ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රය තුළ විවිධත්වය, සමානාත්මතාවය, හා අන්තර්ගතකරණය පෝෂණය කිරීමේ කාර්යයට ලබාදුන් නායකත්වය වෙනුවෙන් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග, 2024 වසරේ මෙරට හොඳම විවිධත්ව ශූරයින් 10 දෙනා අතරට එක් වීමට සමත් වි ඇත.
මෙම කීර්තිමත් සම්මානයෙන් මනතුංග පිදුම් ලැබුවේ, ‘ගෞරවනීය සේවා ස්ථාන’ වැඩසටහන යටතේ ලෝක බැංකු සමූහයේ සාමාජිකයෙක් වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සමඟ එක්ව Women in Management සංවිධානය මගින් සංවිධානය කළ ‘හොඳම විවිධත්ව ශූරයින් 10’ සම්මාන ප්‍රදානෝත්සවයේ දී ය.
අන්තර්ගතකරණය පෝෂණය කිරීමට ඔහු විසින් දැක්වූ නොසැලෙන කැපවීම තුළින් පසුබිම, වාර්ගිකත්වය, ස්ත්‍රී පුරුෂ භාවය යන කිසිවක් නොසලකා සෑම සේවකයෙකුම බලගැන්වීම මගින්, කොමර්ෂල් බැංකුව තුළ ගැඹුරු සංස්කෘතික පරිවර්තනයක් සිදු වී ඇති බව බැංකුව පවසයි.
සනත් මනතුංගවිවිධත්වය හා අන්තර්ගතකරණය ස්ථාපිත කිරීමට ඔහු සිදුකළ කැපවීම තුළින්, බැංකුව සාධාරණ නායකත්වයේ හිනිපෙත්තටම ගෙන යාමට හැකි විය. ඔහු බැංකු අංශයේ ප්‍රමිතීන් නැවත ප්‍රතිනිර්මාණය කරමින් සැබෑවට ම විවිධත්වයේ ශූරයෙකු වන්නේ කෙසේද යන්න මනාව පෙන්වා දී ඒ සඳහා නව මිණුම් සළකුණක් ද ස්ථාපිත කළේය.
සනත් මනතුංග ගේ මඟපෙන්වීම යටතේ විවිධත්වය, සමානාත්මතාවය, හා අන්තර්ගතකරණය ස්ථාපිත කිරීම උදෙසා වූ ශක්තිමත් කැපවීම සහ පාරිභෝගික අත්දැකීම් ඔප්නැංවීම වෙනුවෙන් නව්‍ය නිෂ්පාදන හා මුලපිරීම් රැසක් දියත් කර ඇත. විවිධ පාරිභෝගික අවශ්‍යතා සපුරාලමින් ආයතනය තුළ තිරසර බව ප්‍රවර්ධනය කිරීම සඳහා විවිධාකාර මූල්‍ය විසඳුම් නිර්මාණය කිරීමට මනතුංග මහතාගේ දැක්ම හරහා බැංකුව මෙහෙයවී ය.
ආයතනය තුළ ස්ත්‍රී පුරුෂ සේවක සමතුලිතතාවය ප්‍රවර්ධනය කිරීමට කොමර්ෂල් බැංකුව දියත් කළ ප්‍රයත්නයන් නිසාවෙන් මේ වන විටත් ආයතනික හා ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය යන දෙඅංශයේම ඉහළ කාන්තා නියෝජනයක් පවතී. වෘත්තීය උසස් වීම් ලබා දීමේදී හා නායකත්ව පත් කිරීම් වලදී කාන්තාවන් සඳහා සමාන අවස්ථා ලබා දීමට බැංකුව දැක්වූ කැපවීම මෙමගින් මනාව පිළිබිඹු වේ.
මීට අමතරව, බැංකුව සමාන වැටුප් ප්‍රමිතීන් ආරක්ෂා කරන අතර ඒ හරහා ස්ත්‍රී පුරුෂභාවය මත පදනම් වූ වැටුප් විෂමතා සියල්ල ඉවත් කරමින් විවිධ භූමිකාවන් වල නියැලෙන සියළුම කාන්තා සේවා නියුක්තිකයින් හට ඔවුන්ගේ දායකත්වය වෙනුවෙන් සාධාරණ ලෙස වැටුප් ලබා දීම සහතික කරයි.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.



