The Leader News
BREAKING
Top Ad
Biz

ආදායම් බදු: ප්‍රශංසා දෙකක් සහ යෝජනා කිහිපයක් - (මහාචාර්ය රොහාන් සමරජීව)

T

The Leader Desk

December 9, 2024 • 5:50 AM

ආදායම් බදු: ප්‍රශංසා දෙකක් සහ යෝජනා කිහිපයක් - (මහාචාර්ය රොහාන් සමරජීව)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමේ (ප්‍රථම) අවසාන දිනයේ එක්ස් (X)හි, කලින් ට්විටර් (Twitter) හි පළ කරන ලද බදු වාර්තාව ඔන්ලයින් ඉදිරිපත් කිරීම පිළිබඳ දීර්ඝ සටහනක් මම කියෙව්වෙමි.
  • එය දිගු ඇමුණුමක් වූ අතර "කෝපය" වැනි වචන සහ තවත් බොහෝ වචන ලොකු අකුරින් එහි ඇතුළත් කොට තිබිණි (එයින් අඟවන්නේ කෑගැසීමයි).
  • නමුත් වඩාත්ම වැදගත් වාක්‍ය වූයේ: “ ඔවුන් මෙය අන්තර්ජාලය හරහා කරන පළමු අවස්ථාව මෙය බවත්, එය අපහසුතා සහිත විය හැකි බවත්, දැන් මට වැටහේ.
  • මා ද එම හිංසාකාරී ක්‍රියාවලිය හරහා ම ගිය නමුත් පුදුමයට කරුණක් වුයේ මා තුළ කිසිදු කෝපයක් ඇති නොවීම ය.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙය පරිගණක විද්‍යාව උගන්වන මගේ මිත්‍රයකු වන නිසංස ද සිල්වා විසින් කළ සටහනකි. එය දිගු ඇමුණුමක් වූ අතර "කෝපය" වැනි වචන සහ තවත් බොහෝ වචන ලොකු අකුරින් එහි ඇතුළත් කොට තිබිණි (එයින් අඟවන්නේ කෑගැසීමයි). නමුත් වඩාත්ම වැදගත් වාක්‍ය වූයේ: “ ඔවුන් මෙය අන්තර්ජාලය හරහා කරන පළමු අවස්ථාව මෙය බවත්, එය අපහසුතා සහිත විය හැකි බවත්, දැන් මට වැටහේ. නමුත් ඔවුන් නැවත කඩදාසිවලට ගියහොත් එය කණගාටුදායක ය".

මම ද, මගේ PIN අංකය ලබා ගැනීමට පෝලිම්වල රස්තියාදු වීම, පද්ධතිය ප්‍රතිචාර දක්වන තුරු තිරය දෙස බලා සිටීම ආදී වශයෙන් පැය බොහෝ ගණනක් ගත කර තිබුණි. මා ද එම හිංසාකාරී ක්‍රියාවලිය හරහා ම ගිය නමුත් පුදුමයට කරුණක් වුයේ මා තුළ කිසිදු කෝපයක් ඇති නොවීම ය. ඒ මා මගේ මිතුරා මෙන් වයසින් දෙගුණයක්වූ නිසා පමණක් ද?

 

නැත. මා කෝපාවිෂ්ට නොවුනේ වරදෙහි කොටසක් මා බාරගත් නිසා ය. අන්තර්ජාලය හරහා බදු කටයුතු කිරීමට අවස්ථාව ඔවුන් ලබාදුන් පළමු වසර මෙය නොවේ. මේ වසර ඔවුන් එය අනිවාර්ය කළ වසර යි. මීට වසර හයකට පෙර, රජයේ ඩිජිටල් කාරණා සම්බන්ධයෙන් මට වගකීමක් පැවරී තිබූ කාලයක, කාර්යාලයට පැමිණ PIN අංකය ලබා ගන්නා ලෙස මගෙන් ඉල්ලා සිටිනු ලැබීය. වසර තුනකට පෙර ඔවුන් තාවකාලික PIN අංකයක් එවා තිබූ බැවින් මට ගමනක් මග හැරීමට හැකි වී ය.  දෙවතාවේදීම මම PIN අංකයක් නොගත්තෙමි.

මා පද්ධතියක උපරිම භාවිතය ඇති මොහොතේ ගැටලුව (ගැන උගැන්වන බැවින් අවසාන දිනයේ දී පද්ධතිය අඩු තරමින් මන්දගාමී වන බව (සහ බිඳ වැටීමට පවා ඉඩ ඇති බව) මම දැන සිටියෙමි. එහෙත්, මා දේශීය ආදායම් ප්‍රධාන කාර්යාලයේ PIN අංකයක් සඳහා පෝලිමේ සිටගෙන සිටියේ නියමිත දිනට දින දෙකකට පෙර දී ය. එමෙන් ම මා තිරය දෙස බලාගෙන ප්‍රතිචාර බලාපොරොත්තුවෙන් සිටියේ අවසාන පැය කිහිපය තුලදී ය. මම වලට වැටුනේ කරුණු දැනගෙනය.

පළමු ප්‍රශංසාව

 


බදු ගෙවීම සම්බන්ධ සෑම දෙයක් ම අන්තර්ජාලය හරහා සිදු කිරීම ප්‍රශංසාවට හේතුවකි. මගේ (වැරදි) හැසිරීමෙන් පෙන්නුම් කළ පරිදි, සමහර විට කසයෙන් පහර නොදී බැරිය. අන්තර්ජාලය හරහා ගොනු කිරීම අනිවාර්ය නොකළේ නම්, මා අතින් මෙම ලිපිය නොලියවෙන්නට ඉඩ තිබිණි. මා මගේ පරිගණකයේ ගණනය කිරීම් සිදු කර, අත් අකුරින් ප්‍රතිඵල ඇතුළත් කර, නියමිත දිනට කඩදාසි ලේඛන භාර දෙන්නට ඉඩ තිබිණි. නොසැලකිලිමත් සේවකයෙකු වැරදි ලෙස මගේ TIN අංකය ඇතුළු කිරීමේ ප්‍රතිවිපාක අත්විඳ ඇති මම, අත් අකුරු ඉවත් කිරීමේ සහ ක්‍රියාවලිය මගින් දත්ත නැවත ඇතුළත් කිරීම ඉවත් කිරීමේ අවශ්‍යතාවය හොඳින් දැන සිටිමි.

එබැවින් පළමු ප්‍රශංසාව නරක නිෂ්පාදනයක් සමඟ වුව ද, අත්‍යවශ්‍ය වෙනස බලහත්කාරයෙන් හෝ කිරීම පිළිබඳව ය. එසේ ම මගේ කෝපයට පත් මිතුරා පැවසූ පරිදි, කොපමණ පැමිණිලි තිබුණත් නැවත කඩදාසි වෙත පසු බැසිය නොයුතු ය.

දෙවැනි ප්‍රශංසාව
 
බදු වාර්තා ගොනු කරන්න බැරිවුණු දහස් ගණනකට කුමක් වෙයි ද?
පසුගිය සතියේ දේශීය ආදායම් ප්‍රධාන කාර්යාලයේ දී පැහැදිලි වුයේ ඔවුන් ප්‍රමාණවත් සැලසුම් සකස් කර නොතිබූ බව ය. බදු ගොනු කරන්නන්ගේ සංඛ්‍යාව ඉහළ නැංවීම සහ අන්තර්ජාලය හරහා ගොනු කිරීම අනිවාර්ය කල පසු, ඔවුන් අපේක්ෂා කළ යුතුව තිබුණේ PIN අංකය ඉල්ලමින් බදු ගෙවන්නන් විශාල ප්‍රමාණයක් පැමිණෙනු ඇති බව යි. විශේෂයෙන් වෙබ්අඩවියේ මාර්ගෝපදේශය මගින් (හදිසි ඇමතුම් සේවය නිවැරදි උපදෙස් දී තිබු බව පෙනීයයි) ප්‍රධාන කාර්යාලයට පැමිණීමට නියම කර තිබූ නිසා තදබදය තවත් උග්‍ර විය. PIN අංකය තැපැල් මගින් ලැබෙන තෙක් බලා සිටීමේ අනෙක් විකල්පය අවසන් සතිය වන විට තවදුරටත් කළ නොහැක්කක්ව තිබිණි.
නමුත් බදු කාර්යාල කිහිපයක් තිබිය දී, වෙබ් අඩවිය මගින් එක් ස්ථානයක් පමණක් ලබා දුන්නේ ඇයි? අනෙක් ස්ථානවලින් ද PIN අංකය ලබා ගත හැකි බව මට දැනුම් දුන්න ද, ඒ මා සෑහෙන වේලාවක් පෝලිමේ සිටීමෙන් පසුව ය.

නමුත් ඔවුහු තදබදයට හැකි අයුරින් මුහුණ දුන්හ. තාවකාලික කවුන්ටර විවෘත කරනු ලැබු අතර උප ප්‍රශස්ත තත්ත්වයන් යටතේ නිලධාරීන් කඩිසරව වැඩ කරන අයුරු දැකගත හැකි විය. වගකිවයුතු ජ්‍යෙෂ්ඨ නිලධාරියකු එම ස්ථානයේ ගැවසෙමින් ප්‍රශ්න විසඳීම සහ පැහැදිලි කිරීම් කළේය. කොමසාරිස් ජනරාල්වරිය පවා පහළට පැමිණ පෝලිම් ගමන වේගවත්  කිරීමට කළ හැකි දේ සොයා බැලුවාය. එබැවින් දෙවන ප්‍රශංසාව ප්‍රායෝගිකව ප්‍රශ්නයට මුහුණ දීමට කල උත්සාහය පිළිබඳව ය.

පළමුවන යෝජනාව
 
sslScreenshot 2024 12 09 at 11.07.40 copy
ක්‍රියාවලිය හරහා ගිය ඕනෑම කෙනෙකු සාක්ෂි දරන පරිදි, පරිශීලක අතුරුමුහුණත ඉතා දුර්වලය. මම එහි සියලු අඩුපාඩු විස්තර කරන්නට ගියහොත්, මෙය දිගු හා නීරස ලිපියක් බවට පත්වනු ඇත. එසේ වුවත්, එක් ගැටළුවක් නිදර්ශනයක් වෙයි. උපලේඛන 7 හෝ 8 හි අත්වැරැද්දක් සිදුවී ඇත්නම් සහ පිටු සුරැකීමෙන් පසුව එය  අනාවරණය වුයේ නම්, ආරම්භයට ගොස් මුල සිට එක්  එක් පිටුව සුරැකීම අවශ්‍ය වෙයි. මෙය පද්ධතියේ පසුඅන්තය මත බර වැඩි කරන අතර සියලු දෙනා සඳහා සේවා ගුණාත්මක භාවය අඩු කරයි. පද්ධතිය මඟින් පිටුවලට සෘජු ප්‍රවේශය ලබා දී තිබුණේ නම්, බොහෝ හිරිහැර වළක්වා ගත හැකිව තිබිණි.
 
නමුත් යෝජනාව එය නොවේ. බදු ගෙවන්නන් හිරිහැර විඳි ස්ථාන පෙන්නුම් කරමින් ක්‍රියාවලිය හරහා ගමන් කිරීමට දෙපාර්තමේන්තුව පරිශීලක කණ්ඩායම් කැඳවීම යි. පරිශීලක අතුරු මුහුණත් කණ්ඩායමට අතුරු මුහුණත වැඩිදියුණු කිරීම සඳහා මෙම සොයාගැනීම් භාවිතා කළ හැකි ය. සාමාන්‍ය මිනිසුන්ට තාක්‍ෂණය සමඟ ඇතිවන  දුෂ්කරතා, පද්ධතිය තුළ සැරිසැරීමේ දී ඔවුන්ගේ අත්දැකීම් උරහිස් මතින් බලා නොසිට කෙනෙකුට තේරුම් ගත නොහැකි ය.
 
දෙවැනි යෝජනාව

එක්සත් ජනපදයේ, සෑම රජයේ ආකෘති පත්‍රයක ම සාමාන්‍යයෙන් එය සම්පූර්ණ කිරීමට කොපමණ කාලයක් අවශ්‍ය වේද යන්න සඳහන් කිරීම කළ යුතු ය. අවශ්‍ය ලියකියවිලි එකතු කිරීමට ගතවන කාලය ඇතුළත් කළ නොහැකි නිසා මෙය දළ වශයෙන් වූ අවම දර්ශකයකි. මෙය සියලු ම රාජ්‍ය ආයතනවල අනුගමනය කිරීම සුදුසු භාවිතයක් වන නමුත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එහි  පුරෝගාමියා විය හැකි ය.
 
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හතේ හත
තනි පුද්ගල ආදායම් බදු වාර්තා සැපයීම සම්බන්ධයෙන් ඇති එක ම විකල්පය වන ඔන්ලයින් ආකෘති පත්‍ර සම්බන්ධයෙන් ගණනය කළ යුතු වන්නේ එය සම්පූර්ණ කිරීමට ගතවන සාමාන්‍ය කාලය යි. මෙය බොහෝ විට දැනට ඉදිරිපත් කර ඇති විකල්ප මාර්ග හතරට එකතු කිරීමකට හේතු වනු ඇත. උදාහරණයක් වශයෙන්, පොලී ආදායම පමණක් විකල්පයට අමතරව, ආයෝජන සහ පොලී ආදායම් වාර්තා කරන අය සඳහා අමතර මාර්ගයක් සකස් කළ හැකි නම්, බොහෝ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මෙම ක්‍රියාවලිය වඩාත් පහසු කිරීම කළ හැකි ය.

තෙවැනි යෝජනාව
 
ස්කෑන් කරන ලද ලේඛන උඩුගත කිරීමේ අවශ්‍යතා අවම කරන්න. පැරණි කාලයේ මෙන් නොව, රජය වෙනුවෙන් බදු එකතු කරන ආයතන (උපයන විට ගෙවීම, ඉදිරි ආදායම් බදු, රඳවා ගැනීමේ බදු) සිදු කරනු ලබන්නේ ඉලෙක්ට්‍රොනික මාර්ගයෙනි. RAMIS අතුරුමුහුණතට අනුව TIN අංකය, සහතිකපත් අංකය, දිනය යනාදිය ඇතුළුව මුදල් රඳවා ගත් ආයතනයේ සියලු විස්තර පිරවීමට ගොනු කරන්නාට සිදුවෙයි. සේවා යෝජකයින්ගෙන්, බැංකුවලින් යනාදී ප්‍රේෂණ සමඟ ඇති විස්තර සමඟ මෙම විස්තර ගැළපීම පහසුවෙන් කළ හැකි විය යුතු ය. සහතික ස්කෑන් කර ඒවා උඩුගත කිරීමේ අවශ්‍යතාවයෙන් එකතු වන වටිනාකම කුමක්දැයි තේරුම් ගැනීම අපහසු ය.
උපකාරක ලේඛන උඩුගත කිරීම අවම කිරීම මගින් බදු ගෙවන්නන්ගේ කාලය ඉතිරි කර පද්ධතිය මත බර පැටවීම ද අඩු කරයි. පද්ධතිය වැඩි දියුණු වන විට, රඳවාගෙන සිටින සහ ප්‍රේෂණය කරන ලද මුදල් පද්ධතිය මඟින් ස්වයංක්‍රීයව පුරවා ගැනීමට පවා හැකි විය හැකි ය. ලේඛන උඩුගත කිරීමට අවශ්‍ය වන්නේ බදු ගෙවන්නා විසින් හිමිකම් කියන මුදල් ප්‍රමාණය පද්ධතියේ ඇති දේ සමග නොගැළපෙන විරල අවස්ථා කිහිපයක දී පමණකි.

සතරවැනි යෝජනාව
 
බදු වියදම් කලේ කුමටද කියා නොදැන බදු ගෙවන අරුම පුදුම ලාංකිකයෝ - (ශාන්ත  ජයරත්න)
ඕනෑම පද්ධතියක වැදගත් වන්නේ උපරිම භාවිතය ඇති වන මොහොතේ එහි කාර්ය සාධනය යි. බදු ගෙවන්නන් සංඛ්‍යාව වැඩි වන විට හැකි අවසාන දිනයේ දී ඔවුන්ගේ ගෙවීම් සහ ප්‍රතිලාභ ඉදිරිපත් කිරීමට උත්සාහ කරන පුද්ගලයින් සංඛ්‍යාව වැඩි වනු ඇත. එහි උපරිම අවස්ථාවේ තදබදයක් ඇතිවීම නොවැළැක්විය හැකි ය.

බොහෝ සංවිධාන උත්සාහ දරන්නේ පරිශීලකයන් සමතලා ප්‍රදේශවලට තල්ලු කිරීම සඳහා දිරිගැන්වීම් හෝ අධෛර්යමත් කිරීම් භාවිතා කරමින් උපරිම අවස්ථා සමතලා කිරීමට ය. බදු ගෙවන්නන්ගේ විවිධ කණ්ඩායම්වලට විවිධ කාලසීමාවන් ලබා දීමෙන් මුළු නොවැම්බර් මාසය පුරාම බදු ගෙවන්නන්ගේ වාර්තා සැපයීමේ බර බෙදා හැරීම ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට සලකා බැලිය හැකි ය. උපරිම අවස්ථා සමතලා කිරීමේ සරලතම ආකාරය මෙය යි.

තවත් ක්‍රමයක් වන්නේ වට්ටම් ලබාදීම සහ අධිභාර පැනවීම යි. උදාහරණ ලෙස, දින 30කට කලින් ඉදිරිපත් කර සියයට 5ක වට්ටමක් ලබා ගන්න (නමුත් එම අවස්ථාවේ උපරිමයක් වර්ධනයවීම වැළැක්වීම අවශ්‍ය වේ!); දින පහක් ප්‍රමාද වී ඉදිරිපත් කර සියයට පහක අධිභාරයක් ගෙවන්න; ආදී වශයෙනි.

නිගමන වශයෙන්
 
පද්ධතිය ඩිජිටල්කරණය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දරන ලද උත්සාහය අගය කළ යුතු ය. එම ගම්‍යතාව දිගට ම පවත්වා ගතහොත් රජයේ ඩිජිටල්කරණයේ ප්‍රමුඛයා වීමේ හැකියාව දෙපාර්තමේන්තුව සතුව ඇත. තවදුරටත් එය රජයේ ඩිජිටල්කරණ අසාර්ථකත්වයේ නිදර්ශනය  නොවනු ඇත.

සෙනග අතරට පැමිණ භෞතික අභ්‍යවකාශයේ දී ප්‍රශ්න විසඳීමේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයාගේ සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ක්‍රියාවන් අතථ්‍ය අවකාශයේ නිර්මාණ කණ්ඩායම් විසින් අනුගමනය කල යුතු ය. පරිශීලකයින්ගෙන් සහ පද්ධතියේ සැරිසැරීමේ දී ඔවුන්ගේ අත්දැකීම්වලින් ඉගෙන ගැනීම ලබන වසරේ දී ප්‍රශංසා තුනක් උපයා ගැනීමට හේතු සාධක වනු ඇත.

මංගල : මහ ගසක් ඇද වැටිණි. එහි ප්‍රතිවිපාක කවරේද? -මහාචාර්ය රොහාන් සමරජීව(මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික 
rohan@lirneasia.net

 X: @samarajiva. www.lirneasia.net

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ආදායම් බදු: ප්‍රශංසා දෙකක් සහ යෝජනා කිහිපයක් - (මහාචාර්ය රොහාන් සමරජීව) | The Leader