මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉදිරිපත් ව තිබූ විරෝධතාවක් සම්බන්ධයෙන් පසුගියදා ඉන්දීය අධිකරණයක් මගින් තීන්දුවක් ලබා දෙමින් අදාළ මුඩුක්කු සංකීර්ණය ප්‍රතිසංස්කරණය කිරීමේ කොන්ත්‍රාත්තුව අදානි සමූහය වෙත පිරිනැමීමට නියෝග කර තිබේ.
අදානි සමූහය 2023 දී ධාරාවි මුඩුක්කුව නවීන නගර කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා ඩොලර් මිලියන 619 ක ටෙන්ඩරයක් ඉදිරිපත් කළේය. එහෙත් මීට පෙර එම ටෙන්ඩරයේ ජයග්‍රාහකයා වූ ඩුබායිහි සෙක්ලින්ක් ටෙක්නොලොජීස් කෝපරේෂන් සමාගම (SecLink Technologies Corporation) මෙලෙස ඊට එරෙහිව විරෝධතා ඉදිරිපත් කර තිබුණි.
මෙම ව්‍යාපෘතිය නොමිලේ නිවසක් ලබා ගැනීම සඳහා පැල්පත්වාසීන්ගේ සුදුසුකම් තීරණය කිරීම සඳහා වන නව සමීක්ෂණයක්ද සමඟ මාර්තු මාසයේදී මෙම ව්‍යාපෘතිය ආරම්භ වීමට නියමිත ඇතැයිද අදානි සමූහය සඳහන් කර සිටියි.
හෙක්ටයාර 240ක විශාලත්වයක් ගන්නා මෙම ධාරාවි මුඩුක්කු සංකීර්ණය ආසියාවේ වැඩිම ජනඝනත්වයක් සහිත මුඩුක්කුවක් ලෙසත් සැලකෙයි. එය වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ ඩැනී බොයිලේ විසින් 2008 වසරේදී නිර්මාණය කරන ලද ඔස්කාර් සම්මාන දිනූ ‘ස්ලම්ඩෝග් මිලියනයර්‘ (slumdog millionaire) සිනමාපටයත් සමගිනි.
| enbsl



