පරිමානයෙන් සන්ප්ලවර් තෙල් ආනයනය කරනු ලබයි.
අප රටෙහිද තවදුරටත් පොල්තෙල් මිල ඉහල යාම වලකා පොල් ආශ්‍රිත නිෂ්පාදනයන් අපනයනය වැඩිකරගැනිම සදහා මේ අවස්ථාවේ කළ යුත්තේ ෆාම් තෙල් ( Palm oil/ crude Palm oil ) ආනයනය කිරීමට අවසර දීමය. පාම් තෙල් ආනයනය 2022 සිට ආනයනය බලපත්‍ර යටතට යොමු කර ඇත. දිගින් දිගටම රටට අවශ්‍යය පොල්තෙල් ආනයනය කළහොත් ටොන් එකකට ඩොලර් 700 පමණ වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් රටින් ඇදී යනවා ඇත.
ඒ අනුව මසකට ටොන් 6000ක් පමණ පොල්තෙල් ආනයනය කිරීම තුළ මෙරටින් විදේශ විනිමය ඩොලර් මිලියන 3.5 ක් අතිරේකව මාසිකව පිටරටට ඇදී යන අතර ඉදිරි මාස හයක කාලය තුල එම ප්‍රමාණය ඩොලර් මිලියන 25 ක් පමණ වෙනවා ඇත. විදේශ විනිමය හිගයක් ඇති අප රටට වාර්ෂිකව ඩොලර් මිලියන 50 ක් පමණ ඉතිරි කර ගත හැකි වනවා ඇත.
දැනට ආනයන බලපතු ක්‍රමයට යටත් කර ඇති පාම් තෙල් ( palm Olein or crude palm oil) ආනයනය ඉදිරි මාස 6ක් සඳහා ලිහිල් කිරීම තුලින් රටින් පිටට ඇදි යන විදේශ විනිමය අවම කර ගත හැකි අතර එමගින් දේශීය පොල් තෙල් ව්‍යාපාරයට කිසිදු බලපැමක් නොවනු ඇත.
රටතුල පිරිපහදු හිමි කර්මාන්තකරුවන් බොර තෙල් (crude palm oil) සහ බෙදාහැරීමේ ව්‍යාපාරිකයන් පිරිපහදු කරන ලද ෆාම් තෙල් ආනයනයට පෙළඹෙන අතර වෙළඳපොළේ පොල්තෙල් වලට ඇති ඉල්ලුම නැතිනම් තෙරපුම අවම වන අතර පොල්තෙල් මිලද වර්තමාන ප්‍රමාණයයෙන්ම පවත්වාගෙන යා හැකිය.
මෙම ආනයනය ක්‍රියාවලිය සඳහා මාසයක පමණ කාලයක් ගතවන බැවින් රජය විසින් මේ අවස්ථාවේදී තීරණයක් ගත යුතුව ඇත.
ආනයන තීරු බදු සම්බන්ධයෙන් කිසිදු වෙනසක් නොකර පවතින තීරු බදු යටතේම මෙම නව වැඩපිලිවෙල පවත්වාගෙන යාම තුල රජයේ ආදායමද ඉහල යනු ඇත.
තවද හිටපු ඡනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අත්තනෝමතිකව තහනම් කර ඇති පාම් වගාව යලි ආරම්භ කිරිම පිලිබදවද නව රඡයට සංවාදයක් ආරම්භ කල හැකිය.
සටහන :
(සේන සූරියප්පෙරුම)
සමාජ දේශපාලන හා ආර්ථික විශ්ලේෂක
sapsuriyapperuma@gmail.com
පොල්තෙල් මිල ඉහළ යාම වහාම පාලනය කරගත යුතුයි - (සේන සුරියප්පෙරුම)
T
The Leader Desk
October 29, 2024 • 8:42 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- දේශීය වෙළඳපොලේ පොල් සහ පොල් තෙල් මිල සීග්‍රයෙන් ඉහළ යමින් පවතී.
- එහෙත් ආහාරයට ගන්නා තෙල් වෙළදාම ( Edible oil) ජාත්‍යන්තරව සිදුවන අතර මේ වන විට ලෝක වෙළඳපොලෙහි සියලුම තෙල් වර්ගවල මිල වේගයෙන් ඉහල යන බව සදහන් කල යුතුය.
- අන්තර්ජාතික වෙළඳපොලේ පිරිපහදු කරන පොල්තෙල් ටොන් එකක මිලද ඇමරිකානු ඩොලර් 1320 සිට 1880 දක්වා ඉහළ ගොස් ඇත.
- පොල්තෙල් සදහා ආදේශකයක් වශයෙන් ගන්නා පාම්තෙල් ටොන් එකක මිල ඩොලර් 1250 සීමාවට ලංවෙමින් පවතී.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


