The Leader News
BREAKING
Top Ad
Biz

මිල්කෝ-එන්.එල්.ඩී.බී අමුල්ට දෙන්නේ නෑ - නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න

T

The Leader Desk

December 19, 2024 • 10:20 AM

මිල්කෝ-එන්.එල්.ඩී.බී අමුල්ට දෙන්නේ නෑ - නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රජයට අයත් මිල්කෝ ආයතනය සහ පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපොළවල් ඉන්දියාවේ අමුල් සමාගමට ලබා නොදෙන බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න පාර්ලිමේන්තුවේ දී ඊයේ (18 වැනිදා) පැවැසීය.
  • ඒවාට ඍජුව මැදිහත්වූ අයෙක් ලෙස අපිට මේ ගැන අදහසක් තියෙනවා.
  • මේක ව්‍යර්ථ කරලා තියෙන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රි හේෂා විතානගේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව කී නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේ ද සඳහන් කළේය.

එන්.එල්.ඩී.බී. ගොවිපොළවල්, මිල්කෝ ආයතනය අමුල් සමාගමත්, ලංකාවේ තවත් සමාගමකුත් පදනම් කරගෙන ලබාදීමට පසුගිය ආණ්ඩුව කටයුතු කරගෙන ගියා. ඊට එරෙහිව ගොවිජන සම්මේලනය විදියටත් විරෝධය පළ කරමින් ලොකු සටනක් අරගෙන ගියා. ඒවාට ඍජුව මැදිහත්වූ අයෙක් ලෙස අපිට මේ ගැන අදහසක් තියෙනවා. මේක අඩු ලංසුවකට දෙන්න තීරණය කරලා තිබුණේ. මේක ව්‍යර්ථ කරලා තියෙන්නේ. ඒවා කිසිවක් අදාළ ආයතනවලට දෙන්නේ නෑ. මේවා සංවර්ධනය කරන්න ඕනෑ. ඒකට අදාළව දේශීය ආයෝජකයන් හා ව්‍යවසායකයන් සම්බන්ධ කරගැනීම පිළිබඳ සාකච්ඡා කරලා කටයුතු කරනවා. කොහොමත් මේවා විදේශීය සමාගම්වලට දෙන්න කිසිදු තීන්දුවක් අරගෙන නැහැ.

(aruna | නිලන්ත මදුරාවල)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...