The Leader News
BREAKING
Top Ad
Biz

ටැන්සානියාවේ ‘ලිප්ටන් තේ’ දැන් අයිති ලංකාවේ බ්‍රවුන්ස් ලාට

T

The Leader Desk

December 25, 2024 • 9:02 AM

ටැන්සානියාවේ ‘ලිප්ටන් තේ’ දැන් අයිති ලංකාවේ බ්‍රවුන්ස් ලාට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන බ්‍රවුන්ස් සමූහයට අයත් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම මගින් ටැන්සානියාවේ පිහිටි Lipton Teas and Infusions සමාගමෙහි 100%ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගැනීමට සමත් වූ බව පවසයි.
  •   බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම මගින් එක්සත් අරාබි එමීරයේ ලියාපදිංචි කර ඇති පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන B Commodities ME FZE මගින් මෙම මිලදී ගැනීම සිදු කර තිබේ.
  •   මෙලෙස බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම කෙන්යාව, ටැන්සානියාව සහ රුවන්ඩාව තුළ පවතින ලිප්ටන් ටීස් ඇන්ඩ් ඉන්ෆ්ලූෂන්ස් සමාගමට අයත් සමාගම් අත්පත් කරගැනීම පිළිබඳව පළමුවරට අනාවරණය කළේ පසුගිය මැයි 07 වැනිදාය.
  • මෙම අත්පත් කරගැනීමත් සමගින්ම බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම ලොව විශාලතම තේ කොළ නිෂ්පාදනය කරන්නා බවට පත්වන බවත් එම සමාගම සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):
පසුගිය දෙසැම්බර් 20 වැනිදා මෙම ගනුදෙනුව සිදුව තිබේ. මෙහිදී එම ගනුදෙනුව සිදු වූ සම්පූර්ණ වටිනාකම පිළිබඳව බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී සමාගම අනාවරණය කර නැත.
 
බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම මගින් එක්සත් අරාබි එමීරයේ ලියාපදිංචි කර ඇති පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන B Commodities ME FZE මගින් මෙම මිලදී ගැනීම සිදු කර තිබේ.
 
මෙලෙස බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම කෙන්යාව, ටැන්සානියාව සහ රුවන්ඩාව තුළ පවතින ලිප්ටන් ටීස් ඇන්ඩ් ඉන්ෆ්ලූෂන්ස් සමාගමට අයත් සමාගම් අත්පත් කරගැනීම පිළිබඳව පළමුවරට අනාවරණය කළේ පසුගිය මැයි 07 වැනිදාය.


මෙම අත්පත් කරගැනීමත් සමගින්ම බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම ලොව විශාලතම තේ කොළ නිෂ්පාදනය කරන්නා බවට පත්වන බවත් එම සමාගම සඳහන් කළේය.

ප්‍රාග්ධනය කෙන්යාවට ගිය හැටි හා ශ්‍රමය රුසියාවට ගිය හැටි

කෙන්යාවේ සහ රුවන්ඩාවේ ලිප්ටන් තේ සමාගම් ද ඔවුන්ගේ එක්සත් රාජධානිය සහ නෙදර්ලන්තය පදනම් කරගත් මුල් සමාගම්වලින් මිලදී ගැනීමට එකඟතාවකට පැමිණ ඇති බව ශ්‍රී ලංකාවේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පවසයි.

ගෝලීයකරණය තුළ ප්‍රාග්ධනයට සංචලනය වීමට ඇති අවස්ථා ලංකාව වැනි රාජ්‍යයන් ද භාවිතා කළ යුතුය.

එසේම, පංචලනය වීමට ප්‍රාග්ධනයට තිබෙන නිදහස ශ්‍රමය වෙනුවෙන් ද ලබාගැනීමට අරගල කළ යුතුය.

කෙසේ වෙතත්, ශ්‍රම සංචලනය සමග මතු වී තිබෙන බරපතළ අභියෝගයක් වන්නේ ට්‍රැෆිකිං හෙවත් මිනිස් ජාවාරම්ය. උදාහරණයක් ලෙස, රුසියානු හමුදා කඳවුරුවල වැඩ සඳහා යයි රවටා ගෙන ගොස් හිටපු හමුදා නිලධාරීන් කුලී හේවායන් ලෙස යුදබිමට යැවීම පිළිබඳ ගැටලුවක් මේ දිනවල කතාබහට ලක්වෙමින් තිබේ.

ශ්‍රමය බහුල තැනට ශ්‍රමය හිඟ තැන සිට සංක්‍රමණය වීම සඳහා විධිමත්, නියාමනයකින් යුක්ත අවස්ථා සම්පාදනය කළ යුතුය. සමාජය සංවර්ධනය වීමේදී ජාතික සීමාවන් ක්‍රමානුකූලව බොඳ වී යා යුතුය.

වර්තමානය වන විට විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේරණ ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබේ. ශ්‍රම සංක්‍රමණය ලංකාවේ ජනගහණය අඩු වීමට ද බලපා තිබේ. මේ අතර, වේගයෙන් වර්ධනය වන වැඩිහිටි ජනගහණය හේතුවෙන් ලංකාව තුළට ද සංක්‍රමණය අවශ්‍ය වී තිබේ. ඒ සඳහා දැනට පවතින යල් පැන ගිය නීති සංශෝධනය කිරීමට ඉදිරියේදී සිදු වනු ඇත.

(උපුටා ගැනීම් | enbsl + praja)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...