The Leader News
BREAKING
Top Ad
Biz

එළවලු ගොවියත් පාරිභෝගිකයත් ගසා කන ආර්ථික මධ්‍යස්ථාන උගුල - (සේන සූරියප්පෙරුම)

T

The Leader Desk

November 21, 2024 • 11:14 AM

එළවලු ගොවියත් පාරිභෝගිකයත් ගසා කන ආර්ථික මධ්‍යස්ථාන උගුල - (සේන සූරියප්පෙරුම)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නව ජනාධිපතිවරයෙක් සහ අලුත් ආණ්ඩුවක් බලයට පත්වී ඇති මේ මොහොතේ සමස්ත ගොවි ජනතාව මුහුණ දී ඇති ගැටලු එකින් එක දිග හැරීමට අප සූදානමින් සිටිමු.
  • මෙරට දේශපාලනය උඩු යටිකුරු කල 2022 අරගලයට යම් බරක් තබනවාද ඊට සමාන බරක් 2022 වසරේදී රටපුරා ආරම්භ වුන ගොවි විරෝධතාවයන්ටද තැබිය යුතුය.
  • රට සන්සුන් වී නැවතත් ගොවි ජනතාව සුපුරුදු පරිදි ගොවිබිම්වලට බැස ඇත   දැන් සියල්ල අවසන් වී ඇත.
  • මූලික ගැටලු කිහිපයක් පමණක් අපට මෙහිදී සඳහන් කළ හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):

කෙටියෙන්ම  සඳහන් කළහොත් ජාතික ජන බලවේගයේ රජයක් බලයට පත්වීමට අඩිතාලම දැමුවේ මෙරට සමස්ත ගොවි ජනතාව බව නොරහසකි.

මෙරට දේශපාලනය උඩු යටිකුරු කල 2022 අරගලයට යම් බරක් තබනවාද ඊට සමාන බරක් 2022 වසරේදී රටපුරා ආරම්භ වුන ගොවි විරෝධතාවයන්ටද තැබිය යුතුය.
 
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා 2022 අප්‍රේල් මාසයේදී රසායනික පොහොර මෙරටට ආනයනය කිරීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරිම

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා 2022 අප්‍රේල් මාසයේදී රසායනික පොහොර මෙරටට ආනයනය කිරීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර විකල්පයක් වශයෙන් කාබනික පොහොර සහ කාබනික රසායන ද්‍රව්‍ය භාවිතය සඳහා දිරිගැන්වීම් හඳුන්වා දීමට උත්සාහ කරන ලදී.

එහෙත් ගෝඨාභය සහ ඔහුගේ වටා සිටි ඊනියා ආර්ථික උපදේශකයන්ට වඩා හොඳින් ගොවිතැන දන්න මෙරට සමස්ත ගොවි ජනතාව අනුරාධපුරයේ සිට නුවරඑළිය දක්වාත් - යාපනයේ සිට හම්බන්තොට දක්වාත් මහා පාරට බැස ඔහුගේ කෙටිදුර තීරණයට විරුද්ධව ආරම්භ කරන ලද ගොවි අරගලය 2022 ශ්‍රී ලංකාවේ ආරම්භ වූ දේශපාලන සහ සමාජ අරගලයට ප්‍රථම සංඥාව ලබාදුන් අවුරෝරාව විය.

රට සන්සුන් වී නැවතත් ගොවි ජනතාව සුපුරුදු පරිදි ගොවිබිම්වලට බැස ඇත
 

දැන් සියල්ල අවසන් වී ඇත. රට සන්සුන් වී නැවතත් ගොවි ජනතාව සුපුරුදු පරිදි ගොවිබිම්වලට බැස ඇත. එහෙත් පැවති සෑම රජයක්ම යටතේම මෙරට ගොවි ජනතාවට  සිදුවූ අසාධාරණයේ දිග පළල එතරම් සරල නැත.

මූලික ගැටලු කිහිපයක් පමණක් අපට මෙහිදී සඳහන් කළ හැකිය.

*එක -  අධික බීජ මිල සහ පොහොර මිල

*දෙක - නොයෙකුත් හේතු නිසා සිදුවන නිරන්තර භෝග හානි. 

*තුන - ක්‍රමවත් ගොවිණය ක්‍රමයක් නොමැති වීම නිසා අධික පොලියට ණය ගැනීමට සිදුවීම.  

*හතර - අක්‍රමවත් ලෙස ආහාර භෝග රට තුලට ආනයනය කිරීම . 

*අවසාන කරුණ වන්නේ මේ සියලුම බාධක පසු කරමින් හොඳ අස්වැන්නක් ලබාගත් පසුවත් එය අලෙවි කර ගැනීමට නොහැකි වීම හෝ කුණු කොල්ලයට අලෙවි කර හිස් අතින් ගෙදර යාමට සිදුවීමය.
 
පසුගිය රජය මගින් යෝජනා කරන ලද වර්තමාන රජය මඟින් ගොවීන්ට පොහොර සහනාධාරයක් ලබා දුන්නත් මෙරට ආහාර බෝග වගාව සහ එළවළු වගාව කරන ගොවීන්ට එම සහනය නොලැබෙන බව ද මෙහිදී කණගාටුවෙන්  සටහන් කළ යුතුය.
 
අපගේ මාතෘකාවට අදාළව සොයා ගන්නා ලද නිගමන වර්තමාන කෘෂිකර්ම අමාත්‍යවරයාගේ අවධානය සඳහා මෙසේ සඳහන් කරමු.  
 
bandula gunawardana
2000 වර්ෂයේදී පැවති එක්සත් ජාතික පක්ෂ රජය යටතේ ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස බන්දුල ගුණවර්ධන මහතා විසින් මහා පරිමානයෙන් එළවළු වගා කරන දිස්ත්‍රික්කවල ආර්ථික මධ්‍යස්ථාන ආරම්භ කරන ලද අතර මුල්ම ආර්ථික මධ්‍යස්ථානය ගොඩනගන ලද්දේ දඹුල්ල ප්‍රදේශයේය. ප්‍රමාණවත් පහසුකම් වලින් යුත් මෙම ආර්ථික මධ්‍යස්ථානයේ මහා පරිමාණ ශීතාගාර සංකීර්ණයක් පවා සැලසුම් කර තිබුණත් අද වන විටත් එහි වැඩ අවසන් කර නොමැත.
 
මීට වසර 30 කට පමණ පෙර ගොවීන්ගෙන් එළවලු  මිලදී ගැනීම සහ බෙදා හැරීම සිදුවූයේ නිෂ්පාදනය කරන ප්‍රදේශයේම සුළු වෙළඳුන් විසින්ය.

එම තොග ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථානයේ ගබඩාකර  දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවලින් එන තොග වෙළදුන්ට අලෙවි කිරීම සිදු විය.
 
Vegetable 1200px 22 11 04 1000x600 තොග වෙළදුන් එළවළු සහ අර්තාපල් තොග දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවලට රැගෙන ගොස් සුළු ලාභයක් තබාගෙන සිල්ලර වෙළඳුන්ට සහ මධ්‍යම පරිමාණයේ වෙළඳුන්ට අලෙවි කරන ලදී.

එම තොග වෙළදුන් එළවළු සහ අර්තාපල් තොග දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවලට රැගෙන ගොස් සුළු ලාභයක් තබාගෙන සිල්ලර වෙළඳුන්ට සහ මධ්‍යම පරිමාණයේ වෙළඳුන්ට අලෙවි කරන ලදී.

මෙම ක්‍රියාව සතියකට දින දෙකක් හෝ තුනක් තුළ සිදු වූ අතර එළවළු මිල පැවැතියේ පාරිභෝගිකයාට දැරිය හැකි සාධාරණ මිලකටය.
 
දෙවන ක්‍රමය වූයේ නිෂ්පාදනය කරන ගොවියාම තම නිෂ්පාදනයන්  දිනපතා කොළඹ මැනිං වෙළඳපලට, ගම්පහ, නිට්ටඹුව, වරකාපොල ,  බණ්ඩාරවෙල සහ මහනුවර තොග වෙළඳපලට සපයන ලද අතර සංවිධානය වූ ප්‍රවාහන සංගම් මඟින් ඒවා දිවයින පුරා ප්‍රවාහනය කරන ලදී.
 
ආර්ථික මධ්‍යස්ථාන ක්‍රමය අසාර්ථක ඇයි?
 
 
Screenshot 20210831 084702වර්තමානයේ සිදු වන්නේ මධ්‍යම පරිමාණයෙන් හෝ සුළු පරිමාණයෙන් ගොවියා විසින් වගා කරන එළවලු ඔවුන් විසින් සකසා ගන්නා ලද ප්‍රවාහන ක්‍රමයන් මාර්ගයෙන් තම ප්‍රදේශයේ ළඟම පිහිටි ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන යාමයි.
 
වර්තමානයේ සිදු වන්නේ මධ්‍යම පරිමාණයෙන් හෝ සුළු පරිමාණයෙන් ගොවියා විසින් වගා කරන එළවලු ඔවුන් විසින් සකසා ගන්නා ලද ප්‍රවාහන ක්‍රමයන් මාර්ගයෙන් තම ප්‍රදේශයේ ළඟම පිහිටි ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන යාමයි. ඉල්ලුම සහ සැපයුම සංකල්පය මෙහිදී ක්‍රියාත්මක නොවේ. සියලුම ගොවීන් තම නිශ්පාදන තොග වශයෙන් ආර්ථික මධ්‍යස්ථානයට ගෙන එනු ලබයි.
 
නිෂ්පාදනය වැඩි කාලවලට  අධික එළවලු ප්‍රමාණයක් මේ ආකාරයට ආර්ථික මධ්‍යස්ථානවලට සපයන අතර මිල කුණු කොල්ලයට යන අවස්ථාද අපමණය.
 
මෙවැනි කාලවල දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ  විශාල එළවළු ප්‍රමාණයක් විකුණා ගැනීමට නොහැකි වී අවසානයේදී අලින්ගේ පරිහරණය සඳහා කැලයට විසි කිරීමට ද සිදුවෙයි.

ආර්ථික මධ්‍යස්ථානවල මිල තීරණය කිරීමට යාන්ත්‍රණයක් ඇතත් එය තවදුරටත් ගොවියාගේ යහපතට නම් සිදු නොවෙයි.
 
'සිරකරුවෝද මනුෂ්‍යයෝ ය' කීවාක් මෙන් ආර්ථික මධ්‍යස්ථානවල වෙළඳුන්ද වගා කරන ගොවියෝය.
 
Market sri lanka

මේ අතර මහා පරිමාණ ගොවීන්ගේ එලවලු කන්නය වසන් වනවාත් සමග වෙළඳපළ මිල සීඝ්‍රයෙන් ඉහළ නංවා වෙළද ගොවි මහතුන් සිය වගාවන් ආර්ථික මධ්‍යස්ථාන මාර්ගයෙන්ම ඉහළ මිලකට අලෙවි කර ගනු ලබයි.

දේශගුනික සෘතුවට අභියෝග කරමින් කල් පසුවී වගා කරන සුළු ගොවීන් ප්‍රමාණයකට හොඳ මිලක් මේ කාලය තුළ ලැබෙයි.
 
දෙවෙනි කාරණය වන්නේ ආර්ථික මධ්‍යස්ථාන ආරම්භ කරන කාලයේදී සුළු සහ මධ්‍යම ප්‍රමාණයේ වෙළඳුන් සෑහෙන පිරිසක් මෙම මධ්‍යස්ථානවල තොග සහ සිල්ලර වෙලදාම කලත් මේ වනවිට ඔවුන් බොහෝ දෙනෙක් වෙළඳාමෙන් වීසී වී ඇති අතර සෑම ආර්ථික මධ්‍යස්ථානයකම බලය සහ ධනය  ඇති තොග වෙළඳුන් කිහිප දෙනෙකුගේ ඒකාධිකාරියක් බවට පත්වී ඇත.
 
පෑලියගොඩ තොග වෙළෙඳ මධ්‍යස්ථානයේ තත්ත්වය ද මේ හා සමානය.
 
market 1
අවසාන වශයෙන් සඳහන් කල යුත්තේ ආර්ථික මධ්‍යස්ථාන ක්‍රමය තුළ අතරමැදියන් විශාල සංඛ්‍යාවක් බිහි වී ඇති බවය. ගමේ ගොවියාගෙන් එළවළු මිලදී ගන්නා හෝ ඒවා ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන එන පුද්ගලයා සහ ආර්ථික මධ්‍යස්ථානයේ සීමාවෙන් පිට සිට අර එළවළු ප්‍රමාණය තොග අතරමැදියකුට හඳුන්වා දීම තුළ අතරමැදියන්ට ද යම් මුදලක් යන අතර පිටතින් ලැබෙන එළවළු අලෙවි කරන තොග ආර්ථික මධ්‍යස්ථානවලද මේ ආකාරයෙන්ම තැ‍රැව්කරුවන් දැකිය හැකිය.
 
නුවරඑළියේදී හෝ කැප්පෙටිපොළදී රුපියල් 120 කට ගන්නා කැරට් කිලෝවක් මීගමුව වෙළඳපොළේ රුපියල් 400 කට අලෙවි වන්නේ මෙම ක්‍රියාදාමය නිසාය.
 
සමස්ත ගොවි ජනතාවම ඔවුන්ගේ මෙම ගැටලුවට වසර විස්සකට වැඩි කාලයක් විසඳුමක් අපේක්ෂාවෙන් සිටි. වර්තමාන කෘෂිකර්ම ඇමති ලාල්කාන්ත මැතිතුමනි ඔබත් ඔබගේ ප්‍රමුඛතා ලැයිස්තුවට මෙම කාරණය ඇතුළත් කර දිවයිනේ ආර්ථික මධ්‍යස්ථානවල නිරීක්ෂණ  චාරිකාවක් වහවහා  සැලසුම් කරගන්නා මෙන් සමස්ත ගොවි ජනතාව වෙනුවෙන් කෘතවේදීව ඉල්ලා සිටිමු. 

සටහන :

(සේන සූරියප්පෙරුම)
ආර්ථික විශ්ලේෂක
sapsuriyapperuma@gmail.com

(උපුටා ගැනීම - CNL)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...