The Leader News
BREAKING
Top Ad
Biz

වාහන ගෙන්වීම ගැන ආණ්ඩුවේ සැලසුම් මොනවා ද?: 'පාවිච්චි කළ වාහනයක මිලට අලුත් වාහනයක්'

T

The Leader Desk

December 6, 2024 • 3:46 PM

වාහන ගෙන්වීම ගැන ආණ්ඩුවේ සැලසුම් මොනවා ද?: 'පාවිච්චි කළ වාහනයක මිලට අලුත් වාහනයක්'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසර හතරකට අධික කාලයක් තිස්සේ වාහන ආනයනයට පනවා තිබූ තහනම නව රජය විසින් ඉවත් කරනු ලබනු ඇති බවට
  • වාහන ආනයනය කරන ඇතැම් සමාගම් නව රථවාහන මිල ගණන් දක්වමින්, ගනුදෙනුකරුවන්ට ලියාපදිංචි වන ලෙස දැනුම් දී තිබේ.
  • 2020 මාර්තු මාසයේදී ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව වාහන ආනයනයට පැනවූ තහනම මේ වන තෙක් ම ක්‍රියාත්මක වේ.
  • කෙසේ වෙතත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු කැබිනට් මණ්ඩලය විසින් මේ වසරේ ඔක්තෝබර් මාසයේ සිට ලබන වසරේ පෙබරවාරි දක්වා අදියර තුනක් යටතේ මෙරටට වාහන ආනයනය කිරීමට සැලසුම් කර ඇතැයි දන්වා තිබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉඟි පළ වෙමින් තිබේ.

ඒත් සමග ම අලුතින් ගෙන්වන මාදිලි, ඒවායේ මිල ගණන්, බදු ප්‍රතිශත වැනි දෑ සමාජ මාධ්‍ය ජාල තුළ හුවමාරු වන බව ද දැකගත හැකි ය.

වාහන ආනයනය කරන ඇතැම් සමාගම් නව රථවාහන මිල ගණන් දක්වමින්, ගනුදෙනුකරුවන්ට ලියාපදිංචි වන ලෙස දැනුම් දී තිබේ.

2020 මාර්තු මාසයේදී ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව වාහන ආනයනයට පැනවූ තහනම මේ වන තෙක් ම ක්‍රියාත්මක වේ.

කෙසේ වෙතත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු කැබිනට් මණ්ඩලය විසින් මේ වසරේ ඔක්තෝබර් මාසයේ සිට ලබන වසරේ පෙබරවාරි දක්වා අදියර තුනක් යටතේ මෙරටට වාහන ආනයනය කිරීමට සැලසුම් කර ඇතැයි දන්වා තිබිණි.

එහි මුල් අදියර ඔක්තෝබර් හා දෙසැම්බර් මාසවලදී ක්‍රියාත්මක නොවුණු වටපිටාවක් තුළ පෙර රජයේ අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව ලබන වසරේ පෙබරවාරි මාසයේදී වාහන ආනයනයට තිබූ තහනම සම්පුර්ණයෙන් ම ඉවත් කිරිමේ සැලසුම අනුව යමින් වත්මන් ආණ්ඩුව වාහන ආනයන තහංචි ලිහිල් කරනු ඇතැයි වාහන ආනයනකරුවෝ මෙන් ම ගැනුම්කරුවෝ ද බලාපොරොත්තු දල්වා සිටිති.

කෙසේ වෙතත්, වත්මන් ආණ්ඩුව ලබන වසරේ සිට වාහන ආනයනය ආරම්භ කරනවා ද? ආනයනයට ඉඩ දෙන්නේ නම්, ඒ කුමන කාල රාමුවක් යටතේ ද?

කලින් නියම කළ කාල රාමුවට ම වාහන ආනයනය කරන්න බැරි වෙයි ද?

2020 මාර්තු
රථ වාහන ආනයනය නතර කෙරේ

2024 මැයි
fty564 වාහන ආනයනය කිරීම අදියරෙන් අදියර සිදුකිරීමට අදාළ වාර්තාවක් එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත
2024 ඔක්තෝබර් 01
sdfrw35බස් සහ ලොරි ආනයනය ආරම්භ කිරීමට යෝජිත වු දිනය (මෙතෙක් ආරම්භ කර නැත)

2024 දෙසැම්බර් 01
වාණිජ සහ භාණ්ඩ ප්‍රවාහන වාහන ආනයනය ආරම්භ කිරීමට යෝජිත දිනය
2025 මුල් කාර්තුව

xfte46මෝටර් රථ ඇතුළු සැහැල්ලු වාහන ආනයනයට අවසර දීමට යෝජිතය

'විදේශ විනිමය සීමාවන්ට යටත්ව අවසර ලැබෙනවා'

sdrtwe45
විදේශ විනිමය සීමාවන්ට යටත්ව කාණ්ඩ කිහිපයක් යටතේ වාහන ආනයනයට අවසර ලබා දෙන බවට නොවැම්බර් 26 වන දා පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පැවසීය.

"කාණ්ඩ කිහිපයක් යටතේ තමයි අවසර ලබා දෙන්නේ. විශේෂයෙන් ම වාණිජ මට්ටමේ තියෙන වාහනවලට. නමුත් ඒක විදේශ විනිමය සීමාවන්ට යටත්ව, දැනට ම සැලකිල්ලට භාජනය කරලා තියෙනවා, කොච්චර සංචිත ප්‍රමාණයක් තියෙනවා ද කියලා. මහ බැංකුව යම් ආකාරයක අවශ්‍ය කරන අතිරේක (බෆර් රිසර්වස්) හදලා තියෙනවා. ඒ සීමාවන්ට යටත්ව තමයි ඒ ප්‍රමුඛතා මත අවස්ථාව ලබා දෙන්නේ පළවෙනි අදියරේදී."

කෙසේ නමුත්, ලබන වසරේ කුමන කාලයේ සිට වාහන ආනයනයට අවසර දෙනවා දැයි අමාත්‍යවරයා නිශ්චිත දිනයක් සඳහන් කළේ නැත.

පියවරෙන් පියවර අවස්ථා තුනකදී වාහන ආනයනයට අවසර දෙන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී කියා සිටියේ ය.

'විශේෂ යමක් නැහැ'

වාහන ආනයනයට අවසර ලැබෙන කාල රාමුව පිළිබඳව වැඩි තොරතුරු දැනගැනීම සඳහා බීබීසි සිංහල සේවය මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුමගෙන් විමසීමක් කළේ ය.

"අපි දැනට මේ දක්වා මාධ්‍යයට නිකුත් කරලා තියෙන තොරතුරුවලට අමතරව මුකුත් විශේෂයෙන් මේ වෙලාවේ දෙයක් නැහැ, දැනුවත් කිරීම සඳහා."

වාහන ආනයනය ගැන IMF කියන්නේ කුමක් ද?
මීට සති කිහිපයකට ඉහතදී පැවති මාධ්‍ය හමුවකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මෙරට වාහන ආනයනයට පනවා ඇති තහංචි පිළිබඳව අදහස් පළ කළේ ය.

එම සීමා ඉවත් කිරීමේ තීරණය මූල්‍ය ප්‍රතිපත්තියට බලපෑමක් ඇති කරන බව පැහැදිලි බවත් ඒ පිළිබඳ මෙවර අගැයීමේදී මෙන් ම මීට පෙර අගැයීමේදී ද සාකච්ඡා කළ බව ඔහු කියා සිටියේ ය.

වාහන ආනයනය සීමා ඉවත් කිරීම රජයේ ආදායම් ඉහළ නංවන මූලාශ්‍රයක් බවද ඔහු එහිදී පවසා තිබිණි.

ඒ හරහා රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදාවුව ද රටේ විදේශ සංචිත පිළිබඳව අවධානය යොමු කරමින් එය කළමනාකරණය කළ යුතු බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානියා අවධාරණය කර තිබේ.

 
වාහන ආනයනකරුවන්ගේ බලාපොරොත්තු
ලබන වසරේ පෙබරවාරි මාසයේ සිට වත්මන් ආණ්ඩුව වාහන ආනයනයට පනවා ඇති තහනම ඉවත් කරනු ඇති බවට ලංකා වාහන ආනයනයකරුවන්ගේ සංගමය බලාපොරොත්තු පළ කරයි.

"අපිත් බලාපොරෙත්තු වෙනවා අන්තිම අඩු ම පෙබරවාරි මාසේ වෙනකොට මේක ගෙන්වන්න ඉඩ දෙයි කියලා ආණ්ඩුව. මොක ද නව ආණ්ඩුවේ අයවැයත් ඒ වගේ කාලෙක නේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම හිතනවා ආණ්ඩුව අයවැය ඉදිරිපත් කිරීමත් සමග වාහන ආනයනය නැවත ආරම්භ කරයි කියලා," එම සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග බීබීසි සිංහල සේවයට පැවසීය.

වාහන ආනයනයට අවසර ලැබී මාස දෙකක් තුළ මෙරට වෙළෙඳපොළට වාහන ගෙන්වීමේ හැකියාවක් ඇති බව ඔහු පවසයි.

 
'පාවිච්චි කළ වාහනයක් ගන්න මිලට අලුත් වාහනයක්'
වසර හතරකට වැඩි කාලයකට පසුව ලබන වසරේදී වාහන ආනයනයට අවසර ලැබුණහොත් එසේ ගෙන්වනු ලබන වාහනවල මිල ගණන් සම්බන්ධයෙන් ද බීබීසි සිංහල සේවය ඔහුගෙන් විමසීමක් කළේ ය.

"අපි දැන් පාවිච්චි කරපු වාහනයක් ගන්න මිලට සමාන හෝ ඊට අඩුවෙන් අපිට අලුත් වාහනයක් ගන්න පුළුවන් වෙයි," ප්‍රසාද් කලතුංග පැවසීය.

"අපිට හිතන්න බැහැ මේ වාහන 2020 තිබ්බ මිලට හම්බ වෙයි කියලා. මොක ද ඩොලර් එක රුපියල් 180යි අපි 2020 වාහන ඉම්පෝර්ට් එක නවත්තද්දි. අද ඩොලර් එක 290යි, ඒ වෙනස්කම් එක්ක යම් තාක් දුරකට වාහන මිල ඉහළ යනවා. නමුත් මම හිතනවා සාධාරණ මිලකට අලුත් වාහනයක්, හොඳ වාහනයක් ගන්න අවස්ථාව හිමි වෙයි කියලා."

වාහන ආනයනය ආරම්භ වූ පසුව දැනට වෙළඳපොළේ ඇති ලියාපදිංචි කරන ලද, භාවිත කරන ලද වාහනවල මිල ද පහළ බසිනු ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග තවදුරටත් පෙන්වා දුන්නේ ය.

(BBC සිංහල සේවය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...