වැඩ භාරගත්තේය.
මූල්‍ය, බැංකු සහ උසස් අධ්‍යාපනය පිළිබඳ වසර 25කට වැඩි පළපුරුද්දකින් හෙබි මහාචාර්ය ප්‍රනාන්දු, කැලණිය විශ්වවිද්‍යාලයේ මූල්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු සහ අංශ ප්‍රධානියකු ලෙස කටයුතු කර ඇති ප්‍රමුඛ පෙළේ ශාස්ත්‍රඥයෙකි.
විශ්වවිද්‍යාලය තුළ වසර 27කට අධික කාලයක් පුරා ශාස්ත්‍රිය වශයෙන් ඔහු විසින් ඉටු කරන ලද මෙහෙවර පිළිගැනීමට හා ඇගයීමට ලක්ව ඇත.
මහාචාර්ය ප්‍රනාන්දු නව උපාධි වැඩසටහන් කිහිපයක් හඳුන්වා දෙමින් ශ්‍රී ලංකිය මූල්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇති අයෙකි.
ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ වානිජ්‍ය හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ පීඨාධිපතිවරයා වශයෙන් කටයුතු කර ඇත. එමෙන්ම මහාචාර්ය ප්‍රනාන්දු කැලණිය විශ්වවිද්‍යාලයේ ව්‍යපාර පරිපාලන (MBA) උපාධි වැඩසටහන සඳහා ලෝක බැංකුවේ AHEAD ප්‍රදානයන් ලබාගැනීම, ISO 21001 සහතිකය
හිමිකර ගැනීම ඇතුළු වැඩසටහන් රැසකට මූලිකත්වය ගෙන කටයුතු කර ඇත.
කැලණිය විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය (ගිණුම්කරණය) පිළිබඳ ප්‍රථම උපාධිය හිමිකරගත් ප්‍රනාන්දු, මධ්‍යම චීන සාමාන්‍ය විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් හිමි කර ගෙන ඇත. එමෙන්ම කොළඹ ක්‍රමයේ ශිෂ්‍යත්ව වැඩපිළිවෙළ හරහා බටහිර බෙංගාල තාක්ෂණ විශ්වවිද්‍යාලයෙන් ව්‍යපාර පරිපාලන උපාධියක් ද හිමි කරගෙන ඇත.
මීට අමතරව කොළඹ කොටස් හුවමාරුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව වැනි මෙරට ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතන සඳහා උපදේශකවරයෙකු සහ සම්පත් දායකයෙකු ලෙස ද මහාචාර්ය ප්‍රනාන්දු කටයුතු කර ඇත.
ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය මූල්‍ය ආයතනයකට නායකත්වය ලබාදීමට අවස්ථාව ලැබීම පිළිබඳව අභිනව ධුරයේ වැඩ භාරගැනීමේ අවස්ථාවේදී, මහාචාර්ය ප්‍රනාන්දු සිය සතුට ප්‍රකාශ කළේය.
එමෙන්ම ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම, ගනුදෙනුකාර කේන්ද්‍රීයභාවය වර්ධනය කිරීම සහ දිනෙන් දින පුළුල් වන රටේ අවශ්‍යතාවන්ට සහය වීම
සඳහා ශක්තිමත්, තිරසර බැංකු ජාලයක් ගොඩනැගීම අරමුණු කරගත් මහජන බැංකුව සඳහා වූ ඔහුගේ දැක්ම එළිදැක්වුවේය.
(ජේ. මුණසිංහ)
මහජන බැංකුවේ නව සභාපති ලෙස මහාචාර්ය පී.එන්.ඩී. ප්‍රනාන්දු
T
The Leader Desk
November 18, 2024 • 4:47 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මහජන බැංකුවේ නව සභාපති ලෙස මහාචාර්ය පී.එන්.ඩී. ප්‍රනාන්දු අද (18) කොළඹ මහජන බැංකු ප්‍රධාන කාර්යාලයේ දී
- විශ්වවිද්‍යාලය තුළ වසර 27කට අධික කාලයක් පුරා ශාස්ත්‍රිය වශයෙන් ඔහු විසින් ඉටු කරන ලද මෙහෙවර පිළිගැනීමට හා ඇගයීමට ලක්ව ඇත.
- මහාචාර්ය ප්‍රනාන්දු නව උපාධි වැඩසටහන් කිහිපයක් හඳුන්වා දෙමින් ශ්‍රී ලංකිය මූල්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇති අයෙකි.
- ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ වානිජ්‍ය හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ පීඨාධිපතිවරයා වශයෙන් කටයුතු කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


