The Leader News
BREAKING
Top Ad
Biz

ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකයි - මුදල් අමාත්‍යශය

T

The Leader Desk

December 14, 2024 • 3:24 AM

  ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකයි - මුදල් අමාත්‍යශය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කළ බව මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන පවසයි.
  • මුදල් අමාත්‍යාංශයද මේ බව නිල වශයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
  • ඒ අනුව ස්වෛරී බැඳුම්කර හිමියන්ගෙන් 98%ක් බැඳුම්කර හුමවාරුව සඳහා කැමැත්ත පළ කර තිබේ.
  • දැනට පවතින බැඳුම්කර සඳහා නව බැඳුම්කර හුවමාරු කිරීමේ මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ආරම්භ කෙරෙන බව මුදල් අමාත්‍යංශය මින් පෙර නිවේදන කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ඔහු සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ මෑත ඉතිහාසයේ වඩාත් සංකීර්ණ සහ අභියෝගාත්මක ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කිරීමට හැකි වූ බවය.

Screenshot 2024 12 14 at 8.45.19 AM
මුදල් අමාත්‍යාංශයද මේ බව නිල වශයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

ඒ අනුව ස්වෛරී බැඳුම්කර හිමියන්ගෙන් 98%ක් බැඳුම්කර හුමවාරුව සඳහා කැමැත්ත පළ කර තිබේ.

දැනට පවතින බැඳුම්කර සඳහා නව බැඳුම්කර හුවමාරු කිරීමේ මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ආරම්භ කෙරෙන බව මුදල් අමාත්‍යංශය මින් පෙර නිවේදන කළේය.

ඒ වෙනුවෙන් වූ නිල ආරාධනය ශ්‍රී ලංකා රජය විසින් පසුගිය නොවැම්බර් මස 26 දින නිකුත් කළේය.

ඒ වන විට හිඟව ඇති බැඳුම්කරවල වටිනාකම ඩොලර් බිලියන 12.55ක් වූ අතර එම බැඳුම්කර ඒ අනුව ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිතව තිබුණි.

ඒ සඳහා වූ කැබිනට් අනුමැතියද ලැබුණු බව පසුගිය 26 වැනිදා පැවැති කැබිනට් තීරණ දැම්දීමේ මාධ්‍ය හමුවෙය්දී කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස පැවසීය.

දැනට නිකුත් කර තිබූ බැඳුම්කර හිමි පාර්ශ්ව වෙත තම බැඳුම්කර නව බැඳුම්කර සමග හුවමාරු කර ගැනීම සඳහා සති 3ක කාලයක් ලබා දී තිබුණි.

එහි අවසන් දිනය ලෙස පත්ව තිබුනේ පෙරේදා (12) දිනයයි.

ඒ අනුව මෙම බැඳුම්කර හුවමාරු ක්‍රියාවලිය සඳහා හැකි ඉක්මනින් එක්වන ලෙස ශ්‍රි ලංකාව අදාළ බැඳුම්කර හිමියන්ගෙන් ඉල්ලීමක්ද සිදුකරනු ලැබීය.

බැඳුම්කර හිමි පාර්ශ්ව දෙකක් සමග ප්‍රතිපත්තිමය එකඟතාවක් 2024 සැප්තැම්බර් 19 වැනිදා එළැඹ තිබුණි. ඉන් එක් පාර්ශ්වයක් ජාත්‍යන්තර බැඳුම්කර හිමි ජාත්‍යන්තර ආයෝජකයින්ගෙන් සමන්විත වූ අතර අනෙක් පාර්ශ්වය දේශීය මූල්‍ය ආයතනවලින් සමන්විත වෙයි.


(adaderana)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...