The Leader News
BREAKING
Top Ad
Biz

මාලිමාවේ පුද්ගලීකරණ ක්‍රමවේදය පැහැදිළියි - (සේන සූරියප්පෙරුම)

T

The Leader Desk

November 15, 2024 • 10:00 AM

මාලිමාවේ පුද්ගලීකරණ ක්‍රමවේදය පැහැදිළියි - (සේන සූරියප්පෙරුම)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාතික ජනබල වේගයේ ජාතික විධායක සභික සහ නව රජයේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අනිල් ජයන්ත ප්‍රකාශ කරන්නේ නිවැරදි ආර්ථික
  • ශ්‍රී ලන්කන් සමාගම පිළිබඳ විශේෂයෙන්ම සඳහන් කරන මහාචාර්යවරයා මහා භාණ්ඩාගාරයට වැය බරක් නොවන ආකාරයටත් මෙහෙයුම් කටයුතුවලින් අතිරික්තයක් ඇතිවන ආකාරයටත් සමාගම නැවත ප්‍රතිව්‍යුහගත කල යුතු බව පක්ෂයේ අදහස බවයි .
  • ජනාධිපති අනුර කුමාර දිසානායක ද ප්‍රකාශකර සිටියේ ශ්‍රි ලංකන් ගුවන් සමාගම පුද්ගලීකරණ නොකර රජය යටතේම පවත්වාගෙන යන බවයි.
  •   ශ්‍රී ලංකන් සමාගම අදටත් පවත්වාගෙන යන්නේ මාසිකව මහා භාණ්ඩාගාරයෙන් පොම්ප කරන අරමුදල් වලින් වන අතර 2008 සිට මේ වන විට රුපියල් බිලියන 17.5ක් අලාභ ලබා ඇති ආයතනයකි.
අකුරු ප්‍රමාණය (Font Size):

ක්‍රමවේදයන් සහිත කාර්යක්ෂම සහ විනිවිද භාවයෙන් යුතු වැඩසටහන් යටතේ රජය සතු සංස්ථා මණ්ඩල සහ සමාගම් පූර්ණ ප්‍රතිසංවිධානය කරන බවයි.

ශ්‍රී ලන්කන් සමාගම පිළිබඳ විශේෂයෙන්ම සඳහන් කරන මහාචාර්යවරයා මහා භාණ්ඩාගාරයට වැය බරක් නොවන ආකාරයටත් මෙහෙයුම් කටයුතුවලින් අතිරික්තයක් ඇතිවන ආකාරයටත් සමාගම නැවත ප්‍රතිව්‍යුහගත කල යුතු බව පක්ෂයේ අදහස බවයි .

ජනාධිපති අනුර කුමාර දිසානායක ද ප්‍රකාශකර සිටියේ ශ්‍රි ලංකන් ගුවන් සමාගම පුද්ගලීකරණ නොකර රජය යටතේම පවත්වාගෙන යන බවයි.

 

ශ්‍රී ලංකන් සමාගම අදටත් පවත්වාගෙන යන්නේ මාසිකව මහා භාණ්ඩාගාරයෙන් පොම්ප කරන අරමුදල් වලින් වන අතර 2008 සිට මේ වන විට රුපියල් බිලියන 17.5ක් අලාභ ලබා ඇති ආයතනයකි.

විශේෂයෙන්ම එකදු ගුවන් යානයක් හෝ මෙම සමාගමට අයත් නොවන අතර සියලු ගුවන් යානා කුලීබදු පදනම යටතේ ලබාගෙන ඇත.

ලෝකයේ බොහෝ ගුවන් සමාගම් නව ගුවන් යානා සමග නවීකරණය වන අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගම වසර 10-15 පමණ පැරණි ගුවන් යානා සංචිතයක් සමග අහසට පියාසර කරන ගුවන් සේවාවකි.

පලපුරුදු ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවන් පනහකට අධික ප්‍රමාණයක් සමාගමෙන් ඉවත්ව පසුගිය කාලයේදී ජාත්‍යන්තර ගුවන් සමාගම්වලට එකතු වී ඇත.

පසුගිය සතියේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයටත් ඩුබායි සහ ඉන්දියන් ගමනාන්තයන් දක්වා පියාසර කිරීමට තිබූ ගුවන් ගමන් තුනක් එකම දිනයකදී අවලංගු වූ බව නොරහසකි.

අදටත් කාර්මික දෝශ නිසා ප්‍රමාද වන ගුවන් ගමන් ප්‍රමාණය අති විශාලය. දෛනික ගුවන් ගමන් ප්‍රමාද වාර්තාවන් පරීක්ෂණයට ලක් කිරීමෙන් තත්වය කොතරම් බරපතලද යන්න වටහා ගත හැකිය.

 images 55රජයට මහත් ගැටළුවක් වී ඇති මෙම සමාගමේ කොටස් මිලදීගෙන ඇත්තේ රජයට අයත් ලංකා බැංකුව සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්තාව විසිනි
රජයට මහත් ගැටළුවක් වී ඇති මෙම සමාගමේ කොටස් මිලදීගෙන ඇත්තේ රජයට අයත් ලංකා බැංකුව සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්තාව විසිනි. එම ආයතනවලටද කිසිදු ලාභාංශයක් පසුගිය කාලය තුළදී ගෙවා නොමැති බව වාර්තා වෙයි.

ගුවන් සේවය ආරක්ෂා කර ගැනීම සඳහා රජය විසින් රු. 2024 පළමු මාස හය තුළ එහි පවතින මූල්‍ය ප්‍රවාහ ගැටලුවලට සහය වීම සඳහා ගුවන් සමගම වෙත රුපියල් බිලියන 5 ක කොටස් දායකත්වයක් ලබා දී ඇත. 

අභියෝගාත්මක බාහිර හා අභ්‍යන්තර අරමුදල් සීමා කිරීම් මධ්‍යයේ වුවද මුළු ආදායම රු. 2024/25 මූල්‍ය වර්ෂයේ මුල් මාස තුන සඳහා රුපියල් බිලියන 63.8 ක් වූ අතර එය රු. 2023/24 මූල්‍ය වර්ෂයේ එම කාලය තුළ උපයාගත් රුපියල් බිලියන 73.1 ට අඩු ප්‍රමාණයකි.

 ranilරනිල් වික්‍රමසිංහ රජය මගින් ශ්‍රී ලංකන් සමාගමේ කොටස් වලින් 49%ක් විකිණීම සඳහා අභිලාෂයන් කැඳවූ අතර අවසානයට ඉතිරි වූයේ දේශීය සමාගම් දෙකක් සහ ආසියාවේ කුඩා ගුවන් සමාගම් දෙකක් පමණි.
පසුගිය රනිල් වික්‍රමසිංහ රජය මගින් ශ්‍රී ලංකන් සමාගමේ කොටස් වලින් 49%ක් විකිණීම සඳහා අභිලාෂයන් කැඳවූ අතර අවසානයට ඉතිරි වූයේ දේශීය සමාගම් දෙකක් සහ ආසියාවේ කුඩා ගුවන් සමාගම් දෙකක් පමණි.

ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අප රටේ භාණ්ඩාගාරයට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ බර තවත් දැරිය හැකිද යන්න ආර්ථික විද්‍යාඥයන් විසින් ප්‍රශ්න කර සිටියේ අද ඊයෙ නොවේ.

 

images 56ටාටා සමාගම ඉතා වේගයකින් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කරන අතර මේ වන විටත් මගී සහ භාණ්ඩ (cargo) ප්‍රවාහනය සඳහා නව ගුවන් යානා 100ක් ඇනවුම් කර ඇත.
ඉන්දියාව වැනි ඉහල ආර්ථික වර්ධනයක් ඇති සහ රජයට විශාල ආදායමක් ලබන රටක් පවා සිය ඉන්දියන් එයාර්ලයින් සමාගම ප්‍රබල ව්‍යාපාර ජාලයකින් හෙබි ටාටා සමාගමට විකුණා දැමුණි. එම සමාගම ඉතා වේගයකින් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කරන අතර මේ වන විටත් මගී සහ භාණ්ඩ (cargo) ප්‍රවාහනය සඳහා නව ගුවන් යානා 100ක් ඇනවුම් කර ඇත.

465818928 960001949492759 7680761548113519664 n

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා පෞද්ගලීකරණය කිරීම සදහා ලැයිස්තුගත කර ඇති ප්‍රධාන සහ සංස්ථා සහ සමාගම් අතර ශ්‍රී ලංකන් සිටින්නේ ප්‍රථම ස්ථානයේය. රටේ නායකයා සහ මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිතුමා කල යුත්තේ නව පාර්ලිමේන්තුව විවෘත කිරීමෙන් අනතුරුව අලුත් අමාත්‍යවරයා සහා සමාගමේ සියලුම පාර්ශවකරුවන් සමග පලදායි සාකච්ඡාවකට අවතීර්න වීමයි.

පවතින ආර්ථික අර්බූදයෙන් ගොඩ ඒම එතරම් සරල නොවන බව වර්තමාන පාලකයන් අවබෝධය කරගත යුතු අතර අනුර කුමාර දිසානායක ට ඉදිරි වසර පහක කාලයක් සුමටව රට ඉදිරියට ගෙනයාමට නම් රට ඉදිරියට ගෙන යා යුත්තේ හොද මූල්‍ය  කලමනාකරුවන් පිරිසක් (chief financial officers) සමග බව සටහන් කරමු.

සටහන :
PHOTO 2024 10 29 14 44 16(සේන සූරියප්පෙරුම)
සමාජ දේශපාලන හා ආර්ථික විශ්ලේෂක 
sapsuriyapperuma@gmail.com

(උපුටා ගැනීම - CNL)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...