The Leader News
BREAKING
Top Ad
Biz

ආයෝජන මණ්ඩලය හරිත කර්මාන්ත ඇති කිරීමේ වැදගත්කම කියාදෙයි

T

The Leader Desk

November 10, 2024 • 9:46 AM

ආයෝජන මණ්ඩලය හරිත කර්මාන්ත ඇති කිරීමේ වැදගත්කම කියාදෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “තිරසාර බොයිලේරු මෙහෙයුම් සඳහා කාර්මික බොයිලේරු ඉන්ධන තක්සේරු කිරීමේ මාර්ගෝපදේශය” මැයෙන් පුහුණුව නිමකළ කණ්ඩායම
  • අනාගතයේ ස්ථාපිත වන කර්මාන්ත හා දැනට භාවිතා වන කර්මාන්ත ශාලා පරිසර හිතකාමී හරිත කර්මාන්ත බවට පත් කිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ලය කටයුතු කරමින් සිටී.
  • ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක ආයෝජන කලාප කිහිපයක් මේ වනවිටත් මෙම ක්‍රමයට අනුගත වෙමින් හරිත ආයෝජන කලාප බවට පරිවර්තනය වීමේ  කාර්යයේ යෙදී සිටින බව ආයෝජන මණ්ඩලය කියයි.
  • පරිසරයට මුදා හරින කාබන් ප්‍රමාණය අවම වන ලෙස කර්මාන්ත ශාලා භාවිතාකරණ යන්ත්‍රසූත්‍ර උත්ශ්‍රේණි කිරීම හා අලුතින් ආරම්භ කරන කර්මාන්ත සදහා පරිසර හිතකාමි යන්ත්‍ර පමණක් භාවිතය සදහා අනුමැතිය ලබාදිම ශ්‍රී ලංකා ආයෝජන මණ්ලය මේ වනවිටත් සිදු කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

විසින් සම්පාදනය කළ පර්යේෂණ කෘතිය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම්. වීරකෝන් ට ජෛව පද්ධති හා තාක්ෂණ ප්‍රථම පන්තියේ උපාධිධාරිනී මධුෂානි ගුණවර්ධන ශිෂ්‍යාව විසින් පිළිගන්වන අයුරු. මෙම අවස්ථාවට සහභාගි  වූ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ පරිසර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අසංක වෙලගෙදර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය උදයගී කුමාරසිංහ ද ඡායාරූපයේ වෙති.

 

හා හා පුරා කියා කර්මාන්තවලට එළඹෙන අයට හරිත කර්මාන්ත ඇති කිරීමේ වැදගත්කම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කියාදෙයි

කර්මාන්ත කේෂ්ත්‍රයට එක්වන වෘත්තිකයන්ට කාබන් අවම පරිසර හිතකාමී කර්මාන්ත ගොඩනැගීමට දැනුම හා පුහුණුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කොට ඇත.

අනාගතයේ ස්ථාපිත වන කර්මාන්ත හා දැනට භාවිතා වන කර්මාන්ත ශාලා පරිසර හිතකාමී හරිත කර්මාන්ත බවට පත් කිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ලය කටයුතු කරමින් සිටී.

ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක ආයෝජන කලාප කිහිපයක් මේ වනවිටත් මෙම ක්‍රමයට අනුගත වෙමින් හරිත ආයෝජන කලාප බවට පරිවර්තනය වීමේ  කාර්යයේ යෙදී සිටින බව ආයෝජන මණ්ඩලය කියයි.

පරිසරයට මුදා හරින කාබන් ප්‍රමාණය අවම වන ලෙස කර්මාන්ත ශාලා භාවිතාකරණ යන්ත්‍රසූත්‍ර උත්ශ්‍රේණි කිරීම හා අලුතින් ආරම්භ කරන කර්මාන්ත සදහා පරිසර හිතකාමි යන්ත්‍ර පමණක් භාවිතය සදහා අනුමැතිය ලබාදිම ශ්‍රී ලංකා ආයෝජන මණ්ලය මේ වනවිටත් සිදු කරයි.

මෙහි තවත් පියවරක් ලෙස මෙම කේෂ්ත්‍රයට පිවිසෙන නවක වෘත්තිකයින් සදහා න්‍යායික හා ප්‍රායෝගික දැනුම ලබා දීම අරමුණු කර ගනිමින් ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය හා එක්ව ශ්‍රී ලංකා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් හට සීමාවාසික පුහුණුවක් ලබා දීමට ද ආයෝජන මණ්ඩලයේ පරිසර දෙපාර්තමේන්තු ඉකුත්දා පියවර ගත්තේය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ පරිසර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අසංක වෙලගෙදර ගේ මෙහෙයවීමෙන් සහකාර අධ්‍යක්ෂිකා ටෙරන්සි සමරවික්‍රම, පරිසර පර්යේෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ පරිසර නිලධාරි සනුද්ධික වීරසිංහ හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් වන ආචාර්ය ප්‍රදීප් ගජනායක, ආචාර්ය උදයගී කුමාරසිංහ සහ ආචාර්ය ඩී ජේ. ජයසංඛ මෙම සීමාවාසික පුහුණු වැඩසටහනහා පර්යේෂණ මෙහෙය වීම සදහා  අභ්‍යන්තර අධීක්ෂකවරුන් ලෙස කටයුතු  කළහ.

සීමාවාසික පුහුණුව අවසන් කළ කණ්ඩායම සිය පර්යේෂණ ප්‍රතිඵල ඉදිරිපත් කිරීම පසුගියදා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම්. විරකෝන් ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට සියළුම අංශ ප්‍රධානීන්ද සහභාගි වූහ.

මෙහිදී අදහස් දැක්වූ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම් . විරකෝන් මෙම නවක වෘත්තිකයන්ගේ පර්යේෂණ, දැනුම හා සංකල්ප තිරසාර කාර්මික සංවර්ධනයකට වඩා වැදගත් බව සදහන් කළාය.

මෙම දැනුම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කාර්යන් සදහාද එක් කර ගන්නා ලෙසත් අනාගතයට එක්වන වෘත්තිකයන්ට මෙවැනි අත්දැකිම් ලබාදීමේ ඵලදායි බවද ඇය පැවසුවාය.

මෙම න්‍යායික, ප්‍රායෝගික හා පර්යේෂණ පුහුණුවේදී ශ්‍රී ලංකාවේ කර්මාන්ත අංශයට අතිශයින් අදාළ සහ වැදගත් වන සවිස්තරාත්මක අංශ කීපයක් පිළිබදව අවධානය යොමු විය. මෙහිදී කර්මාන්ත ශාලාවල භාවිතා කරන බොයිලේරු මෙහෙයුම් සඳහා කාර්මික බොයිලේරු ඉන්ධන තක්සේරු කිරීම සඳහා මාර්ගෝපදේශය, තිරසාර කාර්මික කලාපයක් සඳහා හරිත ශ්‍රේණිගත කිරීමේ පද්ධතියක් සංවර්ධනය කිරීම, කාබනික රබර්  මෙට්ට නිෂ්පාදන කර්මාන්තය ප්‍රශස්ත කිරීම සඳහා ජල පියසටහන  ගණනය කිරීම, තිරසාර බලශක්ති නිෂ්පාදනය සඳහා ජීව විද්යාත්මකව පිරිපහදු කළ රොන්බොර (sludg) කැලරි වටිනාකම වැඩි කිරීම සහ කැටිති බවට පත්කිරීම (palletization) සහ කාබනික රබර් මෙට්ට නිෂ්පාදනයේ කාබන් පියසටහන තක්සේරු කිරීම සහ අඩු කිරීම යන පර්යේෂණ කේෂ්ත්‍ර පිළිබදව විශේෂ අවධානය යොමු විය. 

(ජේ. මුණසිංහ)

biz45

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...