The Leader News
BREAKING
Top Ad
Biz

ඉන්දියාවේ අදානි සමාගමට ඩොලර් මිලියන ගණනක අල්ලස් චෝදනා

T

The Leader Desk

November 21, 2024 • 10:23 AM

ඉන්දියාවේ අදානි සමාගමට ඩොලර් මිලියන ගණනක අල්ලස් චෝදනා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කෝටිපති ව්‍යාපාරික ඉන්දියාවේ අදානි සමූහයේ සභාපති ගෞතම් අදානිට ඇමෙරිකාවේ අල්ලස් චෝදනා එල්ලවේ.
  •   අදානි, ඔහුගේ බෑණා වන සාගර් අදානි ඇතුළු සත් දෙනකු, ඩොලර් බිලියන 2ක ප්‍රතිලාභ තකා, ඉන්දියාවේ විශාලතම සූර්ය බල ව්‍යාපෘතිය සඳහා විසි අවුරුදු ආයෝජන කොන්ත්‍රාත්තුවක් ලබා ගැනීමට, ඉන්දියානු රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් ලබා දීමට එකඟ වීම එම  චෝදනාවය.
  •   මේ සම්බන්ධයෙන්, ගෞතම් අදානිට සහ සාගර් අදානිට එරෙහිව එක්සත් ජනපද අධිකරණයක් විසින් වරෙන්තු නිකුත් කර ඇති අතර, එම වරෙන්තු විදෙස් නෛතික කටයුතු භාර නීතිවේදීන් මගින් ඔවුන්ට ලැබෙන්නට සලස්වන බව එරට අධිකරණ ආරංචි මාර්ග පවසයි.
  •   අල්ලස් චෝදනා එල්ලවීමත් සමග අදානි අධිරාජ්‍යයේ පදනම දෙදරා ගොස් ඇතැයි, රොයිටර්ස් පුවත් සේවය  පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඇමෙරිකානු ඩොලර් මිලියන 265 ක අල්ලස් ගනුදෙනුවක් සම්බන්ධයෙන්, එක්සත් ජනපද අධිකරණයක ඔහුට එරෙහි නඩු පැවරීමට පියවර ගෙන තිබේ.  

අදානි, ඔහුගේ බෑණා වන සාගර් අදානි ඇතුළු සත් දෙනකු, ඩොලර් බිලියන 2ක ප්‍රතිලාභ තකා, ඉන්දියාවේ විශාලතම සූර්ය බල ව්‍යාපෘතිය සඳහා විසි අවුරුදු ආයෝජන කොන්ත්‍රාත්තුවක් ලබා ගැනීමට, ඉන්දියානු රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් ලබා දීමට එකඟ වීම එම  චෝදනාවය.  


මේ සම්බන්ධයෙන්, ගෞතම් අදානිට සහ සාගර් අදානිට එරෙහිව එක්සත් ජනපද අධිකරණයක් විසින් වරෙන්තු නිකුත් කර ඇති අතර, එම වරෙන්තු විදෙස් නෛතික කටයුතු භාර නීතිවේදීන් මගින් ඔවුන්ට ලැබෙන්නට සලස්වන බව එරට අධිකරණ ආරංචි මාර්ග පවසයි.  

අල්ලස් චෝදනා එල්ලවීමත් සමග අදානි අධිරාජ්‍යයේ පදනම දෙදරා ගොස් ඇතැයි, රොයිටර්ස් පුවත් සේවය  පවසයි.

අදානි සමූහයට මෙම චෝදනා එල්ල වීමෙන් අනතුරුව අද, අදානි ග්‍රීන් එනර්ජි (Adani Green Energy) සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 600ක බැඳුම්කර  ගනුදෙනුවක් අවලංගු කළේය. ඒ පිලිබඳ වැඩි විස්තර පිණිස ඔවුන් සම්බන්ධ කර ගැනීමට දරන ලද ප්‍රයත්න ද ව්‍යර්ථ වූ බව රොයිටර්ස්  පවසයි.

images 58

අද, ආසියානු කොටස් වෙළඳපොල, අදානි සමූහයේ අදානි වරාය සහ විශේෂිත ආර්ථික කලාප (Adani Ports and Special Economic Zone) ඩොලර් බැඳුම්කර ද සීඝ්‍රයෙන් පහත වැටිණි. එය, පසු ගිය වසරේ එම සමූහය මුහුණ දුන් ව්‍යාපාරික මූල්‍ය අවපාතයට වඩා ඉතිහාසයේ ඔවුන් මෙතෙක් මුහුණ දුන් අති විශාලම මූල්‍ය කඩා වැටීම ද වේ.


සිය දූෂණ සහ වංචා, ණය  කරුවන්ගෙන් හා ආයෝජකයින්ගෙන් සඟවමින්, අදානි පවුල සහ එම සමූහයේ විධායක නිලධාරීන්, ඩොලර් මිලියන 3කට අධික ණය ලබා ගැනීම් සහ බැඳුම්කර මිලදී ගැනීම් සිදු කර ඇතැයි, එක්සත් ජනපද නඩු පැවරුම් නිලධාරීහු පැවසූහ.

 ඔස්ට්‍රේලියානු කොටස් වෙළඳ පොළ, අදානි සමූහයට හිතවත්, ආයෝජන සමාගමක කොටස් මිලද නව චෝදනා හමුවේ අද 20%කින් ඇද වැටිණි.  

අදානි සමූහයට එරෙහි එක්සත් ජනපද අල්ලස් චෝදනා සම්බන්ධයෙන්, එම සමූහය මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැත.

 



(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)

මුලාශ්‍රය :
Billionaire Gautam Adani of India's Adani Group charged in US with bribery, fraud

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඉන්දියාවේ අදානි සමාගමට ඩොලර් මිලියන ගණනක අල්ලස් චෝදනා | The Leader