The Leader News
BREAKING
Top Ad
Biz

ලංකා ඛනිජ වැලි සමාගමේ මුල් පුටුව අශෝක පීරිස්ට

T

The Leader Desk

December 28, 2024 • 4:24 AM

ලංකා ඛනිජ වැලි සමාගමේ මුල් පුටුව අශෝක පීරිස්ට  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හිටපු කීර්තිමත් නිලධාරියෙකු වන අශෝක පීරිස්, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ලංකා ඛනිජ වැලි සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්කර තිබේ.
  • ලංකාවේ මැතිවරණ පැවැත්වීමේ ක්‍රියාවලියට සක්‍රීය දායකත්වය දැක්වූ රාජ්‍ය නිලධාරියෙක් වන අශෝක පීරිස්, 2005 වසරේ දී පැවති මැතිවරණයේදී රාජ්‍ය විද්‍යුත් මාධ්‍යවල නිසි බලධාරියා ලෙසද කටයුතු කර තිබෙයි.
  • ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් ලෙසද වගකීම් දරා ඇති ඔහු වසර 35 ක කීර්තිමත් රාජ්‍ය සේවයකට හිමිකම් කියන නිලධාරියෙකි.
අකුරු ප්‍රමාණය (Font Size):


ජල සම්පාදන හා ජලාප්‍රවාහන අමාත්‍යාංශය, දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශ වල ලේකම්වරයා ලෙස වසර 10 ක් පරිපාලන සේවයේ ඉහළම තනතුරු දරා ඇති අශෝක පීරිස්, මීට පෙර 2015 – 2016 වසරවල ලංකා ඛනිජ වැලි සමාගමේ නිසි බලධාරියා ලෙසද කටයුතු කර ඇත.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳව ගෞරව උපාධිධාරියෙක් වන ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපතිවරයෙක් ලෙසද කටයුතු කර ඇත. ලංකාවේ මැතිවරණ පැවැත්වීමේ ක්‍රියාවලියට සක්‍රීය දායකත්වය දැක්වූ රාජ්‍ය නිලධාරියෙක් වන අශෝක පීරිස්, 2005 වසරේ දී පැවති මැතිවරණයේදී රාජ්‍ය විද්‍යුත් මාධ්‍යවල නිසි බලධාරියා ලෙසද කටයුතු කර තිබෙයි. ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් ලෙසද වගකීම් දරා ඇති ඔහු වසර 35 ක කීර්තිමත් රාජ්‍ය සේවයකට හිමිකම් කියන නිලධාරියෙකි.

රජය සතු වටිනාම රාජ්‍ය ව්‍යාපාරයක් වන ලංකා ඛනිජ වැලි සමාගම පූර්ණ විනිවිදභාවයෙන් සහිතව නිසි ක්‍රමවේදයකට අනුව ක්‍රියාත්මක කිරීමටත්, කැණීම් කටයුතු තව දුරටත් පුළුල් කරමින් රටට ඩොලර් උපයන ප්‍රධානතම මාර්ගයක් බවට ලංකා ඛණිජවැලි සමාගම පත්කිරීම සභාපතිවරයා ලෙස තමා බලාපොරොත්තු වන බව අශෝක පීරිස් තම නව වගකීම භාර ගනිමින් කියා සිටියේය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලංකා ඛනිජ වැලි සමාගමේ මුල් පුටුව අශෝක පීරිස්ට | The Leader