The Leader News
BREAKING
Top Ad
Biz

වාහන ආනයනය ගැන නිකුත් කළ අලුත්ම ගැසට් නිවේදනය

T

The Leader Desk

December 18, 2024 • 2:14 PM

වාහන ආනයනය ගැන නිකුත් කළ අලුත්ම ගැසට් නිවේදනය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වාහන ආනයනය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක්
  •   වාහන ආනයනය ගැන නිකුත් කළ අලුත්ම ගැසට් නිවේදනය    කාණ්ඩ තුනකින් වාහන වෙළෙඳපොළ යළි විවෘත කිරීම සඳහා සැලසුම් කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
  • ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (දෙසැ.
  • 18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):
නිකුත් කෙරුණි.

එය 2024 දෙසැම්බර් 14 වනදා සිට බලාත්මක වෙයි.
 
 
කාණ්ඩ තුනකින් වාහන වෙළෙඳපොළ යළි විවෘත කිරීම සඳහා සැලසුම් කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (දෙසැ. 18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමිනි.

ඒ අනුව, 2025 වසරේ පෙබරවාරි මස 1 වන දා සිට සිට පෞද්ගලික ප්‍රයෝජනය සඳහා මෝටර් රථ ආනයනය කිරීමට සැලසුම් කර ඇති බව ඔහු එහිදී පැවසීය.

"භාණ්ඩ ප්‍රවාහනය සඳහා මෝටර් රථ, ඒ වගේ ම පෞද්ගලික ප්‍රයෝජනය සඳහා මෝටර් රථ අපි විවෘත කරන්න සැලසුම් කරලා තියෙනවා. පෞද්ගලික ප්‍රයෝජනය සඳහා මෝටර් රථ වාහන ආනයනය 2025 පෙබරවාරි මාසයේ පළවෙනි දින සිට යෝජනාවට අපි ඇතුළු කරලා තියෙනවා ක්‍රියාත්මක කරන්න," ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

ඊට අමතරව, මගී ප්‍රවාහන බස් රථ හා විශේෂ කාර්යයන් සඳහා භාවිත කෙරෙන ආනයනය මෝටර් රථ මෙම වසරේ දෙසැම්බර් මස 14 වන දා සිට විවෘත කර ඇති බව ද ජනාධිපවරයා එහිදී පැවසීය.

ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ, "දීර්ඝ කාලයක් මේ වාහන වෙළෙඳපොළ වසාගෙන සිටීමේ හැකියාවක් නැහැ," යනුවෙනි.

ඒ අනුව, මෙම තීරණයට එළඹි බව ඔහු එහිදී පැවසීය.

යළිත් 'ඩොලර් අර්බුදයක්' ඇති වේවි ද?
වාහන ආනයනය හරහා ඩොලර් අර්බුදයක් ඇති වනු ඇතැයි කිසිවෙකු හෝ සැකයක් තබා ගත යුතු නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.

"මහ බැංකුවත් එක්ක අපි දීර්ඝ සාකච්ඡාවක් හරහා මේ වාහන ආනයනය සඳහා පිට මංව යන ඩොලර් ප්‍රමාණය අපි කොපමණ ප්‍රමාණයක් ද කියලා යම් ඇස්තමේන්තුවක් කරලා තියෙනවා. එය කොච්චර ප්‍රමාණයක් ආර්ථිකයට ඔරොත්තු දෙනවා ද කියලා අපි සැලකිල්ලට භාජනය කරලා තියෙනවා," ඔහු පෙන්වා දුන්නේ ය.

රටේ ආර්ථිකය යළි උද්දීපනය කිරීම සඳහා වාහන වෙළෙඳපොළ විවෘත කළ යුතු බව එහිදී ජනාධිපතිවරයා තවදුරටත් පැවසීය.
 

 
'සාධාරණ මිලකට අලුත් වාහනයක් මිල දී ගැනීමේ හැකියාව උදා වේවි'
වාහන ආනයනය ආරම්භ කිරීමත් සමග සාධාරණ මිලකට අලුත් වාහනය මිල දී ගැනීමේ හැකියාව ජනතාවට උදාවන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග පවසයි.

පෞද්ගලික වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් අද (දෙසැ. 17) ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය පිළිබඳව බීබීසී සිංහල කළ විමසීමකදී ඔහු මේ බව පැවසීය.

නිෂ්පාදිත වර්ෂයේ සිට අවුරුදු 7ක් දක්වා මෝටර් රථ ආනයනය කිරීමට ජනාධිපතිවරයා අවසර දෙනු ඇතැයි ද අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

(මුලාශ්‍රය |  BBC සිංහල සේවය)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...