අති උත්කර්ශවත් අයුරින් පැවැත්වුණි.
එම සමුළු සඳහා ව්‍යවසායකයින් සහ ව්‍යවසායකත්වය වෙනුවෙන් උනන්දුවක් දක්වන විශාල පිරිසක් සහභාගී වූහ.
ඉදිරියේ දී මෙවැනි ව්‍යාපාරික සහ ආයෝජන සමුළු ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවත්, මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ක්ෂේත්‍රය නැංවීම සඳහා මෙවැනි දැනුවත් කිරීමක් සිදුකිරීම ජාතික අවශ්‍යතාවයක් බවට වර්තමානයේ පත්වී තිබෙන බවත් මෙම සමුළුවේ දී අදහස් දැක්වූ ලංකා බිස්නස් ටී.වී. නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී, ජයන්ත කෝවිලගොඩගේ පැවසී ය.
මෙම සමුළුවෙහි ප්‍රධාන දේශනය ලංකා ටයිල්ස් කළමනාකාර අධ්‍යක්ෂ, ව්‍යවසායක මහේන්ද්‍ර ජයසේකර විසින් සිදු කරනු ලැබූ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලයේ කළමනාකරු එන්.ඒ. අරුණ විජේසිරි “ආයෝජන අවස්ථා හඳුනා ගනිමු. අපයෝජන බැහැර කරමු’’ යන මාතෘකාව යටතේ මේ වනවිට වර්ධනය වෙමින් පවතින වංචා සහගත ආයෝජන මොනවාද? ඒවායින් ගැලවෙන්නේ කෙසේද? යන්න පිළිබඳව දැනුවත් කිරීමක් කළේ ය.

NDB වෙල්ත් මැනේජ්මන්ට් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී, රුවන් පෙරේරා විසින් මුදල් වෙළෙඳපොළ අරමුදල්, කොටස් වෙළෙඳපොළේ සහ ඒකක භාරවල ආයෝජනය කර ඉහළ ප්‍රතිලාභයක් ලබාගන්නේ කෙසේදැයි පැහැදිලි කළ අතර අන්තර් ජාල ව්‍යවසායක ජනිත් වික්‍රමසිංහ විසින් සිදු කරන ලද ‘‘අන්තර් ජාලයෙන් ඩොලර් උපයන් කෙසේ ද?’’ යන මැයෙන් වූ දේශනය බොහෝ දෙනෙකුගේ ප්‍රසාදයට ලක් විය.
මෙම සමුළුවේ දී ‘‘ගනුදෙනු ඩිජිටල්කරණය ඔබේ ව්‍යාපාරය වර්ධනය කිරීමට උපකාරී වන්නේ කෙසේ ද?’’ යන්න පිළිබදව පැහැදිලි කර සිටියේ, LankaPay ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ ගෝලීය මෙහෙයුම් අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු හර්ෂ ද සිල්වා ය.
මෙම සමුළුවට සහභාගී වූ අයෙකුට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරට ගොස් නැවත පැමිණීම සඳහා ගුවන් ටිකට් පතක් දිනා ගැනීමේ අවස්ථාව ද හිමි විය.




