The Leader News
BREAKING
Top Ad
Biz

උඩරට එළවළු ගොවියා කුල්ල කුජීත වෙලා? - (සේන සූරියප්පෙරුම)

T

The Leader Desk

November 25, 2024 • 5:07 PM

උඩරට එළවළු ගොවියා කුල්ල කුජීත වෙලා?  - (සේන සූරියප්පෙරුම)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එළවළු මිල කුණු කොල්ලයට බැහැලා!
  • 60   නිෂ්පාදන වියදම අවම කිලෝවකට රුපියල් 80  ඉහත සටහන් වූයේ නුවරඑළිය තොග වෙළඳ මධ්‍යස්ථානය ගොවීන්ගෙන් එළවළු වර්ග දෙකක් මිලට ගත් ආකාරයයි.
  •   මෙම කන්නයේ දී ඉතා අමාරුවෙන් වගාකළ එළවළු වලට සාධාරණ මිලක් නොලැබීම නිසා කිසිවකුගේ පිළිසරණක් නොමැති නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව ඉතා අසරණ තත්ත්වයකට පත් වී ඇති බව අප දුටුවේ පසුගිය සතිඅන්තයේදීය.
  •   සියලු දේශගුණික බාධක මධ්‍යයේ වුවද මෙවර ඉතා ඉහළ අස්වැන්නක් ලැබී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ගෝවා කිලෝව රුපියල් 40
කැරට් කිලෝව රුපියල්. 60
 

නිෂ්පාදන වියදම අවම කිලෝවකට රුපියල් 80 


ඉහත සටහන් වූයේ නුවරඑළිය තොග වෙළඳ මධ්‍යස්ථානය ගොවීන්ගෙන් එළවළු වර්ග දෙකක් මිලට ගත් ආකාරයයි.

උඩරට එළවළු ගොවීන්ට අගෝස්තු කන්නය පසු කිරීම ඉතාමත් අසීරු කරුණකි.

දිගින් දිගටම පවතින වර්ෂාව නිසා තම භෝග මාස තුන හතරක් ලෙඩ රෝග වලට ගොදුරු නොවී පවත්වාගෙන යාම ඉතාමත් අභියෝගාත්මකය.

එහෙත් එම අභියෝග බාරගෙන රටට බත සපයනවා ගොවියා සේම එළවළු සපයන ගොවි ජනතාව පසුගිය වසර පහක පමණ කාලයක සිට දුප්පත්කමේ පතුලටම වැටී අවසන්ය.
 
xdrt3245

මෙම කන්නයේ දී ඉතා අමාරුවෙන් වගාකළ එළවළු වලට සාධාරණ මිලක් නොලැබීම නිසා කිසිවකුගේ පිළිසරණක් නොමැති නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව ඉතා අසරණ තත්ත්වයකට පත් වී ඇති බව අප දුටුවේ පසුගිය සතිඅන්තයේදීය.

වී කිලෝවකට අවම මිලක් නියම කර එම මිල ගොවියාට ලබාදීමට උත්සාහ කරන නිලධාරීන් හෝ දේශපාලනඥයින් එලවලු ගොවියා ඉදිරියේදී නිහඩය. තම කනකර ආභරණ ටික බැංකුවේ උගසට තබා කන්නය වගා කරන ගොවීන්ට එළවලු සඳහා සාධාරණ මිලක් නියම කිරීමට කිසිදු උත්සාහයක් මේ වනතෙක් ගෙන නැත.

මෙම කන්නයේ එළවළු නිෂ්පාදනයද ඉතා අධිකය.

ඒ ගොවීන්ට බීජ අර්තාපල් නොමැතිවීමත් අර්තාපල් වගාකිරීම සදහා අධික මුදලක් වියදම්  කිරීමට සිදුවීම සිදුවීමත් නිසාය.
 
rt345sww
සියලු දේශගුණික බාධක මධ්‍යයේ වුවද මෙවර ඉතා ඉහළ අස්වැන්නක් ලැබී ඇත. පසුගිය සතියේ අපි සදහන් කල ආකාරයට ආර්ථික මධ්‍යස්ථානයෙන් නියම කරන මිලට හැර ඉන් එහාට ගිය විසඳුමක් පෙනෙන තෙක් මානයේ හෝ නොමැත.

ආර්ථික මධ්‍යස්ථානයේ මිල නියම කිරීම පිළිබඳ අප විමසීමේදී අනාවරණය වූයේ දෛනිකව ඔවුන්ට ලැබෙන දුරකථන ඇමතුම් ප්‍රමාණය නැතහොත් එළවලු සැපයීම සහ මිලදී ගැනීම සඳහා ලැබෙන දුරකථන ඇමතුම් ප්‍රමාණය උඩ මිල තීරණය කරන බවයි.

මෙවන් සමීකරණයක් ජාත්‍යන්තරව හඳුන්වා දිය යුතු නොවේද යන්න කෙනෙකුට සිතෙන්නට පුලුවනි .

කිසියම් භාණ්ඩයක නිෂ්පාදන වියදම පදනම් කරගෙන මූලික මිලක් නියම කිරීමෙන් අනතුරුව ඉල්ලුම සැපයුම පදනම් කරගෙන එම මිලට ගැලපුම් කිරීමක් කළ හැකි බව අපගේ අදහසයි.

පොහොර, රසායනික ද්‍රව්‍ය මිල, කම්කරු කුලිය සහ ප්‍රවාහන ගාස්තු අහස උසට ඉහල ගොස් ඇති අවධියක නිෂ්පාදන වියදම පාදක කරගෙන මිල නියම නොකිරීම කොතරම් අසාධාරණද යන්න බලධාරීන් සොයා බැලිය යුතුය.

හයිබ්‍රිඩ් බීජ වෙළඳපලට ඇවිල්ලා !

setw345swqw
පසුගිය කාලය තුළ හයිබ්‍රිඩ් එළවළු බීජ වර්ග වෙළඳපළට හඳුන්වා දී ඇත. ඒවායේ ඵලදාව ඉතා ඉහළය. එහෙත් බීජ කිලෝවක මිල සාමාන්‍ය බීජ මිල මෙන් හතර ගුණයකි. එම මිලට ගත හැක්කේ ධනවත් ගොවීන්ට පමණි. ඔවුන් එම බීජ වගා කර ඉහළ අස්වැන්නක් ලබා ගන්නා අතර සාමාන්‍ය මිලක් ලැබුණත් ලැබෙන ආදායම ඉතා ඉහළය. තවද ඔවුන්ට කන්නය අවසානය වනතුරු එම නිෂ්පාදන අධික රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් කල්තබා ගත හැකිය.

සාමාන්‍ය ගොවියා ස්වභාව ධර්මයේ තීරණයට නතුවන අතර තමන්ට හැකි පමණින් වගා කරන ගොවිකම්කරුවෙක් පමණි.

අනෙක් විශේෂ කාරණය වන්නේ උඩරට පමණක් වගා කල එළවළු වර්ග මේ වනවිට රට පුරා වගා කිරීම ආරම්භ වීමයි.

වැලිමඩ ප්‍රදේශය ප්‍රසිද්ධ බෝංචි වගාවට වුවත් දැන් වැලිමඩ, ඌව පරනගම, බොරලන්ද යන ප්‍රදේශවල කුඹුරුවල පවා කැරට්, ලීක්ස්, ගෝවා වගාව ආරම්භ කර ඇත.

ඉහළ මිලක් ලැබෙන මල්ගෝවා පුත්තලම නොරොච්චෝලේ වැනි ප්‍රදේශවලද වගා කරයි.

අද බෝංචි කිලෝවක් රුපියල් 400 කට මිලදී ගන්නා නමුත් වෙළඳපොලේ බෝංචි සැපයුම අඩුවී ඇත.

මේ සඳහා විසදුමක් නැද්ද?
1.⁠ ⁠රජයේ මැදිහත්වීම තුළ සියළුම එළවළු සඳහා අවම පාලන මිලක් නියම කිරීම.  එම මිල ගොවියාගේ පිරිවැය හෝ පියවා ගැනීමට දායක වනවා ඇත.

2.⁠ ⁠වගාකාල සටහන, භෝග වර්ග සහ වගා කරන ප්‍රමාණයක් පිළිබඳ කන්න රැස්වීමේදී තීරණය කිරීම. (එලවලු වගාව සදහා කන්න රැස්වීම් ක්‍රමයක් ක්‍රියාත්මක
නොවේ.)

වී වගාව තීරණය කිරීම සඳහා කන්න රැස්වීම ප්‍රබල දායකත්වයක් ලබාදෙයි. වගා කරන වී වර්ගය, කාලය, කොපමණ අක්කර ගණනක වගා කරනවාද යන්න තීරණය කරන අතර ජලය ලබාදීම, පොහොර නිකුත් කිරීම ඒ අනුව තීරණය වෙයි.

එළවළු වර්ග වගා කරන ප්‍රදේශ, ප්‍රමාණය සහ වගා කරන ප්‍රමාණයන් තීරණය කරනවා නම් මෙම ගැටලුවෙන් ගොවියාට යම් සහනයක් ලැබෙන බව අපගේ අදහසයි.

ගරු කෘෂිකර්ම ඇමති ලාල්කාන්ත මහතාණෙනි,
 
මෙම කන්නය අවසන් වීමට පෙර මෙම ගැටලුවට අවධානය යොමු කර ඊළඟ කන්නයේදී හෝ උඩරට එලවලු ගොවිතැන ක්‍රමවත්ව කිරීමට කටයුතු සම්පාදනය කරනු ඇතැයි නව රජයෙන් ගොවිජනතාව බලාපොරොත්තු වෙයි.  

මෙම තීරණාත්මක අවස්ථාවේදී නුවරඑළිය කැප්පෙටිපොළ සහ බණ්ඩාරවෙල යන ප්‍රදේශවල සංචාරය කිරීමෙන් ඔබට හොඳ අවබෝධයක් ලබා ගැනීමට හැකිවන බවද සඳහන් කිරීමටද කැමැත්තෙමු.

සටහන :
sena suriyapperuma(සේන සූරියප්පෙරුම)
ආර්ථික විශ්ලේෂක
sapsuriyapperuma@gmail.com

(උපුටා ගැනීම - CNL)
 


නුවරඑළියේ තරිදු රත්නායක 

 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...