The Leader News
BREAKING
Top Ad
Biz

මයික්‍රෝ ඉලෙක්ට්‍රික් ඉන්ටර්නැෂනල් වෙත විශිෂ්ටතා සම්මානයක්

T

The Leader Desk

November 5, 2024 • 11:35 AM

මයික්‍රෝ ඉලෙක්ට්‍රික් ඉන්ටර්නැෂනල් වෙත විශිෂ්ටතා සම්මානයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාතික සැපයුම්දාම විශිෂ්ඨතතා සම්මාන උළෙලේ “ දී මෙරට කීර්තිමත් මයික්‍රෝ ඉලෙක්ට්‍රික් ඉන්ටර්නැෂනල් ප්‍රයිවෙට් ලිමිටඩ් සමාගමේ සභාපතිවරයා ඇතුලු පිරිස සම්මානය ලබා ගත් අවස්ථාව
  • මෙවර පැවැති සම්මාන ප්‍රදානෝත්සවය සඳහා මෙම ජාත්‍යන්තර සංවිධානයේ සභාපති ඉංජිනේරු ක්‍රිෂ් ඔනාඩා, අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.
  • තාසිම්, ජාතික ආයතනයේ සභාපති ජයන්ත ගලහේවා ඇතුලු සම්භාවනීය අමුත්තන් ඇතුලු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකාවේ සැපයුම්දාම කළමනාකරණය, නවෝත්පාදනය සහ විශිෂ්ඨත්වය සඳහා කැපවූ ආයතන තුළින් සුවිශේෂ ජයග්‍රහණ හිමිකරගත් ව්‍යවසායක සමාගම් ඇගයීමේ “ජාතික සැපයුම්දාම විශිෂ්ඨතතා සම්මාන උළෙලේ “ දී මෙරට කීර්තිමත් මයික්‍රෝ ඉලෙක්ට්‍රික් ඉන්ටර්නැෂනල් ප්‍රයිවෙට් ලිමිටඩ් සමාගමට අතිගෞරවනීය සම්මානයක් හිමිවී තිබේ.

ජාතික සැපයුම්දාම දිනය යෙදුන ඉකුත් 24 වෙනිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැති සම්මාන ප්‍රදානෝත්සවයේදී එම ආයතනයේ සභාපති ධම්මික සමරවික්‍රම, අධ්‍යක්ෂවරුන් වන උදාර සමරවික්‍රම සහ ෂෙනාල් සමරවික්‍රම වෙත මෙම සම්මානය පිරි නැමීම සිදු විය.

සැපයුම්දාම සහ අමුද්‍රව්‍ය කළමනාකරණ ආයතනය (ISMM) වාර්ෂිකව සංවිධානය කරන මෙම ඇගයීම් උළෙලට වෙළෙඳ, වානිජ ආහාර සුරක්ෂිතතා, සමූපාකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායක සංවර්ධන අමාත්‍යංශයේ මගපෙන්වීම් ලැබී තිබේ.

මෙවර පැවැති සම්මාන ප්‍රදානෝත්සවය සඳහා මෙම ජාත්‍යන්තර සංවිධානයේ සභාපති ඉංජිනේරු ක්‍රිෂ් ඔනාඩා, අමාත්‍යංශයේ ලේකම් එම්.එම්. නයමුදීන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ඒ.ඒ.එම්. තාසිම්, ජාතික ආයතනයේ සභාපති ජයන්ත ගලහේවා ඇතුලු සම්භාවනීය අමුත්තන් ඇතුලු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

(ජේ. මුණසිංහ)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...