එහිදී දිනය තුළ ඒකක 169.53 ක වර්ධනයක් වාර්තා කිරීමට සියලු කොටස් මිල දර්ශකය සමත් වූ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 14,205.34 ක් ලෙසින් සටහන් විය. මෙය මේ දක්වා ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය වාර්තා කර ඇති ඉහළම අගය වේ.
සියලු කොටස් මිල දර්ශකය අඛණ්ඩ ඉහළ ගිය 14 වෙනි දිනය ඊයේ දිනයයි.
මේ අතර S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 57.99කින් ඉහළ ගොස් දිනය අවසානයේ දී ඒකක 4,244.45 ක් ලෙසින් වාර්තා වුණි.
රු. බිලියන 6.14 ක ගනුදෙනු පිරිවැටුමක් ඊයේ දින වාර්තා විය. ඒ සඳහා හේමාස් හෝල්ඩිංග්ස් රු. මිලියන 427ක්, හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 415ක්, ලංකා මිල්ක් ෆුඩ්ස් රු. මිලියන 394 ක්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් රු. මිලියන 231 ක් හා ඇලුමෙක්ස් රු. මිලියන 229 ක් ලෙසින් ඉහළ දායකත්වයක් ලබා දීමට සමත්විය.
කොළඹ කොටස් වෙළෙදපොළ ක්‍රියාකාරීත්වයේ සුවිශේෂී වර්ධනය සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙදපොළ අළෙවි අංශයේ කනිෂ්ඨ විධායක ගණිසුරු විජේසේකර ඊයේ මෙසේ අදහස් දැක්විය.
කොළඹ කොටස් වෙළදපොළ ක්‍රියාකාරීත්වයේ වර්ධනයක් - ඊයේ තවත් වාර්තාවක්
T
The Leader Desk
December 14, 2024 • 2:52 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (13) නැවත වතාවක් ඉතිහාසයේ ඉහළම ස්ථානය අලුත් කරන ලදී.
- මෙය මේ දක්වා ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය වාර්තා කර ඇති ඉහළම අගය වේ.
- මේ අතර S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 57.99කින් ඉහළ ගොස් දිනය අවසානයේ දී ඒකක 4,244.45 ක් ලෙසින් වාර්තා වුණි.
- බිලියන 6.14 ක ගනුදෙනු පිරිවැටුමක් ඊයේ දින වාර්තා විය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


