The Leader News
BREAKING
Top Ad
Biz

වාහන ආනයනකරුවන්ගේ සංමයෙන් ප්‍රකාශයක්

T

The Leader Desk

December 9, 2024 • 3:17 AM

 වාහන ආනයනකරුවන්ගේ සංමයෙන් ප්‍රකාශයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් රජයේ කිසිදු පාර්ශවයක් මේ වන තෙක් නිල වශයෙන් දැනුම් දී නොමැති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
  • මොකද අපි දැන් වාහනයක් නැතුව අවුරුදු 4ක් - 5ක් අපේ කේෂ්ත්‍රය කඩා වැටීමට ලක්වෙලා තියෙනවා.
  • නව රජයෙන් තීරණය වෙනස් වෙයිද කියලා අපිට කියන්න බෑ.
  • තාම රජයේ කිසිම කෙනෙක් ප්‍රකාශයට පත්කරලා නෑ කවද්ද වාහන ගෙන්වන්නේ කියලා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ හේතුවෙන් වාහන මිල දී ගැනීම හෝ ඒවා විකිණීම සම්බන්ධයෙන් කලබල විය නොමැති බව එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ සඳහන් කළේය.

"මේක දැන් ගෙන්වීම අත්‍යාවශ්‍ය වෙලා තියෙන්නේ. මොකද අපි දැන් වාහනයක් නැතුව අවුරුදු 4ක් - 5ක් අපේ කේෂ්ත්‍රය කඩා වැටීමට ලක්වෙලා තියෙනවා. අපෙත් පැතුම මොනවා හරි වාහනයක් ගේන්න. අපිත් ප්‍රාර්ථනා කරනවා මේ අවුරුද්දේ බස්, ලොරි ගෙන්නලා ඊට පස්සේ දෙවන තුන්වන අදියර යටතේ ඉතුරු වාහනත් ගෙන්න ගන්න ඉක්මට හැකියාව ලැබෙන්න කියලා.

දැනට කිසිම වාහනයක් ගේන්න රජයේ කිසිම තීරණයක් නෑ. නව රජයෙන් තීරණය වෙනස් වෙයිද කියලා අපිට කියන්න බෑ. කිසිම කෙනෙක් කලබල වෙන්න එපා තමන් ළඟ තියෙන වාහනය විකුණන්න. තාම රජයේ කිසිම කෙනෙක් ප්‍රකාශයට පත්කරලා නෑ කවද්ද වාහන ගෙන්වන්නේ කියලා. අපි රජයෙන් ඉල්ලීමක් කරනවා මේ ගැන ප්‍රකාශයක් නිකුත් කරන්න කියලා. මොකද මිනිස්සු කලබල වෙලා ඉන්නේ. රජය ප්‍රකාශයට පත්කරන කල් තමන් ළඟ තියෙන වාහනය අඩුවට කාටවත් විකුණන්න ඕනේ නෑ."

(adaderana)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වාහන ආනයනකරුවන්ගේ සංමයෙන් ප්‍රකාශයක් | The Leader