The Leader News
BREAKING
Top Ad
Biz

මෙන්ඩිස් අරක්කු සමාගමට 'චාන්ස් එකක් දීලා' !

T

The Leader Desk

December 26, 2024 • 7:19 AM

මෙන්ඩිස් අරක්කු සමාගමට 'චාන්ස් එකක් දීලා' !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සීමාසහිත ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගම විසින් පැහැර හරින ලද රුපියල් බිලියන 5.8 ක දැවැන්ත බදු මුදලින් 50% ක් පියවීමට කටයුතු කරන්නේ නම්,
  • රාජ්‍ය භාණ්ඩාගාරයට හිඟ බදු මුදල් නැවත ලබාගැනීමටත්, සේවකයන් 600කගේ සහ තවත් යැපෙන්නන් 1,500කගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීමටත් ඇති ප්‍රායෝගිකම ක්‍රමය මෙය ලෙස හඳුන්වනු ලබන සුරාබදු කොමසාරිස් ජනරාල් යූ.එල්.
  • උදය කුමාර පෙරේරා, මෙම යෝජනාව මත්පැන් නිෂ්පාදකයාට ඉදිරිපත් කර ඇති බව ‘ඩේලි මිරර්’ වාර්තා කරයි.
  • මෙන්ඩිස් සහ සමාගමේ ඉතිරි අධ්‍යක්ෂ මණ්ඩලයට මම පසුගිය සතියේ යෝජනා කළේ ඔවුන් රජයට ගෙවිය යුතු පැහැර හරින ලද රුපියල් බිලියන 5.8ක බදු හිඟ මුදලින් අඩක් පියවා පසුව අත්හිටුවන ලද බලපත්‍රය නැවත ක්‍රියාත්මක කරවා ගන්නා ලෙසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

දැනට අත්හිටුවා ඇති මත්පැන් නිෂ්පාදන බලපත්‍රය නැවත ලබාදීමට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් යෝජනා කර ඇති බව වාර්තා වේ.

රාජ්‍ය භාණ්ඩාගාරයට හිඟ බදු මුදල් නැවත ලබාගැනීමටත්, සේවකයන් 600කගේ සහ තවත් යැපෙන්නන් 1,500කගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීමටත් ඇති ප්‍රායෝගිකම ක්‍රමය මෙය ලෙස හඳුන්වනු ලබන සුරාබදු කොමසාරිස් ජනරාල් යූ.එල්. උදය කුමාර පෙරේරා, මෙම යෝජනාව මත්පැන් නිෂ්පාදකයාට ඉදිරිපත් කර ඇති බව ‘ඩේලි මිරර්’ වාර්තා කරයි.

 

බදු නොගෙවන මත්පැන් සමාගමට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව සුරාබදු දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකදී සුරාබදු ප්‍රධානියා පවසා ඇත්තේ, ඔවුන්ගේ අත්හිටුවන ලද බලපත්‍රය යළි සක්‍රීය කර ගැනීම සඳහා ගෙවීමට ඇති හිඟ බදු මුදලින් 50%ක්, එනම් රුපියල් බිලියන 3ක හිඟ මුදල් පියවීමට නව යෝජනාවක් ඉදිරිපත් කළ බවයි.

 

“සීමාසහිත ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගමේ ඉතිරි අධ්‍යක්ෂ මණ්ඩලයට මම පසුගිය සතියේ යෝජනා කළේ ඔවුන් රජයට ගෙවිය යුතු පැහැර හරින ලද රුපියල් බිලියන 5.8ක බදු හිඟ මුදලින් අඩක් පියවා පසුව අත්හිටුවන ලද බලපත්‍රය නැවත ක්‍රියාත්මක කරවා ගන්නා ලෙසයි.

ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගමේ වැලිසර, මොරගල්ල සහ කල්කුඩා යන ප්‍රදේශවල පිහිටි ඔවුන්ගේ කර්මාන්ත ශාලා සඳහා නිකුත් කර ඇති සුරාබදු නිෂ්පාදන බලපත්‍ර තුනක් තිබෙනවා. කල්කුඩා මධ්‍යස්ථානය ස්ප්‍රීතු නිෂ්පාදන කම්හලක් වන අතර අනෙක් දෙක බෝතල් කම්හල්.

මෙම ආයතනයේ සේවකයන් 600ක් පමණ සහ ඔවුන්ගෙන් යැපෙන්නන්ගේ ජීවනෝපාය පිළිබඳව සොයාබැලිය යුතුයි. ඒ නිසා වඩාත් ප්‍රායෝගික ක්‍රමය වන්නේ රජයට සිදුවී ඇති පාඩුව පියවා ගනිමින් ඔවුන්ගේ ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමට අවස්ථාවක් ලබාදීමයි.” යැයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පවසා ඇත.

හිඟ බදුවලින් 50%ක් ගෙවීමට කාල රාමුවක් ලබා දෙන්නේ දැයි විමසූ විට ඔහු පවසාඅ ඇත්තේ, නියමිත කාල සීමාවක් තුළ එම මුදල ආපසු ගෙවීමේ හැකියාව සඳහන් යෝජනාවක් ඉදිරිපත් කිරීම සමාගමට පැවරෙන බවයි.

“ඔවුන් රුපියල් බිලියන 3ක් පියවූ පසු, ඔවුන්ගේ අත්හිටවූ නිෂ්පාදන බලපත්‍රය යලි සක්‍රීය කෙරෙන අතර, ඔවුන්ගේ නව නිෂ්පාදන බදු පියවීමේ කොන්දේසිය මත මාසිකව එය අලුත් කිරීමේ ක්‍රමවේදයකට යනවා,” ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

වසරක් පුරාවට අනතුරු ඇඟවීම් කිහිපයක්ම කළද ඒවා පිළිපැදීමට නොහැකි වූ අතර, රජයට ගෙවිය යුතු හිඟ බදු මුදල රුපියල් බිලියන 5.8ක් පැහැරහැරීම හේතුවෙන් සීමාසහිත ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සහ සමාගමට ලබාදී ඇති මත්පැන් නිෂ්පාදන බලපත්‍රය සුරාබදු දෙපාර්තමේන්තුව විසින් පසුගිය දෙසැම්බර් 04 වැනිදා අත්හිටුවන ලදී.

| ceylonwire


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...