නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම අද (26) පැවසීය.
ජාතික ජනබලවේගයේ මැතිවරණ සමයේ ප්‍රකාශ කළ පරිදි නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීමේ කාර්ය සඳහා සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ප්‍රමුඛ නිෂ්පාදකයන් ආරක්‍ෂා කිරීම සඳහා එම පියවර ගනුලබන බව ඔහු කියා සිටියේය.
‘පරාටේ’ නීතිය අත්හිටුවිමේ කාලය දීර්ඝ කිරීම ලබන මාර්තු මස අවසානයේ අවසන් වන බවත් ණය සම්බන්ධයෙන් බැංකු සමඟ කටයුතු කරන ව්‍යාපාරිකයන්ට පමණක් සහන කාලයක් හිමිවන බවත් ඔහු සදහන් කළේය.
ඒ අනුව ණය මුදල රුපියල් මිලියන 25 ක් හෙවත් රුපියල් කෝටි 2.5 ට අඩු ව්‍යාපාරිකයන්ට මාස තුනට අමතරව අමතරව තවත් මාස 9 ක සහන කාලයක් ද, ණය මුදල රුපියල් මිලියන 25 ත් 50 ත් අතර ව්‍යාාරිකයන්ට තවත් මාස 6 ක සහන කාලයක් ද, ණය මුල රුපියල් මිලියන 50 ට වැඩි ව්‍යාපාරිකයන්ට අමතර මාස 3 ක් ලැබෙන බවත් මෙම කාලය තුළ එම ව්‍යාපාර සම්බන්ධයෙන් අලුත් කිසිඳු නීතිමය කටයුත්තක් ආරම්භ නොකරන ලෙස බැංකුවට දැනුම්දී ඇති බවත් අමාත්‍ය සූරියප්පෙරුම පැවසීය.
ව්‍යාපාරිකයන් සඳහා ආණ්ඩුව දුන් සහන ඉතාම පැහැදිළිව මහ බැංකුවට යොමුකර තිබුණ ද එම බැංකුව වෙනත් දෙයක් ප්‍රසිද්ධ කර ඇති බව කී සූරියප්පෙරුම අමාත්‍යවරයා, එය නිවැරදි කරන ලෙස මහ බැංකුවට දැනුම්දී ඇති බව ද සඳහන් කළේය.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහනයක් ලෙස පරාටේ නීතිය අත්හිටුවීමේ කාලය මාස 3ක් නොව 6ක් දක්වා දීර්ඝ කරන්නැයි ශ්‍රී ලංකා ව්‍යවසායක සංවර්ධන කවුන්සිලය පසුගියදා රජයෙන් ඉල්ලීමක් කර තිබිණ.
සබැඳි පුවත් :
පරාටේ නීතිය අත්හිටුවීමේ කාලය මාස 3ක් නොව 6ක් දක්වා දීර්ඝ කරන්නැයි ඉල්ලීමක්



