The Leader News
BREAKING
Top Ad
Biz

ණය ගැනීමේ සහ ණය සුරැකුම්පත් නිකුත් කිරීමේ බලය මහා භාණ්ඩාගාර ලේකම්වරයාට පවරමින් ගැසට් නිවේදනයක්

T

The Leader Desk

December 22, 2024 • 5:58 AM

ණය ගැනීමේ සහ ණය සුරැකුම්පත් නිකුත් කිරීමේ බලය මහා භාණ්ඩාගාර ලේකම්වරයාට පවරමින් ගැසට් නිවේදනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙරට ආණ්ඩුව වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටත, දේශීය හෝ විදේශීය ව්‍යවහාර මුදලින් ණය ගැනීමේ සහ ණය සුරැකුම්පත් නිකුත් කිරීමේ බලය, මහා භාණ්ඩාගාර ලේකම්වරයා වෙත පවරා තිබේ.
  • රාජ්‍ය සංස්ථාවකට හෝ පොදු ව්‍යවසායකට විදේශ ණයක් ලබාගැනීමට ලක් රජයෙන් ලබාදෙන ඇපකරවලට අත්සන් තැබීමේ බලය ද, නව ගැසට් නිවේදනයට අනුව භාණ්ඩාගාර ලේකම්වරයාට හිමිවනු ඇත.
  • ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ අත්සනින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයකිනි.
අකුරු ප්‍රමාණය (Font Size):
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ අත්සනින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයකිනි.


ඊට අමතරව ලක් රජය ලබාගන්නා විදේශ ණය සම්බන්ධ ගිවිසුම් අත්සන් කිරීමේ බලය, භාණ්ඩාගාර ලේකම්වරයාට හිමි වේ.

රාජ්‍ය සංස්ථාවකට හෝ පොදු ව්‍යවසායකට විදේශ ණයක් ලබාගැනීමට ලක් රජයෙන් ලබාදෙන ඇපකරවලට අත්සන් තැබීමේ බලය ද, නව ගැසට් නිවේදනයට අනුව භාණ්ඩාගාර ලේකම්වරයාට හිමිවනු ඇත.

ලක් රජය විසින් එළඹිය යුතු එවැනි ගිවිසුමක් හෝ ඇපකරයක් සඳහා අවශ්‍ය ඕනෑම කොන්ත්‍රාත්තුවක්, බැඳුම්කරයක්, පොරොන්දු පත්‍රයක් හෝ වෙනත් ලේඛණයක් අත්සන් කිරීමේ බලය ද, භාණ්ඩාගාර ලේකම්වරයාට හිමිවේ.

(News 1st) 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...