කුමාර ජයකොඩි පවසයි.
අමාත්‍යවරයා එම අදහස් පළකලේ අද දින (26) බලශක්ති අමාත්‍යංශයේ පැවති ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය යටතේ ක්‍රියාත්මක කරන මධ්‍යම හා විශාල පරිමාණ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වල ප්‍රගතිය සහ ඊට අදාළ ගැටළු සාකච්ඡා කිරීමේ හමුව සදහා පැමිණ සිටි අදාළ ආයෝජකයන් හා කළ සාකච්ඡාවේදීය.
“කලාපයේ අධිකම බලශක්ති පිරිවැය දරන රටක් හැටියට අපි ඉන්නේ, ඒ තත්වය වෙනස් කරලා දරාගත හැකි සාධාරණ මිලකට බලශක්තිය ලබාදීම නව රජයේ අරමුණයි. රට සංවර්ධනය කරන්න නම් ඒ දේ කරන්නම ඕනේ. විශේෂයෙන් පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි අපි විශාල බලාපොරොත්තුවක් තබා තියෙනවා.
බලශක්ති උත්පාදනයට ආයෝජනය කරන්න පුද්ගලික අංශයේ අයට ඇති තරම් ඉඩකඩ ලබාදෙනවා. රජයටත් ආයෝජකයින්ටත් සාධාරණයක් ඉටුවන දෙපාර්ශවයටම ජය ලැබෙන ක්‍රමවේදය අනුගමනය කරන්න අපි කටයුතු කරනවා. අයෝජකයාගෙත් වටිනාකම් හා අපේක්ෂාවන් තේරුම් අරගත්ත රජයක් හැටියට අපි ඔවුන්ගේ ගැටළු වලට කඩිනම් විසදුම් ලබාදීලා රටේ බලශක්ති ඉලක්ක ජයගන්න ක්‍රියාකරනවා“ යැයි අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි එහිදී පැවසීය.
මෙහිදී පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට සම්බන්ධ ආයතන වල නියෝජිතයින් සමග එම ව්‍යාපෘතීන් මුහුණදී ඇති ගැටළු හා එම ව්‍යාපෘති වල වර්තමාන තත්වය මෙන්ම ප්‍රගතිය පිළිබදවද අදාළ වෙනත් කාරණා රැසක්ද සාකච්ඡා විය.
මෙම පුනර්ජනනීය ව්‍යාපෘතින් මගින් ඉදිරි වසර දෙකක කාලය තුළ මෙගාවොට් 500කට වඩා වැඩි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට බලාපොරොත්තුව වන බවද ඒ සදහා ඉහළ ශක්‍යතාවක් පවතින බවද මෙහිදි හෙළිවිය.
මෙහිදී මතුවූ ගැටළු නිරාකරණය කර ගැනීම සදහා අදාළ රාජ්‍ය ආයතන සමග එක්ව කටයුතු කරන ලෙසත් අවශ්‍ය කරන ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීමට ඉතා කඩිනමින් කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා මෙම අවස්ථාවට සහභාගීවූ රාජ්‍ය නිළධාරින්ට උපදෙස් ලබාදුන්නේය.
(සටහන |ශාන් මොහොමඩ්)
බලශක්ති උත්පාදනයට ආයෝජනය කරන්න පුද්ගලික අංශයට ඇති තරම් ඉඩකඩ
T
The Leader Desk
December 26, 2024 • 3:15 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- බලශක්ති උත්පාදනයට ආයෝජනය කිරීමට පුද්ගලික අංශයේ අයට ඇති තරම් ඉඩකඩ ලබාදෙන බව බලශක්ති අමාත්‍ය
- රජයටත් ආයෝජකයින්ටත් සාධාරණයක් ඉටුවන දෙපාර්ශවයටම ජය ලැබෙන ක්‍රමවේදය අනුගමනය කරන්න අපි කටයුතු කරනවා.
- මෙහිදී පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට සම්බන්ධ ආයතන වල නියෝජිතයින් සමග එම ව්‍යාපෘතීන් මුහුණදී ඇති ගැටළු හා එම ව්‍යාපෘති වල වර්තමාන තත්වය මෙන්ම ප්‍රගතිය පිළිබදවද අදාළ වෙනත් කාරණා රැසක්ද සාකච්ඡා විය.
- මෙම පුනර්ජනනීය ව්‍යාපෘතින් මගින් ඉදිරි වසර දෙකක කාලය තුළ මෙගාවොට් 500කට වඩා වැඩි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට බලාපොරොත්තුව වන බවද ඒ සදහා ඉහළ ශක්‍යතාවක් පවතින බවද මෙහිදි හෙළිවිය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


