ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වල ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව ෆිච් රේටින් සමාගම පවසයි.
මේ හේතුවෙන් අදාළ සමාගම විසින් මෙරට ණය ශ්‍රේණිගත කිරීම් සඳහා උසස්වීමක් ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව දිගුකාලීන විදේශ මුදල් නිකුත් කරන්නන්ගේ ශ්‍රේණිගත කිරීම CCC සෘණ මට්ටමේ සිට CCC ධන මට්ටම දක්වා අදාළ උසස් වීම ලබා දී ඇති බව සඳහන්ය.
ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සාර්ථකත්වය වැඩි දියුණුකළ සාර්ව ආරිථික දර්ශක සහ දේශීය මුදල් පැහැරහැරීමේ අවධානම අඩුකිරීම මෙමගින් පිළිඹිබු කරන බව ෆිච් රේටින් සමාගම පවසයි.
මේ අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අනුව භාණ්ඩාගාර බැඳුම්කර අටක් මගින් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හුවමාරු කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මහ බැංකුව පෙන්වා දෙන්නේ මෙම සියලු බැඳුම්කර රුපියල් මිලියන දහනවදහස් හාරසිය හැටහයයි දශම එකක වෙන්කළ මුදලකින් සමන්විත බවය.
ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාවට උසස්වීමක්
T
The Leader Desk
December 21, 2024 • 10:45 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ෆිච් රේටීන් ජාත්‍යන්තර ණය ශ්‍රේණීගත කිරීමේ ආයතනය, ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ ණය ශ්‍රේණිය ඉහළ දමා තිබේ.
- මේ හේතුවෙන් අදාළ සමාගම විසින් මෙරට ණය ශ්‍රේණිගත කිරීම් සඳහා උසස්වීමක් ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ.
- ඒ අනුව දිගුකාලීන විදේශ මුදල් නිකුත් කරන්නන්ගේ ශ්‍රේණිගත කිරීම CCC සෘණ මට්ටමේ සිට CCC ධන මට්ටම දක්වා අදාළ උසස් වීම ලබා දී ඇති බව සඳහන්ය.
- ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සාර්ථකත්වය වැඩි දියුණුකළ සාර්ව ආරිථික දර්ශක සහ දේශීය මුදල් පැහැරහැරීමේ අවධානම අඩුකිරීම මෙමගින් පිළිඹිබු කරන බව ෆිච් රේටින් සමාගම පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


