The Leader News
BREAKING
Top Ad
Biz

‘ඩොලරයේ වැටීම ඇඟලුම් කර්මාන්තයට ගැටලුවක්’

T

The Leader Desk

December 23, 2024 • 6:45 AM

‘ඩොලරයේ වැටීම ඇඟලුම් කර්මාන්තයට ගැටලුවක්’

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වෙමින් පැවතීම ඇඟලුම් කර්මාන්තය හා සමස්ත අපනයන කර්මාන්තය මේ වනවිට මුහුණදෙමින් පවතින ප්‍රධාන ගැටලුව බවට පත්වී ඇති බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ නියෝජ්‍ය සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු පැවැසුවේය.
  • ඇඟලුම් කර්මාන්තය තුළ විදුලි බිල, ජල බිල ආදිය සඳහා පිරිවැය අධික වීම ගැටලුවක් වී ඇති බව ත් ඒ සඳහා ගෙවීම් රුපියල්වලින් කිරීමට සිදුවන බව ත් ඔහු කීය.
  • එසේ ම, පසුගිය කාලයේ ජීවන වියදම වැඩි වීම නිසා ඇඟලුම් කර්මාන්තයේ සේවකයන්ගේ වැටුප් වැඩි කළ බවත් ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම නිසා එම ගෙවීම් සඳහාත් වියදම් වැඩි වී ඇති බව ෆීලික්ස් ප්‍රනාන්දු පැවසීය.
  • මහ බැංකුව මැදිහත් වී ඩොලරය පහත වැටීම පාලනය කර ගැනීමට කටයුතු කරන්නේ නම් වැදගත් වනු ඇති බව ඔහු කීය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ඇඟලුම් කර්මාන්තයට අදාළව රුපියල්වලින් සිදුකරන වියදම් සඳහා විශාල බලපෑමක් ඇති වීම මීට හේතුව බව ඔහු කීවේය.


ඇඟලුම් කර්මාන්තය තුළ විදුලි බිල, ජල බිල ආදිය සඳහා පිරිවැය අධික වීම ගැටලුවක් වී ඇති බව ත් ඒ සඳහා ගෙවීම් රුපියල්වලින් කිරීමට සිදුවන බව ත් ඔහු කීය.

එසේ ම, පසුගිය කාලයේ ජීවන වියදම වැඩි වීම නිසා ඇඟලුම් කර්මාන්තයේ සේවකයන්ගේ වැටුප් වැඩි කළ බවත් ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම නිසා එම ගෙවීම් සඳහාත් වියදම් වැඩි වී ඇති බව ෆීලික්ස් ප්‍රනාන්දු පැවසීය.

මහ බැංකුව මැදිහත් වී ඩොලරය පහත වැටීම පාලනය කර ගැනීමට කටයුතු කරන්නේ නම් වැදගත් වනු ඇති බව ඔහු කීය.

ඒ අනුව, එක්සත් ජනපද ඩොලරය රුපියල් 310ත් 315ත් අතර ඉදිරියේදී පවත්වා ගැනීමට හැකි නම් ස්ථාවරත්වයක් ලැබෙනු ඇති බව ඔහු පැවසීය.

එවැනි මැදිහත්වීමක් මඟින් ඇඟලුම් කර්මාන්තය පමණක් නොව සමස්ත අපනයන ක්ෂේත්‍රයටම කිසියම් අස්වැසිල්ලක් වනු ඇති බවත් ඔහු වැඩිදුරට ත් පවසා සිටියේය.

| Mawbima

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...