The Leader News
BREAKING
Top Ad
Biz

වෙළෙඳපොළේ වාහන රැකට් එකක් - මහාචාර්ය වසන්ත අතුකෝරළ

T

The Leader Desk

December 8, 2024 • 4:49 AM

වෙළෙඳපොළේ වාහන රැකට් එකක් - මහාචාර්ය වසන්ත අතුකෝරළ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වාහන ආනයනය පිළිබඳ අද රටේ මාෆියාවක් ක්‍රියාත්මක වන බව තමා කළ සමීක්ෂණයකදී හෙළිදරව් වී ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසයි.
  • රජය වාහන ආනයනයට මෙතෙක් අවසර දී නැති අතර අවසර දෙතොත් තීරු බදු විශාල ලෙස ඉහළ නංවා වාහන ආනයනයට අවසර දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
  • එවිට රට තුළ වාහන මිල ඉහළ යන අතර අඩු මිලට වාහන ලබාගෙන රැස්කරගෙන ඇති ව්‍යාපාරිකයන්ට තමන් ළඟ ඇති වාහන ඉහළ මිල ගණන්වලට අලෙවි කර විශාල ලෙස ලාභ ලබා ගැනීමට අවස්ථාව උදාවෙන බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.
  • වර්තමානයේ රටේ පවතින ආර්ථික තත්ත්වය අනුව පාලනයකින් තොරව වාහන ආනයනයට අවසර නොලැබෙනු ඇතැයි පවසන මහාචාර්යවරයා වැඩිදුරටත් අවධාරණය කරන්නේ, රජය කළ යුතු වන්නේ පොදු වාහන ආනයනයට අවසර දී ජනතාවට සහන සැලසීම බවය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු පැවසුවේ ඇතැම් කුප්‍රකට වාහන ආනයනකරුවන් ලබන වසරේ සිට වාහන ආනයනයට රජය අවසර දුන් බවට ප්‍රචාරය කර වාහන මිල දැක්වෙන වෙළෙඳ දැන්වීම්ද ප්‍රදර්ශනය කරන බවයි. 

ඔවුන් ජනතාව තුළ වාහන ආනයනය කිරීමට ඉඩ ලැබී ඇති බවට අදහසක් ඇති කරනුයේ දැනට රට තුළ ඇති වාහන අඩු මිලකට මිලදී ගැනීම සඳහා උපක්‍රමයක් වශයෙනි. එහිදී අලුත් වාහන පිළිබඳ බලාපොරොත්තු දල්වා ගන්නා පෞද්ගලික වාහන හිමියන් තමන් පාවිච්චි කරන වාහන අඩු මිලට විකුණා දැමීමේ ප්‍රවණතාවක් ඇතිවනු ඇත.

රජය වාහන ආනයනයට මෙතෙක් අවසර දී නැති අතර අවසර දෙතොත් තීරු බදු විශාල ලෙස ඉහළ නංවා වාහන ආනයනයට අවසර දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එවිට රට තුළ වාහන මිල ඉහළ යන අතර අඩු මිලට වාහන ලබාගෙන රැස්කරගෙන ඇති ව්‍යාපාරිකයන්ට තමන් ළඟ ඇති වාහන ඉහළ මිල ගණන්වලට අලෙවි කර විශාල ලෙස ලාභ ලබා ගැනීමට අවස්ථාව උදාවෙන බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.

වර්තමානයේ රටේ පවතින ආර්ථික තත්ත්වය අනුව පාලනයකින් තොරව වාහන ආනයනයට අවසර නොලැබෙනු ඇතැයි පවසන මහාචාර්යවරයා වැඩිදුරටත් අවධාරණය කරන්නේ, රජය කළ යුතු වන්නේ පොදු වාහන ආනයනයට අවසර දී ජනතාවට සහන සැලසීම බවය.

(deshaya.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...